#newstube

  • අල ලූනු ප්‍රශ්නයට රජයේ විසඳුම මෙන්න ! - 'කෙළව ගන්නව කෙළව ගැනිල්ලක් ආයෙ ලොවෙත් නැතිවෙන්න'

    අල සහ ලූනු සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා ලබන වසරේ සිට කිසිදු අඩුවක් නැතිව මිලදී ගැනීමට රජය සැලසුම් කර ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය.

  • අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් මනූෂට ඇප

    ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදු වු බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර  ඇප මත මුදා හැරීමට අධිකරණය අද (ඔක්. 15) නියෝග කළේ ය.

    සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මිලියන 4 ශරිර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මෙලෙස මුදා හැරිණි.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනිණි.

     

     මෙම පුවතට අදාල තවත් විස්තර

     

    අපේක්ෂිත ඇප අහිමි වූ මනුෂ අල්ලස් කොමිසමට එයි

  • අල්ලස් කොමිසමේ ලොක්කා ජවිපෙ නීති අංශයේ සාමාජිකයෙක්- ජවිපෙ හිටපු පාලක ලේකම් කියයි

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ නීතිය අංශයේ සාමාජියෙක් යයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාලක ලේකම් නන්දන ගුණතිලක සදහන් කරයි.

    ඔහු එ බව කියා සිටියේ 'හිරු රූපවාහිනීයේ' පැවැති දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

    එකල තමන් යටතේ නීති අංශය පැවැති බවත් එහි ලේකම්වරයා ලෙස කටයුතු කලේ සුනිල් වටගල බවත් ඊට අදාළ සියලු සාක්ෂි තමන් සතු බවත් හෙතෙම එහිදී කියා සිටියේය.

    ඊට අදාළ අත්සන් ලේඛන පවා තමන් සතුව ඇති බවද හෙතෙම අවධාරණය කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නන්දන ගුණතිලක,

     



    “අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හරහා මේක විසදා ගන්න බෑ. මම කැදවපු නීති කමිටුවේ හිටපු කෙනෙක් තමයි අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්. පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙක් විදියට මට තමයි නීති අංශය පැවරිලා තිබුණේ. නීති අංශයේ ලේකම් විදියට දැම්මේ වටගල. සාමාජිකයෙක් තමයි රංග දිසානායක.

    මම ගෙනියන්න කියන්න ඕනම තැනකට. මම ළග තියෙනවා අත්සන් ලේඛන. පුලුවන්නම් ගෙනියන්න කියන්න. එහෙම මිනිස්සු දාගත්තේ ඇයි? මේවා යට ගහන්න. දැන් මේවා ඇදෙනවානේ. දූෂණ විරෝධී පනත යටතේ මේවා එළියට එනවා කියලා දන්නවානේ. ඒක නිසා රවිලා, ශානිලා රංගලා, කස්ටම් එකට කෙනෙක් දාගත්තානේ. මේ සේරම දාගත්තේ වහගන්න”

     

     



  • අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයකු වන නන්දන ගුණතිලක විසින් පසුගිය දා කළ ඇතැම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අද දින උත්තර බැඳ තිබේ.

    අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු බව නන්දන ගුණතිලක පසුගියදා කල ප්‍රකාශය දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයට ලක්ව තිබේ.

    කොමිසමට එරෙහි චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්, මෙම අපහාස කිරීම් වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

    ඇතැම් පුද්ගලයින් හා ආයතන විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව සම්බන්ධයෙන් පදනම් විරහිත සහ නොමග යවන සුළු ප්‍රකාශ විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ඇතුළු විවිධ ක්‍රම ඔස්සේ ප්‍රචාරය කිරීමේ යෙදී සිටින බව අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව පවසයි.

     අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙවැනි ක්‍රියා තුලින් කොමිෂන් සභාවේ කීර්ති නාමයට හානි පමුණුවන අතර ම, දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රධාන විමර්ශන වෙතින් ජනතා අවධානය වෙනතකට යොමු කිරීම මෙන්ම කොමිෂන් සභාව විසින් සිදු කරන කටයුතු නීත්‍යානුකූල ව කෙරෙන්නේ ද යන්න සම්බන්ධයෙන් විකෘති සහගත මතයක් නිර්මාණය කිරීමට ද හේතු වන බවයි.

     අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව අද දින (02) නිකුත් කල නිවේදනය මතු පළවේ.


    MEDIA RELEASE 2025 104 page 0001 800x1131



    ''අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජවිපෙ නීති කමිටුවේ හිටපු කෙනෙක්. මං ළඟ තියෙනවා අත්සන් ලේඛන'' - නන්දන


    අල්ලස් කොමිසමේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මීට දශක දෙකකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ සාමාජිකයකු බවත් එම කමිටුව කැඳවූයේ එවකට ජවිපෙ දේශපාලන බලමණ්ඩල සාමාජිකයකු වූ තමන් විසින් බැවින් තමන් මේ පිළිබඳ හොඳින්ම දන්නා බවත් පානදුර හිටපු නගරාධිපති නන්දන ගුණතිලක පවසයි.

    “අල්ලස් හෝ දූෂණ කොමිසම හරහා මේක විසඳාගන්න බැහැ. ඒකට දාලා තියෙන්නෙ ඒගොල්ලොන්ගෙ මිනිස්සු. මම කැඳවපු නීති කමිටුවේ ඉඳපු කෙනෙක් තමයි අද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්. මම පක්ෂයේ දේශපාලන බලමණ්ඩල සභිකයෙක් විදියට මට තමයි නීති අංශය පැවරිලා තිබුණේ. නීති අංශයේ ලේකම් හැටියට අපි දැම්මේ වටගලව. ඒකෙ සාමාජිකයෙක් තමයි රංග දිසානායක කියන්නෙ. මාව ගෙනියන්න කියන්න ඕනෙ තැනකට, මං ළඟ තියෙනවා අත්සන් ලේඛන. අත්සන් කරපුවා. ගෙනියන්න කියන්න පුළුවන් නම්. එහෙමයි. එහෙම මිනිස්සුන්ව දාගත්තෙ ඇයි ? මේවා යටගහන්න. දැන් මේවා ඇදෙනවානෙ. අර දුෂණ විරෝධී පනත යටතේ අනිවාර්යයෙන්ම මේවා එළියට එනවා කියලා දන්නවානෙ. ඒ නිසා මේ රවීලා, ශානිලා, රංගලා, දැන් අර රේගුවටත් එක්කෙනෙක් දැම්මානෙ. ඔය ඔක්කොම දාගත්තෙ මේ ටික වහගන්න”

    නන්දන ගුණතිලක මේ බව පැවසුවේ පසුගියදා  (සැප්තැම්බර් 25) හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සජීවී දේශපාලන සංවාදයකදී ය.



    Screenshot 2025 10 02 150846

  • අල්ලසින් කප් එක පොලිසියට

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම වසරේ පළමු මාස 9දී සිදුකළ වැටලීම්වලදී අල්ලස් හෝ දූෂණ චෝදනා මත වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන්නන් බවත් එම කොමිසම නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

  • අලි කොරිඩෝ 3ක් මේ වන විට නිදහස්, ඉතිරි කොරිඩෝත් හැකි ඉක්මනින් නිදහස් කරනවා - නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි

    මේ වන විට අලි කොරිඩෝ තුනක් නිදහස් කර ඇති බවත්, ඉතිරි කොරිඩෝ ද හැකි ඉක්මනින් ඉවත් කරන බවත් පාරිසරික නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පැවසී ය.

  • අලුත් අවුරුද්දට පෙර යුද්ධය අවසන් වෙනවා - අශෝක අභයගුණවර්ධන (වීඩියෝ)

    එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දට ප්‍රථම මැදපෙරදිග කලාපය සහ ඇමරිකාව අතර පවතින යුද්ධය නිමා වනු ඇතැයි දේශපාලන සහ ආර්ථික විශ්ලේෂක අශෝක අභයගුණවර්ධන පැවසී ය.

  • අලුත් ආණ්ඩුවට ඔවුන් ගේ වැඩකටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න - නන්දිමිත්‍ර ඒකනායක

    අලුත් ආණ්ඩුවට ඔවුන් ගේ වැඩකටයුතු කරගෙන යෑමට ඉඩ දී කාලයක් බලා සිටිය යුතු යැයි හිටපු අමාත්‍යවරයකු වන නන්දිමිත්‍ර ඒකනායක පැවසී ය.

  • අලුත් පොහොසතුන් ගැන නාමල් ගෙන් අනාවරණයක්

    රටේ ජනතාව කෙසේ වෙතත් ආණ්ඩුවේ එකසිය පනස් නව දෙනා නම් පොහොසත් වුණු ආකාරය වත්කම් බැරකම් ප්‍රකාශ වලින් හොදින්ම දුටු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසීය.

    හැත්තෑ අවුරුදු ශාපයක් තුළ කෝටිපතියන් වූයේ කෙසේදැයි ප්‍රශ්නයක් බවද ඔහු සඳහන් කළේය.

    අවුරුදු 76 දී කෝටිපතියන් නොවුනානම් පහුගිය අවුරුදු කිහිපයේදී කෝටිපතියන් වූයේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බව පැවසූ මන්ත්‍රීවරයා ඒ ප්‍රශ්නයටත් එක එක අය එක එක විදිහට පිළිතුරු ලබාදී ඇතැයිද ප්‍රකාශ කළේය.

    ඔහු මෙසේ පැවසුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

    ධීවර කර්මාන්තය රබර් කර්මාන්තය බිඳ වැටී ඇති බවත් විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට අද තියෙන ලොකුම වේදනාව රැවටුණු එක බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

    බය කරලා දේශපාලනය කරපු කාලය ඉවරයි යැයිද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

    ධීවර කර්මාන්තය සියයට 34කින් වැටී ඇතැයිද මෙහෙම ගියොත් පිටින් මාළු ගෙනවිත් කන්න සිදුවන්නේ යැයිද ඔහු ප්‍රකාශ කළේය.


    n

  • අවකාශ තැනීමේ පිකාසෝ; සිරිමල් විජේසිංහ

    සිරිමල්ව මං අදුරගන්නෙ පාරාදීසය පත්තරෙන්.

  • අවතැන් වූවන්ට දිලිත් ගෙන් සහන රැසක්

    කැඩුණු නිවාස හරියට ම සතියකින් සාදා දෙන බවත්, අද සිට දින ගණන් කර බිත්තියෙත් ලියා තබාගන්නා ලෙසත් සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර කටාන ප්‍රදේශයේ ආපදාවට ලක් වු පිරිසකට පැවසි ය.

  • අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 5.0ක්

    අද (23) අලුයම් කාලයේදී දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 5.0ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

  • අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි පුද්ගලයාට එරෙහි නඩුව නොවැම්බර් 11තෙක් කල් යයි

    අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තා  සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා නඩුව ලබන නොවැම්බර් මස 11 තෙක් කල් තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (17) නියෝග කළේ ය.

  • අවසන් විරෝධය වූ සොබිබෝර් හි නර්තනය:

    1943 වසරේ උදෑසනක් විය. ඒ, පෝලන්තයේ පිහිටි නාසි මරණ කඳවුරක් වූ සොබිබෝර් හි සිදුවීම් බොහෝමයක් වගේම අතිශයින්ම අඳුරු, බියජනක උදෑසනකි.

  • අවසානයේ සනත්, අරවින්ද නොවීය...

    සනත් ගුණතිලක,රංගන ශිල්පිණි සහා ලයිකා production ආයතනයේ උප සභාපතිනි ජානකි විජේරත්න අතර විවාහය සිදුවිය.

  • අවුරුද්දට සුරාසැල් වැහෙන දවස් මෙන්න

    එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබීම සම්බන්ධව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

  • අවුරුදු නැකතෙහි දෝෂයක්

    මෙවර සිංහල අවුරුද්ද වෙනුවෙන් රජය නිකුත් කළ නැකැත් පත්‍රයෙහි බරපතළ දෝෂ ඇතැයි ඉන්දික තොටවත්ත ඇතුළු පිරිසක් පවසති.

  • අවේලාවෙහි නිවසකට ඇතුළු වූ හිමිනමක් වරද පිළිගනී

    එප්පාවල, ඇඳගල නල්ලමුදාව බටහිර ප්‍රදේශයේ පිහිටි නිවසකට අවේලාවේ ඇතුළු වූ ප්‍රදේශයේ විහාරස්ථානයක 42 හැවිරිදි විහාරාධිපති හිමිනමක් ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාර දෙන ලද පුවතක් එප්පාවල පොලිස් වසමෙන් වාර්තා වේ.

  • අශෝක පතිරගේලගේ ආසිරි රෝහලේ කෙරුවාව මෙන්න !

    ඊයේ (25) දිනයේ මහජන අවධානයට ලක් විය යුතු නියෝගයක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් දීලා තිබුණා.

    ඒ සොෆ්ට්ලොජික් වැනි මහා ව්‍යාපාරවල අධිපතියෙක් වෙන අශෝක් පතිරගේ ඇතුළු ඔහු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරන ආසිරි රෝහල් සමූහයේ අධ්‍යක්ෂවරු පිරිස අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා.

    මොන හේතුවකට ද ඒ?

    අනුග්‍රාහකත්ව ප්‍රශ්න නිසා ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් එළියට නොආපු කතාවක් මේකට සම්බන්ධ බව කියන්නට ඕන.

    නෛතික කරුණු විස්තර නැතිව සැකෙවින් මේ ගැන කිව්වොත්, 2023 වසරේ දී නුගේගොඩ පදිංචි මවක් රෝගාතුර වෙනවා, ඇයගේ පුත්‍රයා වන සනත් අතුකෝරල ඇයව නාරාහේන්පිට ආසිරි‌ රෝහලට ඇතුළත් කරනවා. ප්‍රතිකාරවලින් පසු එහි ඖෂධහලෙන් මිලට ගන්නා ඖෂධ මිල පරීක්ෂා කිරීමේදී හෙළි වෙන්නෙ ජාතික ඖෂධ නියාමන අධිකාරි පණත මගින් නියම කරලා තියන මිලට වඩා ඉතා ඉහළ මිලකට ඖෂධ ගණනාවක් නිකුත් කරලා බිල් කරලා කියලා.

    උදාහරණයක් විදිහට රුපියල් 200කට ආසන්න මිලකට එවක තිබු සේලයින් බෝතලයකට රුපියල් 1200ක වගෙ මිලක් නියම කර අය කිරීමක්.

    මෙහිදී සනත් අතුකෝරල නීතිය ඉදිරියට යන්න තීරණය කරනවා. ඒ වෙලාවෙ වගකිව යුතු කිසිදු ආයතනයකින් හොඳ සහයෝගයක් නොලැබුණත් ඔහු ඒ සටන ගෙනියනවා කියන ස්ථාවරයේ ඉන්නවා. මේ සටන අතරමැද්දෙ තමයි සනත්ව මටත් හමුවෙන්නෙ. රෝහලෙන් සන්තෝසමක් අරන් ඒක අමතක කරලා දාන්න ඔහුට ඕනෑ තරම් ඉඩ තිබුණා. ඔහු ව්‍යාපාරිකයෙක්. කොහොම නමුත් මේ අසාධාරණයට විරුද්ධව ඔහු නොනැවතී සටන් කරන්න තීරණය කරනවා.

    මෙහි අතරමැදකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඔහු සමඟ එක් වෙනවා.

    මේ නඩු කටයුත්ත කියන්නෙ ඇත්තටම ඇති හැකි සල්ලිකාරයන් සහ නීතිය අතර ද්වන්ද සටනක් කියලා කියන්න පුළුවන් ජාතියෙ පර්යේෂණ විෂයක්.
    මෙම නඩුකරය අතර මැද්දෙ හරි හරි දේවල් සිද්ධ වෙනවා.

    මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වන ලෝචනී අබේවික්‍රම වීරසිංහ නිවාඩු ලබාගත් අවස්ථාවේ වැඩබලන මහේස්ත්‍රාත්වරියක් කැඳවගෙන, පැමිණිලි පාර්ශ්වයේ කිසිවෙකුත් නැතුව චෝදනා සියල්ලටම වරද පිළිගෙන ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය රුපියල් 25000ක දඩයකුත් ගෙවලා නඩුව ඉවර කරගන්නවා.

    ඒත් ඒ විදිහට මේක යටපත් වෙන්න ලැබෙන්නෑ. අදාළ වැඩබලන මහේස්ත්‍රාත්වරියට එදිරිව විමර්ශනයක් පවා ඇරඹෙනවා.

    ඔබ අප කවුරුත් දැකලා තියනවා, ඖෂධ අලෙවියෙදී යම් වරදක් සිදු වුණාම අදාළ ෆාමසි හිමිකරුවන් ජනතාවගෙන් සමාව ඉල්ලලා භාෂා තුනෙන් පුවත්පත් දැන්වීමක් පළ කරනවා. ඒක මෙවැනි නඩුවක වරදකරුවන්ට අදාළ වැදගත්ම නියෝගයක්. ඒ වගෙම මෙම නඩුවේ චෝදනාවලට අනුව ලක්ෂ ගණනක දඩයක් නියම විය හැකි වුණත් අදාළ ප්‍රශ්නගත තීන්දුවෙ දඩය රුපියල් 25000ක්.

    නීතිය පිළිබඳ විශ්වාසය සනත් අතුකෝරල කෙරේ බිඳ නොදමා නඩුව නැවත කැඳවෙනවා. මෙහි තිබෙන විශේෂම දේ තමයි කිසිදු අවස්ථාවක මෙම නඩුවේ චූදිතයන් අධිකරණය හමුවට නොපැමිණීම. අදාළ පුවත්පත් දැන්වීම පළ නොකර සහ අධිකරණය හමුවට නොපැමිණ මෙය අවසන් කරගන්නට ඔවුන්ට බොහෝ වුවමනාවක් තිබුණ බව නිරීක්ෂණය කරන්න පුළුවන්.

    ප්‍රකට ව්‍යාපාරිකයන්ගේ කීර්තිය සහ ව්‍යාපාරයේ සන්නාම කීර්තිය පැත්තෙන් සලකලා ඔවුන් මේ වටවංගුව ගහන බව පෙනෙන්නට තිබෙනවා.

    කොහොම වුණත්, ඊයේ ලබා දුන් අධිකරණ නියෝගයේ තිබෙන්නේ, ඉතා වැදගත් යමක්. එහිදී පැවසෙන දේ තමයි පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන් නීතියට ඉහළින් නෑ කියන එක. ඔවුන් පමණක් නොවෙයි, කිසිවෙකුත් නීතියට ඉහළින් සිටිය නොහැකියි.

    ව්‍යාපාරිකයන්ගේ ගොඩනැගීමේ මාර ධනාත්මක සහ ඔවුන්ගේ යහපැවැත්ම ගැන පම්පෝරි දෙසන කිසිවෙකු අන්ත අසරණ බවට පැමිණි රෝගීන් මෙලෙස ප්‍රාණ ඇපයට ගෙන අමු අමුවේ මංකොල්ල කෑම ගැන කිසිවක් කියන්නේ නැහැ.

    මෙයට පෙරත් මේ ගැන අප දීර්ඝව සඳහන් කළා. තවත් අවස්ථාවක වෙනත් පෞද්ගලික රෝහලක නොපණත්කමක් ගැන එවක අපගේ වෙබ් අඩවියේ පළ කළ විට අපට සන්තෝසම් ලබා දෙන්නට සූදානම් වුණා. (ඒවායේ හඬ පට තිබෙනවා.)

    තනි මිනිසෙක් පසු නොබා පොදු යුක්තියක් වෙනුවෙන් කළ සටන වෙනුවෙන් සියලු දෙනා වචනයකින් හෝ දායක වීම අත්‍යාවශ්‍ය දෙයක්!

    ( සටහන | සඳුන් ප්‍රියංකර විතානගේ)

    උපුටා ගැනීම - නීති උපදෙස්Public group ෆේස්බුක් පිටුවෙන් ..

     

    මෙම ලිපියට අදාල වැඩි දුරටත් විස්තර :

    වැඩි මිලට බෙහෙත් වික්ක පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු - ( lankadeepa | මනෝප්‍රිය ගුණසේකර)

     

  • අස්වැසුම පළමු අදියර නොවැම්බර් දීමනාව හෙට (13)

    අස්වැසුම පළමු අදියර නොවැම්බර් මසට අදාළ ප්‍රතිලාභී දීමනාව හෙට (13) බැංකු ගත කෙරෙන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් නිමල් කොටවලගෙදර ප්‍රකාශ කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න