#newstube

  • ශ්‍රී ලංකාව ඉල්ලූ හදිසි මූල්‍ය පහසුකම ගැන IMF‍ තීරණය 19

    ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති හදිසි මූල්‍ය පහසුකම (Rapid Financing Instrument) ගැන එම අරමුදල විසින් හෙට (19දා) තීරණයක් ගැනීමට නියමිත බව වාර්තාවේ.

  • ශ්‍රී ලංකාව ගැන 5 වෙනි සමාලෝචනයට IMF සුදානමින්

    ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සලකා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් පවසයි.

  • ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයකට, චීන ණය සහ ඉන්දීය-ඇමරිකානු කලාපීය බලපෑම් අතරතුර උපාය මාර්ගික ස්වාධීනත්වය ආරක්ෂා කරගත හැකි හොඳම ක්‍රමය කුමක් විය හැකිද?

    (සටහන - සිරිමලී ලියනගම)
    Sirimali Liyanagama
    This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


    ශ්‍රී ලංකාව අද වන විට කලාපීය සහ ගෝලීය බලවතුන්ගේ උපායමාර්ගික මර්මස්ථානයක් බවට පත්ව ඇත. බංකොලොත් වූ ආර්ථිකය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යොමුවීමත්, චීන ණය සහන ලබා ගැනීමට ඇති අවශ්‍යතාවත්, ඉන්දු-පැසිෆික් කලාපයේ බලතුලනය පවත්වා ගැනීමේදී ඉන්දියාව සහ ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය ඉටු කරන භූමිකාවත් නිසා අපගේ ජාතික ස්වාධීනත්වය දැඩි පරීක්ෂාවකට ලක්ව ඇත.

    1685964909 ame in L


    භූ-දේශපාලන කඹ ඇදිල්ල:

    චීන ණය, ඉන්දු-ජපන් ආරක්ෂක ව්‍යාපෘති සහ
    උපායමාර්ගික ස්වාධීනත්වයේ දැවෙන ප්‍රශ්නය



    කොළඹ වරායේ නැගෙනහිර ජැටිය (ECT) සම්බන්ධයෙන් 2019-2020 කාලයේ ඉන්දියාව සහ ජපානය කළ ආයෝජන උත්සාහය, ජනතා විමුක්ති පෙරමුණ (JVP) මූලික කරගත් සේවක විරෝධතා හේතුවෙන් අසාර්ථක විය. නමුත් ඉන් පසු ඉන්දියාව, අදානි සමූහය හරහා කොළඹ බටහිර ජැටිය (WCT) ලබා ගැනීමෙන් සහ ජපානයේ ප්‍රධාන කොටස්කරුවා වූ කොළඹ ඩොක්යාඩ් සමාගමේ පාලන අයිතිය පවා ඇමෙරිකානු ඩොලර් මිලියන 52.96කට හිමිකර ගැනීමෙන්, කලාපීය බලවතුන් ශ්‍රී ලංකාවේ ස්ථිර ලෙස ස්ථානගත වී ඇති බව සනාථ කරයි.

     

    colombo dock file 1280x720 1

    චීනය හම්බන්තොට දෙසටත්, ඉන්දියාව ත්‍රිකුණාමලය දෙසටත් තම මර්මස්ථාන කේන්ද්‍ර කරන පසුබිමක, ශ්‍රී ලංකාවට සිය උපාය මාර්ගික ස්වාධීනත්වය ආරක්ෂා කරගත හැකි හොඳම ක්‍රමය වන්නේ සමබර සහ තීක්ෂණ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි.


    ජපානයේ OSA වැඩසටහනේ භූ-දේශපාලන අර්ථය


    2025 සැප්තැම්බර් 29 වන දින ටෝකියෝ නුවරදී ශ්‍රී ලංකාව සහ ජපානය අතර අත්සන් කරන ලද 'නිල ආරක්ෂක සහය' [Official Security Assistance (OSA)] ගිවිසුම මෙම භූ-දේශපාලන අරගලයේ නවතම සහ වැදගත්ම සන්ධිස්ථානයයි. රුපියල් බිලියනයක (යෙන් මිලියන 500) මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබීමට නියමිත නවීන නියමුවන් රහිත ගුවන් යානා (UAVs), හුදෙක් ආධාරයක් නොව, ජපානයේ නව ජාතික ආරක්ෂක උපාය මාර්ගය මත පදනම් වූ දේශපාලන ක්‍රියාවලියකි.

     

    thumbs b c 51b70ed384cd3003a76a63b8cbe22fcfශ්‍රී ලංකාව සහ ජපානය අතර අත්සන් කරන ලද 'නිල ආරක්ෂක සහය' [Official Security Assistance (OSA)] ගිවිසුම

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,

    *ඉන්දු-පැසිෆික් උපාය මාර්ගය (FOIP): ජපාන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිල නිවේදනවලට අනුව, මෙම OSA ව්‍යාපෘතිය අරමුණු කරන්නේ ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක සහ විකර්ෂණ හැකියාවන් වැඩි දියුණු කිරීමයි. මෙය, "නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික්" (Free and Open Indo-Pacific - FOIP) සංකල්පය යටතේ ජපානය, ඇමෙරිකාව සහ QUAD සන්ධානය චීනයේ වර්ධනය වන බලපෑමට එරෙහිව කලාපීය ආරක්ෂක විධිවිධාන ශක්තිමත් කිරීමේ පැහැදිලි උත්සාහයකි.


    *ODA සිට OSA දක්වා වෙනස: ජපානය මීට පෙර ශ්‍රී ලංකාවට ලබා දුන්නේ නිල සංවර්ධන ආධාර (ODA) වුවද, OSA වැඩසටහන ආරම්භ කිරීමෙන් පෙන්වා දෙන්නේ ජපාන විදේශ ආධාර ප්‍රතිපත්තියේ ආරක්ෂාව සහ ආර්ථික ආරක්ෂාව පිළිබඳ අවධාරණය ඉහළ ගොස් ඇති බවයි. මෙය ශ්‍රී ලංකාව ඇමෙරිකානු යුද යාන්ත්‍රණයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන ජපානය සමඟ නව ආරක්ෂක සහයෝගීතා අවධියකට පිවිසීමක් ලෙස සැලකිය හැකිය.


    *⁠නව රජයේ දිශානතිය: අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් නව රජය, 2025 අප්‍රේල් මාසයේදී ඉන්දියාව සමඟ අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් කිරීමෙන් (එහි ආරක්ෂක ගිවිසුමක් ද ඇතුළත් විය) සහ ඉන්පසු ජපානය සමඟ මෙම OSA ගිවිසුමට අත්සන් කිරීමෙන්, ප්‍රතිපත්තිමය වශයෙන් බටහිර කණ්ඩායම සමඟ සමීප සබඳතාවක් ගොඩනඟා ගැනීමට පියවර ගනිමින් සිටින බව පැහැදිලිය.


    ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ 'ගාසා හි තත්වය' සහ ශ්‍රී ලංකාවට ඇති බලපෑම


    කලාපීය බලවේග අතර විරසකයන් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අවස්ථාවක් සපයයි. විශේෂයෙන්ම, ඉන්දියාව සහ ඇමෙරිකාව අතර රුසියාව, චීනය සහ පාකිස්තානය සම්බන්ධයෙන් යම් මතභේද පවතින බව රහසක් නොවේ.


    *මෝදිගේ 'යුදෙව්-පලස්තීන' සමතුලිතය: මෑතකදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සාම වැඩපිළිවෙල වහාම පිළිගැනීම, ඉන්දියාවේ සාම්ප්‍රදායික පලස්තීන හිතකාමී ප්‍රතිපත්තියෙන් වෙනස්වීමක් ලෙස විදේශීය විශ්ලේෂකයෝ සලකති. මෝදි සිය සහාය ඉංග්‍රීසි, අරාබි, හීබෲ ඇතුළු භාෂා හතකින් ප්‍රකාශ කිරීම, නවදිල්ලිය දැන් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ ඇති ආරක්ෂක සහ තාක්ෂණික බැඳීම් ශක්තිමත් කරමින්, ගෝලීය රාමුව තුළ මැදිහත් වීමට ඇති කැමැත්ත පෙන්වයි.

    557994933 846883501275199 4644673645223130200 n

    *ශ්‍රී ලංකාවේ අවකාශය: මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ, ඉන්දියාව සහ ඇමෙරිකාව QUAD කණ්ඩායම තුළ සිටියත්, ඔවුන්ගේ උපායමාර්ගික අවශ්‍යතා සියල්ලේදී සම්පූර්ණයෙන්ම එකඟ නොවන බැවිනි. ඉන්දියාවේ මෙම 'බහු-පාර්ශ්වික සමතුලිතය' (Israel-Palestine-USA-Russia) හරහා ශ්‍රී ලංකාවට, ඉන්දීය සාගරයේ තමන්ගේ අවශ්‍යතා ඉස්මතු කරමින්, දෙපාර්ශ්වයම සමතුලිතව කළමනාකරණය කර ගැනීමට ඇති රාජ්‍යතාන්ත්‍රික අවකාශය පුළුල් වේ.


    උපායමාර්ගික ස්වාධීනත්වයේ මාර්ගය


    ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට මෙම ගෝලීය බල අරගලයෙන් මිදීමට ඇති එකම සාර්ථක මාර්ගය වන්නේ පූර්ණ ස්වාධීනත්වයක් නොව, උපායමාර්ගික ස්වාධීනත්වය (Strategic Autonomy) ය.


    1.⁠ ⁠සමබරතාව සහ විනිවිදභාවය: චීන සහ ඉන්දීය-බටහිර කඳවුරු දෙකම අත්‍යවශ්‍ය හවුල්කරුවන් ලෙස සලකමින්, කිසිවෙකුට වරාය හෝ ආරක්ෂක කටයුතුවල ඒකාධිකාරයක් ලබා නොදී, සියලු ගිවිසුම් පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කිරීම. (ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම වැනි කාරණා වහා නිවැරදි කිරීම අත්‍යවශ්‍ය වේ).

    AKD

    2.⁠ ⁠ආර්ථික ස්වයංපෝෂිතභාවය: ණය සහ විදේශ ආධාර මත යැපීම අවම කරමින්, කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් මූල්‍යමය ස්වාධීනත්වය තහවුරු කර ගැනීම. (මෙය නොමැතිව කිසිදු උපායමාර්ගික ස්වාධීනත්වයක් පවත්වා ගත නොහැක.)

    3.⁠ ⁠ජාතික අවශ්‍යතාවට මුල් තැන: ඕනෑම බලවතෙකුගේ මිත්‍රත්වයකට ප්‍රතිචාර දැක්විය යුත්තේ, එමගින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ජාතික ආරක්ෂාව, ස්වෛරීත්වය සහ ආර්ථික දියුණුව තහවුරු කරන්නේ නම් පමණි.


    මෙම අතිශය තීරණාත්මක භූ-දේශපාලන මොහොතේ, ශ්‍රී ලංකාව ජපානයෙන් OSA ලබා ගනිමින් සහ ඉන්දියාවට වරාය ව්‍යාපෘති ලබා දෙමින්, බටහිර සන්ධානය සමඟ සමීප වෙමින් සිටින බව පෙනේ. මෙම ගමන් මඟේදී චීනයේ ප්‍රතිචාරය සහ දේශීය වශයෙන් ඇතිවන බලපෑම් කළමනාකරණය කර ගැනීම නව රජයට ඇති දැවැන්ත අභියෝගය වනු ඇත.


    මීළඟ කොටසින් -


    චීන විදේශ ප්‍රතිපත්තියේ දැඩි බව සහ එහි 'ණය උගුල් රාජ්‍යතාන්ත්‍රිකත්වය' (Debt-Trap Diplomacy) පිළිබඳව නව ලෝකයේ උපායමාර්ගික විචාරය සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එය බලපාන ආකාරය



    පළමු කොටස :

    ක්‍රිකට් පිටියෙන් ඇරඹෙන භූ-දේශපාලනය: ඉන්දියාවේ නව ජාතිකවාදය සහ ශ්‍රී ලංකාවේ අභියෝග


  • ශ්‍රී ලංකාව විදේශ ආයෝජන සඳහා නුසුදුසු බවට එක්සත් ජනපදය ලේබල් කරයි

    ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැළපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

    2025 වසරට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම පිළිබඳව වාර්තාවක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේග ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් නිතිපතා පුද්ගලික අංශය ප්‍රමුඛ ආර්ථික වර්ධනය විවේචනය කරන බවයි.

    එහිදී ජාතික ජන බලවේග ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කරමින් ආයෝජකයින්ට සහතිකයක් ලබාදුන්න ද, ආණ්ඩුවේ අතීතයේ සිට පැවත එන බටහිර විරෝධී, මාක්ස්වාදී බලපෑම් සහිත මතවාද හේතුවෙන් ආයෝජකයින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකයෙන් පසුවන බවද එම වාර්තාවේ දැක්වේ.

    එමෙන්ම, ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැළපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව ප්‍රකාශ කරන ඇමෙරිකානු දෙපාර්තමේන්තුව, පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රධාන ආයෝජන ප්‍රවර්ධන නියෝජිතායතනය වුවද, ඔවුන් සමග ස්ථාවර සහ විවෘත සංවාදයක් පවත්වා ගැනීම අභියෝගයක් වී ඇති බවයි.


    වරප්‍රසාද ලත් කණ්ඩායම් විසින් ආරක්ෂා කරන ලද අංශ තුළ ආයතනික දූෂණය දිගටම...


    ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට පවතින සෙසු ගැටලු‍ ලෙස අනවශ්‍ය නියාමනයන්, නෛතික අවිනිශ්චිතතාවය, සහ දුර්වල ලෙස නිලධාරින් ප්‍රතිචාර දැක්වීම ද එහි දක්වා ඇත.

    එමෙන්ම ඉන්දීය සමාගමක් වන අදානි හරිත බලශක්තිය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ඩොලර් මිලියන 400 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකින් ඉවත් වූ බවත් එයට ඔවුන් හේතුව ලෙස දක්වා ඇත්තේ කලින් ප්‍රදානය කළ කොන්ත්‍රාත්තුවක් නැවත සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රජය දැරූ උත්සාහයන් බවටත් අදාළ වාර්තාවේ සඳහන්.

    ජනාධිපතිවරයා දූෂණය තුරන් කිරීමට සහ රාජ්‍ය විනිවිදභාවය වැඩි දියුණු කිරීමට ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දී ඇති බවත් නව පරිපාලනය යටතේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම් අඩුවී ඇති බවත් නිරීක්ෂණය වී තිබුණද, විශේෂයෙන් තහවුරු වූ වරප්‍රසාද ලත් කණ්ඩායම් විසින් ආරක්ෂා කරන ලද අංශ තුළ ආයතනික දූෂණය දිගටම සිදු කරගෙන යන බව ද අදාළ වාර්තාවේ සඳහන් වේ.


    Exclusive: US Labels Sri Lanka Unfit for Foreign Investment

  • ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර මහා සංග්‍රාමය අද

    2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 'බී' කාණ්ඩයේ තීරණාත්මක තරගයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර මහා සංග්‍රාමය අද (16) රාත්‍රී 07.00ට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ය.

  • ශ්‍රී ලංකාව සාගර නීතිය පිළිබඳ UN සම්මුතියක රාජ්‍ය පාර්ශ්වකරුවෙක් බවට පත්වෙයි

    ශ්‍රී ලංකාව, ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධයෙන් වන සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වකරුවෙකු බවට පත් වෙමින් ඒ පිළිබඳ අපරානුමත ලේඛනය ඊයේ (16) එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය දැනුම් දෙයි.

    ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ ගිවිසුම අපරානුමත කිරීම, සමුද්‍රීය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ නායකත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

    එමෙන්ම 1982 වසරේදී සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) වැඩි දියුණු කිරීමේ සඳහා ලබා දුන් නායකත්වය ඇතුළුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සමුද්‍රීය පාලනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවද එහි සඳහන් වේ.

    ආරම්භයේ සිටම ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ ගිවිසුම් සාකච්ඡාවල ශ්‍රී ලංකාව ක්‍රියාකාරීව නිරත වී ඇති බව පැවසේ.

    සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස, මානව වර්ගයාගේ යහපත උදෙසා සමුද්‍රීය සම්පත් සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබා දීම සහ ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් වන ජාත්‍යන්තරව හඳුනා ගැනීමේ මෙම ඓතිහාසික ගමන් මඟෙහි පාර්ශ්වකරුවෙකු වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අභිමානයට පත් වේ.

    ශ්‍රී ලංකාව, අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ, ගිවිසුම ක්‍රියාත්මක කිරීම, ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය වැඩි දියුණු කිරීමේ මාධ්‍යයක් ලෙස සලකයි.

    ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ ගිවිසුම අනුමත කිරීමෙන්, ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජාන සම්පත් (MGRs) සහ ඩිජිටල් අනුක්‍රමික තොරතුරු (DSI) වැනි සම්පත් සාධාරණ හා සමාන ලෙස බෙදා ගැනීම තුලින් ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසෙනු ඇත.

    මෙම ගිවිසුම මගින් ශාක්‍යතා සංවර්ධනය සහ සමුද්‍රීය තාක්ෂණ හුවමාරු කිරීම් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන අතර, සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය හා තිරසාර භාවිතය සඳහා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට තම හැකියාවන් වැඩි දියුණු කරගැනීමට අවස්ථාවන් සපයයි.

    එපමණක් නොව, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අනෙකුත් ජාතීන් සමඟ සාමූහිකව කටයුතු කිරීමට ද මෙමඟින් හැකියාව සැලසෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

     

    Ada derana.lk

     

  • ශ්‍රී ලංකාව සිදුකළ ඉල්ලීමට IMF ධනාත්මක පිළිතුරක් දෙයි

    දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු ඇති වූ අභියෝගවලට මුහුණ දීම සඳහා හදිසි මූල්‍යයන පහසුකම (RFI)යටතේ ශ්‍රී ලංකාව විසින් සිදුකළ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ඉල්ලීමට ප්‍රමුඛත්වය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) තීරණය කර තිබේ.

  • ශ්‍රී ලංකාවට ක්‍රිකට් ජයක් ගෙනා පැතුම්ගේ පිත්ත

    කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සැනසිලිදායක ජයක් උරුම කිරීමට පැතුම් නිස්සංකගේ පිත්තට ඊයේ රාත්‍රියේ හැකි වුණා.

  • ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක හදිසි ආධාරයක් ලබා දීමට IMF අවධානය

    ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන පහසුකම (Rapid Financing Instrument -RFI) යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක් ඉල්ලා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

  • ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නෑ

    ඉන්දුනීසියාවේ, සුමාත්‍රාද දූපතේ උතුරින් හටලත් භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

  • ශ්‍රී ලංකාවෙන් බිහිවූ වඩාත් බහුනිපුණ (most versatile) ගායකයා; නෙවිල් ප්‍රනාන්දු

    මට අනුව ශ්‍රී ලංකාවෙන් බිහිවූ වඩාත් බහුනිපුණ (most versatile) ගායකයා තමයි නෙවිල් ප්‍රනාන්දු.

  • ශ්‍රී ලංකාවේ 78වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සුබ පතයි...!

    ශ්‍රී ලංකාවේ 78වන ජාතික නිදහස් දිනය අද (04) සමරන අවස්ථාවේ දී, බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලාංකික ජනතාවට විශේෂ සුබ පැතුම් පණිවිඩයක් යොමු කරනු ලැබ ඇත.

  • ශ්‍රී ලංකාවේ ආර්ථික පිබිදීමේ රහස රජය කෙරෙහි ඇති "මහජන විශ්වාසයයි" – IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා

    ශ්‍රී ලංකාව මේ වන විට අත්පත් කරගනිමින් සිටින ආර්ථික ප්‍රකෘතිමත් වීම පිටුපස ඇති ප්‍රබලම සහ දුර්ලභ සම්පත වන්නේ රජය කෙරෙහි පවතින මහජන විශ්වාසය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි.

  • ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි වැඩපිළිවෙළ, දැඩි මූල්‍ය හිඟය මධ්‍යයේ කඩා වැටීමේ අවදානමක

    ජනතා විමුක්ති පෙරමුණ (JVP) ප්‍රමුඛ ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධිය (AI) සඳහා වන දේශපාලන මෙහෙයුම ප්‍රධාන සිරස්තල සකස් කරමින් තිබුණ ද, සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි.

  • ශ්‍රී ලංකාවේ ධනුෂ්ක මත්තේඕ Trail ultra Marathon තරගයක විශිෂ්ඨ දක්ශතා අතරට

    පසුගියදා එක්සත් රාජධානියේ පැවති GB Ultras විසින් සංවිධාන කල Snowdon Ultra 50 mile 2025 Trail Running ඉසව්ව පැවති අතර. මෙම තරගය UK වේල්ස් වල උසම කන්ද වන මුහුදු මට්ටමේ සිට මීටර් 1085m ක උසින් ඇති Yr Wyddfa (Snowdon) කන්ද සහ තවත් කදු දෙකක් හරහා පැවිති අතර සමස්ත උස වැඩිවීම (Elevation gain) 3,610m+ විය.

    එම තරගය සදහා තරග කරුවන් 386 සහබාගී වු අතර. එහිදී වයස 20-24 කාණ්ඩයේ පිරිමි අංශයේ අට වැනි ස්තානය දිනාගැනීමට ධනුෂ්ක සමත්විය. එම තරගාවලියේ විෂේශත්වය වනුයේ තරගය පලමුව අවසන් කල දෙසීය දෙනා සදහා රන්පදක්කම් (Gold Finisher medal) ලබා දීමක් සිදුවේ. මෙම තරගය සදහා ධනුෂ්කට කිලෝමීටර් 76 දුරක් සදහා පැය 14 විනාඩ් 30 තත්ත්පර 57 කලයක් ගත කල අතර මෙම තරගාවලියේ සමස්ථ වයස් කාණ්ඩයේ 143 වැනියා ලෙස තරගය අවසන් කිරීමද විෂේශත්වයකි.

    මෙම තරගාවලියෙන් පසු නොවැම්බර් මස ඉතාලියේ Puglia නගරයේ ඇති යුරෝපයේ ඇති දිගම සානුව හරහා පැවත්වෙන Puglia by UTMB තරගය කිලෝමීටර් 144 තරග ඉසව්වට ද ධනුෂ්ක සහබාගී වීමට නියමිතව ඇත.

     

    | සමීර මදුසංක හේවා ගමගේ ✍️

  • ශ්‍රී ලංකාවේ පළමු චිත්‍රපට විචාරය; ''කඩවුණු පොරොන්දුව''

    ‘ශ්‍රී ලාංකීය සිනමාවේ ශත සංවත්සරය (1925-2025) සහ 75 වසරක මෙරට කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය 2025 දෙසැම්බර් 29 වන සඳුදා (අද), සවස 4.30 ට කොළඹ 05, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පිහිටි ‘ඇසිදිසි මැදුර’ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිත ය.

  • ශ්‍රී ලංකාවේ ප්‍රථම කොන්ටම් පරිගණකය කොළඹ විශ්වවිද්‍යාලයේ...

    ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක හා තාක්ෂණික ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රථම කොන්ටම් පරිගණකය (Quantum Computer) පසුගියදා හදුන්වා දුන්නේ ය.

  • ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට

    ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2025 වර්ෂයේ දී එක් ස්ථානයකින් පහත වැටී තිබේ.

    2025 වර්ෂය සඳහා හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය සැප්තැම්බර් මස 11 වන දින නිකුත් කළ අතර ශ්‍රී ලංකාවට 97 වන ස්ථානය හිමිව ඇති බව සඳහන් වේ.

    පුර්ව වීසා බලපත්‍රයක් නොමැතිව ඇතුළු විය හැකි ගමනාන්ත පදනම් කරගනිමින් හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය ලොව පුරා විදෙස් ගමන් බලපත්‍ර ඇගයීමට ලක් කෙරේ.

    මෙම දර්ශකයට අනුව ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍රය ලෙස සිංගප්පූරුව පත්ව ඇති අතර දෙවන ස්ථානය දකුණු කොරියාවත් තෙවන ස්ථානය ජපානයත් ලබා ගෙන ඇත.

    ඇෆ්ගනිස්ථානය අවසන් ස්ථානයෙහි පසු වේ.

    ශ්‍රී ලංකාව සමග ඉරානය ද මෙම දර්ශකයේ 97 වන ස්ථානයේ රැඳී සිටිම විශේෂයකි.


  • ශ්‍රී ලංකාවේ, සියයට 20ක් අන්ත දුක්ඛිත දරිද්‍රතාවෙන් පෙළෙනවා - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

    2025 වසරේ දී ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාව සියයට 22.4ක් වන බව ලෝක බැංකුව පුරෝකථනය සිදුකරන බවත්, 2027 දී ශ්‍රී ලංකාවේ අන්ත දුක්ඛිත දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රතිශතය සියයට 20කට වඩා වැඩි බවත් ලෝක බැංකුව දත්ත මගින් පෙන්වා දී තිබෙන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසී ය.

  • ශ්‍රී ලන්කන් අලාභය සියයට 15.1කින් අඩුවෙයි

    ශ්‍රී ගුවන් සමාගමේ වියදම 2024/2025 වර්ෂයේ දි  රුපියල් බිලියන 275.6ක් දක්වා  සියයට 15.1කින් අඩුකරගැනිමට හැකිවි ඇති බැව්  මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

    ගුවන්යානා ඉන්ධන පිරිවැය  සියයට 20.4කින් අඩුවිම, බදුපදනම මත ලබාගත් ගුවන්යානා සදහා  කුලි සහ ගුවන්යානා නඩත්තු වියදම  සියයට 68කින් අඩුවිම ,අලුත්වැඩියා වියදම සියයට 13.2කින් අඩුවිම මේ සදහා  ප්‍රධාන වශයෙන් හේතුවි ඇති බවද  මෙම වාර්තාවේ සදහන් වේ. කෙසේවුවද  ශ්‍රි ලංකන් ගුවන් සමාගම 2024/2025 වර්ෂයේ දි  රුපියල් බිලියන 8.4ක  බදු පසු ශුද්ධ  අලාභයක් වාර්තාකොට තිබුණි.

    දිගුකාලින මෙහෙයුම් අකාර්යක්ෂමතා සහ රුපියල් බිලියන 586.5ක් වු  අතිත ණය බර  මේ සඳහා  ප්‍රධාන හේතුවක් වි ඇති බවද මෙකි වාර්තාවේ සදහන් වේ

    රජය විසින් ජාතික ගුවන්සේවය ආරක්ෂා කිරිමේ  උත්සාහයක් ලෙස  ගුවන් සමාගමේ පවතින  මුල්‍ය ගැටළුවලට  සහායවිම සදහා 2024 වර්ෂයේ දි  රජය විසින්  රුපියල් බිලියන 9.8ක මුල්‍ය දායකත්වයක් ගුවන් සමාගමට ලබා දි ඇත. මිට අමතරව  රජය විසින්  ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක  ජාත්‍යන්තර ස්වෛරිත්ව  බැදුම්කර ප්‍රතිව්‍යුහගත  කිරිම සදහා සහායවිමට  ඉදිරිපත් වි තිබේ.

     ගුවන් සමාගමේ දිගුකාලිනව  නොගෙවු ණය  සේවා බැදිම් පියවිමට  රජය එකගවි ඇති අතර  ඒ අනුව ණය පියවිම සදහා 2025 වර්ෂයේ අයවැය මගින් රුපියල් බිලියන 20ක  ප්‍රතිපාදන අනුමතකර ඇත.

    (Ada  - ලලිත් චාමින්ද)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න