පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත සහ නිෂ්පාදන පිළිබඳ විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරී කණ්ඩායමක් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඔහු පාකිස්ථාන - ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වැනි සැසිවාරයට සහභාගි වීමට නියමිතය.
මෙම සැසිවාරය හරහා දෙරට අතර ආර්ථික සහ වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
වෙළඳ, වාණිජ,ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම සැසිය සංවිධානය කර ඇති අතර ඔවුන් ඊයේ (27) දින පස්වරු 04.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
මෙම දූත පිරිස පිළිගැනීමට මෙරට රජයේ උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
