රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ නාමල් අතර හමුවක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ නාමල් අතර හමුවක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක සභාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි. වී. චානක සහ එම පක්ෂයේ නියෝජිත පිරිසක් සමග සාකච්ඡා කළා යැයි එම සංගමයේ  ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (18) එම පිරිස හමුවීමෙන් ඉක්බිති මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ වැඩි දුරටත් කරුණු දක්වමින් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගෙ අනාගතය අවිනිශ්චිත කළ අයවැය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නාමල් රාජපක්ෂ හමු වූ බවයි.




අපි වැඩ වර්ජනයක නිරත වෙලා නැහැ - රජයේ වෛද්‍ය සංගමය


මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පවසන්නේ, මේ මොහොතේ රටේ වෛද්‍යවරු වැඩ වර්ජනයක් සිදු නොකරන අතර ඇතැම් ස්ථානවල ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිර්දේශ කරන ලද ප්‍රමිතිවලට අනුව වැඩකටයුතු කරමින් සිටින බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ දැනට පවත්වාගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගවට අනුව රෝහලෙහි නොමැති: ඖෂධ සහ උපකරණ යනාදිය පිටතින් මිලදී ගැනීමට හෝ පිටතින් කරගත යුතු වෛද්‍ය පරික්ෂණ සඳහා නිර්දේශිත පත්‍රිකා (තුණ්ඩු) නිකුත් නෙකරන බවයි.






සබැඳි පුවත් :

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විපක්ෂය සමග සාකච්ඡා කරයි


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න