ආපදාවට පත් ජනතාවට සහන දීමට ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න - නාමල් රාජපක්ෂ

ආපදාවට පත් ජනතාවට සහන දීමට ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න - නාමල් රාජපක්ෂ

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත් අයහපත් කාලගුණික තත්ත්යෙන් පීඩාවට පත් ජනතාවට මේ දක්වා කිසිදු වන්දියක් ලැබී නැති බව ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

ජනතාවට අවශ්‍ය උත්සව නොවේ

''දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටම්වල නිලධාරීන්ට  දිසාපතිවරුන්ට, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන්ට  ආපදාවට ලක්වූ ජනතාවට වන්දි ලබාදීමේ ක්‍රියාපටිපාටි පිළිබඳව විධිමත් ලෙස ලිඛිතව දැනුම් දී නැහැ. ජනාධිපතිවරයා වන්දි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඇතැම් ප්‍රකාශ නිකුත් කර තිබුණ ද, දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල දී ඊට පටහැනි දේවල් ඉදිරිපත් කර තිබෙනවා. මරණ සහතික නිකුත් කිරීම සඳහා දේශපාලන අධිකාරිය උත්සව පවා තිබීම කණගාටුවට කරුණක්. උත්සව සඳහා කාලය නාස්ති කිරීම වෙනුවට ජනතාවට අවශ්‍ය වන්නේ ඉඩම් ඔප්පු සහ ස්ථිර විසඳුම්.

ජනතාවට, තම ගැටලු ප්‍රකාශ කිරීමට නිසි යාන්ත්‍රණයක් නැහැ

ජනතාවට සහන දීමට ප්‍රායෝගික ප්‍රවේශයක් දැන්වත් ලබාගත යුතු යි. බලපෑමට ලක් වූ ප්‍රජාව සමඟ සෘජුව සම්බන්ධ වන්න. තවමත්  ජනතාවට තම ගැටලු ප්‍රකාශ කිරීමට නිසි යාන්ත්‍රණයක් නැහැ. ඔවුන් තම ගැටලු බෙදා ගන්නේ අප ඔවුන් බැලීමට ගිය විට පමණයි. අයහපත් කාලගුණයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූවන්ට ප්‍රමාණවත් ලෙස සහාය වීමට රජය අපොහොසත් වී තිබෙනවා. බොහෝ අවතැන් වූ පවුල් තාවකාලික නවාතැන්වලින් තම නිවෙස් වෙත ආපසු යා හැක්කේ කවදාද යන්න පිළිබඳව අවිනිශ්චිතව සිටිනවා. ඉවත් කිරීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ගම්මානවලට තවමත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ  නිලධාරීන් ගිහින් නැහැ. බලපෑමට ලක් වූ ප්‍රජාව ගැටලු විසඳීමට සහ කාලෝචිත සහන සහ නැවත පදිංචි කිරීමේ පියවර සහතික කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්න.''


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න