කාන්තාවන් පිළිබද ජාතික කොමිෂන් සභාවේ හිටපු සභාපතිනිය වූ ආචාර්ය රමණි ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ අදාළ අමාත්‍යාංශය විසින් කොමිසමේ ස්වාධිනත්වයට හානි කරන අයුරින් පරිපාලනමය මැදිහත්වීම් සිදු කරමින් කොමිසම අමාත්‍යාංශය යටතට ගැනීමට උත්සාහ කරන බැවින් යැයි මාධ්‍ය වාර්තා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
කාන්තාවන් සතු දේශපාලනික, ආර්ථික සහ සමාජීය අයිතිවාසිකම් හුදෙක් නීති පොත්වලට හෝ ලේඛනවලට පමණක් සීමා නොකර, ඒවා මෙරට සෑම කාන්තාවකගේම සැබෑ ජීවිතය තුළ අත්විඳිය හැකි යථාර්ථයක් බවට පත්කිරීම රජයේ වගකීම බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.
කාන්තාවන් පිළිබද ජාතික කොමිෂන් සභාව ගැසට් කර නොමැති බවට කාන්තා කටයුතු අමාත්‍යවරිය පැවසුව ද එය ගැසට් කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරන විට ආණ්ඩු පක්ෂයෙන් බාධා ඒල්ල කර ඇතැයි වාර්තා වේ.
මෙරට කාන්තාවන් මිලියන එකොළහක් සිටින නමුත් කාන්තා පිළිකා රෝග සම්බන්ධව ප්‍රතිකාර කිරීමට සිටින්නේ වෛද්‍යවරුන් පස් දෙනෙකු පමණක් බව මහරගම අපේක්ෂා රෝහලේ සහ කරාපිටිය ජර්මන් මිත්‍රත්ව රෝහලේ කාන්තා පිළිකා ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය කැළුම් ජයසිංහ පැවසීය.
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සුදුසුකම් ලබා සිටිති.
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (29) ආරම්භ වෙයි.
අද (16) අලුයම් කාලයේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් 35 හැවිරිදි කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.
ගැලනිගම සහ කහතුඩුව අතර මෙම අනතුර සිදුව ඇත
වෑන් රථයේ රියදුරු, පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු සමග ළමුන් තිදෙනෙකු ද එ අතර වේ. ඔවුන් හෝමාගම සහා කළුබෝවිල යන රෝහල් වලට ඇතුලත් කර ඇති අතර එහි දි හෝමාගම රෝහලට ඇතුළත් කළ එක් කාන්තාවක් මියගොස් ඇත.
මේ සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ප්‍රංශ ජනපති බිරිඳ බ්‍රිජිට් මැක්‍රොන් විසින් තමන් කාන්තාවක් බව ඔප්පු කිරීම සඳහා අවශ්‍ය ඡායාරූප සහ විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අමෙරිකානු දේශපාලන විචාරකවරියක් වන Candace Owens විසින් ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ බිරිඳ වන බ්‍රිජිට් මැක්‍රොන් පිරිමියෙකු ලෙස උපත ලැබූ අයෙක් බවට චෝදනා එල්ල කර තිබීම හේතුවෙන්.
ඒ අනුව, ඇයට එරෙහිව නීතිමය පියවර ගැනීමට ප්‍රංශ ජනපති සහ ඔහුගේ බිරිඳ බ්‍රිජිට් මැක්‍රොන් විසින් අමෙරිකානු අධිකරණයක් හමුවේ කටයුතු කර ඇත.
ඔවුන්ගේ නීතිඥ ටොම් ක්ලෙයාර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම අපහාසාත්මක ප්‍රකාශය, වෘත්තියක් සහ පවුල් ජීවිතයක් සමඟ ගැටෙන ඕනෑම අයෙකුට මෙන්ම රටක ජනාධිපතිවරයෙක් වූවද ජනපති එම්මානුවෙල් මැක්‍රොන්ට ද බලපෑම් ඇති කරන බවයි.
ඉදිරියේ දී විද්‍යාත්මක විශේෂඥ සාක්ෂි හෙළිවෙනු ඇති බවත් චෝදනා අසත්‍ය බවට සම්පූර්ණයෙන්ම ඔප්පු කිරීමට යුවළ සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත
කාන්තාවන් සහ දරුවන් ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නම් නීතිය මීට වඩා කාර්යක්ෂම විය යුතු බවත්, ඇරඹූ වෙනස ඉදිරියට ගෙන යෑම සඳහා කාන්තාවන්ද ඉදිරියට පැමිණිය යුතු යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.
''මගේ බිරිඳ නීතිඥවරියක් (ඇයගේ සේවා දායක ගැටලුවක් නිසා නම් සඳහන් කළ නොහැකි ය.) ඇගේ මාසික ආදායම ලක්ෂ හත ඉක්මවයි.
අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය 11 වැනිදා පෙර දැනුම් දීම් කර ඇති බවට විපක්ෂය සාක්ෂි සහිතව ඊයේ රට හමුවේ අනාවරණ කළේය.
සුළි කුණාටු තත්ත්වය දිවයිනෙන් බැහැරට ගමන් කිරීමත් සමග සෘජු බලපෑම් ඉවත් වුවද, වක්‍ර බලපෑම් තවදුරටත් පවතින බවත්, ඒ හේතුවෙන් උතුර, උතුරු මැද, ඊසාන දිග සහ මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කරයි.
අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණ ඒකක 4.6ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.
ලංකාවේ සමරිසි පුද්ගලයින් (කාන්තා පිරිමි දෙපාර්ශ්වය ම) ඔවුන්ට විවාහ වන්නට ඉඩ ලබා දෙන්නැයි ඉල්ලා නොසිටිය දී ම මෙරට ආගමික නායකයින් සහ අන්තවාදිහු එයට විරෝධය පාන තත්ත්වයක් යටතේ මගුල් පෝරුවක නැග සමරිසි විවා දිවියට ඇතුළත් වූ කැනඩා ජාතික ජෙනිෆර් සහ ලාංකික කාන්තාවක වන සිතාරා පිළිබඳ විසිතුරු පුවතක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරයි.
මතු පළ වන්නේ ජෙනාෆර් සහ සිතාරා හෙළ කුළ සිරිතට අනුව මංගල පෝරුවේ දී විවාහවූ අවස්ථාව ය.
විදේශයකදී බෞද්ධ විහාරස්ථාන සඳහා මාර්ග සංඥා ස්ථාපනය කළ ලෝකයේ පළමු නගරය බවට කැනඩාවේ ඔටාවා අගනගරය පත්ව තිබෙනවා.
එය සිදුවන්නේ ශ්‍රී ලාංකිකයකුගේ මූලිකත්වයෙන් වීම විශේෂත්වයක්.
ඔටාවා අගනගරයේ මහජන කාර්ය හා සේවා දෙපාර්තමේන්තුව, රථවාහන මෙහෙයුම් අංශය සමඟ එක්ව, නගරය තුළ බෞද්ධ විහාරස්ථාන හඳුනාගැනීම සඳහා මාර්ග සංඥා පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා.
"මේ වනවිට සංඥා 14ක් පිහිටුවලා තියෙනවා. ශ්‍රී ලාංකික විහාරස්ථාන පමණක් නෙවෙයි, මෙහි කාම්බෝජ, වියට්නාම සහ තායි ප්‍රජාවන්ට අයත් විහාරස්ථානවලට යන මාර්ගත් සලකුණු කර තිබෙනවා” කැනඩාවේ ඔටාවා හි Buddhist Embassy සංවිධානයේ නිර්මාතෘ සහ ව්‍යවසායක විසිත සිරින් ලීලරත්න පැවසුවා.
"මෙමගින් විහාරස්ථානවලට යන මාර්ග සොයාගැනීම පහසු වී තිබෙනවා වගේම, ඊට රියදුරන්ගෙන් ඉහළ ප්‍රශංසාවක් ලැබී තිබෙනවා. මෙම මාර්ග සංඥා ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙන්ම ප්‍රදර්ශනය කරලා තියෙන්නේ" ව්‍යාපෘතියේ මූලිකත්වය දරන විසිත ලීලරත්න වැඩිදුරටත් කියාසිටියා.
වසර කිහිපයකට පෙර, ඔටාවා නගරාධිපති ජිම් වොට්සන් විසින් ඔටාවා නගරසභාවේ බෞද්ධ කොඩිය එසවීමට අනුමැතිය ලබාදී තිබුණා. ඒ අනුව වෙසක් මාසය ප්‍රකාශයටපත්කිරීම සහ නිල බෞද්ධ මාර්ග සංඥා හඳුන්වා දීම ද සිදුකෙරුණේ ඔහු විසින්.
ඔටාවා නගරයේ වාර්ෂික වෙසක් උත්සවය, ශ්‍රී ලංකාව, කාම්බෝජය, ලාඕසය, වියට්නාමය, චීනය, තායිලන්තය, ඉන්දියාව සහ වෙනත් රටවල බෞද්ධ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පවත්වන්නක්.
විපක්ෂ නායක පියෙරේ පොයිලීව්ර් ඇතුළු දේශපාලන නායකයින් ද උත්සවයට සහභාගී වුණා.
විසිත ලීලරත්න පැවසුවේ මෙම සංකල්පය ශ්‍රී ලංකාවට ද හඳුන්වා දී ඇති අතර, අම්බලන්ගොඩ සහ කොට්ටේගොඩ යන ප්‍රදේශවල දැනටමත් සංඥා ස්ථාපනය කර ඇති බවයි.
බද්දේගම ප්‍රදේශයේ සිරින් පාර්ක්පොල් වත්තක භාවනා මධ්‍යස්ථානයක් සහ පරිසර හිතකාමී (Eco Lodge) නිවාඩු නිකේතනයක් වන සිරින් පාර්ක් ඉදිකර විවෘත කළ ලීලරත්න, දැන් කැනඩාවේ බෞද්ධ උරුම මාසයක් (Buddhist Heritage Month) ස්ථාපිත කිරීම සඳහා පුද්ගලික පනතක් (Private bill) ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා.
"කැනඩා පාර්ලිමේන්තුව තුළ බෞද්ධ උරුමය පිළිගැනීම, වෙසක් සහ පොසොන් උත්සව විශාල පරිමාණයකින් සංවිධානය කිරීමට හැකියාව ලබා දෙනවා."
එය විවිධත්වය තුළ එක්සත්කම සඳහා කැනඩාවේ කැපවීම ප්‍රදර්ශනය කරන්නක් වන අතර බෞද්ධ සම්භවයක් ඇති කැනේඩියානුවන් සඳහා මෙය අතිශය වැදගත් බවයි ඔහු පෙන්වාදෙන්නේ.
( hirunews)
කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පාසලක් තුළ සිදුවූ දරුණු වෙඩි තැබීමකින් සිසුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු හත් දෙනෙකු (10) ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පහුගිය දවසක කැබිනට් කුට්ටම අනන වෙලාවේ ආණ්ඩුවේ බලවත්ම ඇමති කෙනෙක්ගේ විෂයක් මාරු උනා.
මේ මාරුව ගැන නොයෙක් කතා තියෙනවා. මේකට බලපාපු හේතු ගණනාවක් ගැනත් ආරංචි පැතිරෙනවා.
ආණ්ඩුවේ දෙවෙනියා තුන්වෙනියා වගේ ඉන්න මේ මනුස්සයාගෙ විෂය කාර්යයන් වෙනස් වුනේ උන්නැහේ භාරව හිටපු මහ මුහුදට සම්බන්ධ ආයතනයට කලාපයේ බලවත් රටකින් ඉදිරිපත් වුන යෝජනා කිහිපයක් වෙනත් බලවත් රටක කීමට ප්‍රතික්ෂේප කරපු නිසාය කියලා පැලවත්ත පැත්තෙන් ආරංචි වෙනවා.
මේ වැඩෙන් එයාට හානියක් වෙන එක වළක්වන්නලු විෂය කාර්ය මාරු කරේ.

ඒ අතරේ තවත් කතාවක් පැතිරෙනවා.
ඒකෙන් කියවෙන්නේ ආණ්ඩු පක්ෂයට උදව් කරන ලංකාවේ ප්‍රබලම ව්‍යාපාරිකයකුගෙ ව්‍යාපාරික යෝජනාවක් අනුමතනොකිරීම මේ මාරුවට හේතුවක් කියලයි.
මේ ව්‍යාපාරික තැන ආණ්ඩුවට කොපමණ හිතවත්ද කියනවනම් මහින්ද උන්නැහේ ඉන්න කාලේ එයාගේ හොඳම යාළුවෙක් වගේ හිටියත් පහුගිය දවසක මඟුල් ගෙදරකදී එතෙන්ට ආපු ව්‍යාපාරිකයන් සියලුම දෙනා මහින්ද උන්නැහේ වට කරන් ඉන්නකොට එතුමාට කතා කිරීම තබා මුහුණවත් බැලුවෙ නෑ කියලයි කියන්නේ.
කොහොම හරි මේ ව්‍යාපාරික තැන වෙනුවෙන් ආණ්ඩුවෙ ඉහළම තැනට ගතු කියලා තියෙන්නේ ආණ්ඩුවේ වගේම පක්ෂෙත් විභුෂණය කරන හෝටල් ව්‍යාපාරික නෝන කෙනෙක් කියලයි ආරංචි.
කැම්බෝඩියා සහ දකුණු කොරියා ඒකාබද්ධ විමර්ශන ඒකකයක් මගින් විවිධ අපරාධයන්ට සම්බන්ධ සැකකරුවන් 26 දෙනකු අත්අඩංගුවට ගැනේ.
කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

