එක්සත් ජනපදයේ, මිචිගන් (Michigan) හි කිතුණු දේවස්ථානයකට මෝටර් රථයකින් කඩා වැදුණු පුද්ගලයකු සිදු කළ වෙඩි තැබීමකින් සහ දේවස්ථානයට ගිනි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනකු ඝාතනය වී ඇතැයි වාර්තා වේ.
වෙඩි වැදීමෙන් අට දෙනකුවත් තුවාල ලබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
වෙඩි තැබීමෙන් අනතුරුව දේවස්ථානය ගිනි තැබූ සාහසිකයා, එහිදී ඇති වූ පොලිස් වෙඩි හුවමාරුවකදී ඝාතනය විය.
වෙඩි තැබීම සිදු කළ තැනැත්තා 40 හැවිරිදි, හිටපු ඇමෙරිකානු නාවුක සෙබළකු වන තෝමස් ජාකොබ් සන්ෆෝර්ඩ් ( Thomas Jacob Sanford) නම් අයකු බව හඳුනාගෙන තිබේ.
වෙඩි වැදීමෙන් පුද්ගලයින් දෙදෙනකු මිය ගිය අතර ගිනි තැබූ දේවස්ථානය තුළ තිබී දැවී ගිය තවත් මළ සිරුරු දෙකක් හමු වූ බව පොලිසිය සඳහන් කරයි.
සාහසිකයා දේවස්ථානයට කඩා වදින විට සියයකට අධික පිරිසක් ඒ තුළ රැස්ව සිටි බව වාර්තා වේ. වෙඩි තැබීමට හේතුව සොයා ඔහු සතු නිවස සහ ජංගම දුරකථනය ද පරික්ෂා කරන බව පොලිසිය කියයි.
ඔහු, 2004-2008 කාලයේ ඇමෙරිකානු නාවුක කොමාන්ඩෝ භටයකු මෙන්ම ඉරාක යුද්ධයේ දස්කම් පෑ ප්‍රවීණයකු බව ද වාර්තා වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/29/2025
Shooter kills at least four, wounds eight at Michigan church
සමාජයක් ලෙස අප ජීවත් වන්නේ පෙනුම (Appearance) සහ සාරය (Essence) අතර පවතින සදාකාලික අරගලයක ය.
මිනිස්සු: සුනඛයින්, බළලුන් යනාදි සතුන්ට ආදරය කරන්නේ සැබැවින් ම සතුන්ට ආදරය නිසා නොව මේ වන විට මිනිස්සු ඇසුරු කිරීමේ දී ඇතිවන ගැටුම්වලින් වැළකී සිටිමේ අදහසින් යැයි මනෝ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කරන ලද පර්සේෂණයකින් ඔප්පු වී ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
වැසිකිළි නිසියාකාරයෙන් භාවිත කළ හැකි පුද්ගලයින් මෙන් ම වැසිකිළි කඩා බිඳ දමන මිනිස්සු වුව ද බිහි කරන්නේ ආර්ථිකය යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
මිනුවන්ගොඩ අලුතෑපොළ ක්‍රීඩාංගණයේ පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟයක් අතරතුර සිදුවූ අනතුරකින් ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මියන්මාරයේ නව ජනාධිපතිවරයා ලෙස එරට හමුදා පාලක ජෙනරාල් මින් අන්ග් හ්ලියැං (Min Aung Hlaing) පාර්ලිමේන්තුවේ දී තේරාපත් කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලාංකේය සංගීත ඉතිහාසයේ වඩාත්ම ගෞරවනීය ගායකයෙකු වන මිල්ටන් මල්ලවාරච්චි ගේ වර්ණවත් ජීවිත කතාව පදනම් කරගෙන නිර්මාණය වන නව චිත්‍රපටය ''එදා රෑ'' නිෂ්පාදනය ආරම්භ කිරීමේ මුහුරත් උළෙල මෙම 20 වෙනිදා උදෑසන 9.15ට නවලෝක උත්සව ශාලාවේදී සිදු කෙරේ.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ධුරයට අභිනවයෙන් පත් කර ඇති මැතිව් ඩක්වර්ත් මහතා කොළඹට පැමිණ සිටින අතට ඔහු ඉදිරිදින කිහිපය තුලදී සිය අක්තපත්‍ර භාරදීමට නියමිතය.
පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා පසුගිය දා මැතිව් ඩක්වර්ත් මහතා මුණ ගැසුණු අතර එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු වැඩබලන මහ කොමසාරිස් ලලිතා කපූර් මහත්මිය සහ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතා ද සහභාගී විය.
පාත්ෆයින්ඩර් පදනම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදු කරන ලද වැඩසටහන් පිළිබඳව මෙහි දී සාකච්ඡා කළ අතර ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සමග පදනම පවත්වාගෙන යන සම්බන්ධතා ගැන ද මෙහි දී කරුණු හුවමාරු කරගෙන ඇත.
මහ කොමසාරිස් ඩක්වර්ත් මහතා මෙයට පෙර ඉන්දුනීසියාවේ සහ කාම්බෝජයේ සේවය කර ඇති පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.
මිලින්ද රාජපක්ෂ විසින් රචිත පහත කෘති මේ සාහිත්‍ය මාසයේ දී DELIVERY ගාස්තු රහිතව ඔබ වෙත ගෙන්වා ගත හැකි බව kbooks. ආයතනය දන්වා සිටී.
Discounted Price - 1800 Only + FREE DELIVERY
Use the Code 'SUPERBIYO' for FREE DELIVERY
යන කෘති මීට අයත් වේ.
කෘති ඇණවුම් කිරීම සඳහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න
වත්මන් රජයේ කැබිනට් ඇමතිවරයකු විසින් මිහින්තලේ රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේව මිහින්තලේ වනචාරියා නමින් අපහාසාත්මක ලෙස හැඳින්වීම තමා තරයේ හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඇතිවූ ගංවතුර ආපදා තත්වයෙන් පසු මී උණ (Leptospirosis) රෝගයෙන් ආරක්ෂා වීමේ ප්‍රතිකාර ලබාගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනයක් නිකුත් කර ඇත.
ඊයේ (05) දහවල් මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම "බූරු මූණා" නමැති පාතාල කල්ලි සාමාජිකයා සමග සමීප සබඳතා පවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සුරේෂ් නමැත්තා විසින් මෙහෙයවන ලද්දක් යැයි පොලීසිය පවසයි.
මීගමුව බන්ධනාගාරයේ (ජූලි 05, 06) යන දින වල ඇතිවූ ගැටුම්කාරී තත්වය නිසා මිය ගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ සහ පෙරෙයි දා (05, 06) මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් 2026 ජූලි 5 සිට 7 දක්වා මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ඛේදනීය සිදුවීම්, ඉන් අනතුරුව මාරු කරන ලද රැඳවියන්ට එල්ල වී ඇති බවට වාර්තා වන වධහිංසා සහ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ව්‍යුහාත්මක ගැටලු පිළිබඳව අන්තර්ගත නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
මීගමුව බන්ධනාගාරයේ සිදුව ඇති මාරාන්තික ගැටුම පිළිබඳව 'දිනන දකුණ' බලවත් කනස්සල්ල පළ කරන අතර ම ජීවිත අහිමි වූවන් ගේ පවුල්වලට එම සමූහයේ ශෝකය පළ කර ඇත. ඒමෙන් ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන්: ස්වාධීන, විනිවිදභාවයෙන් යුත් සහ කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එම සාමූහිකය අවධාරණය කරයි.
"ඩිංගිරි ඩිංගාලේ මීනාච්චි" (Dingiri Dingale Meenakshi) කියන දෙමළ ගීතය මුලින්ම ආවේ 1958 අවුරුද්දේ තිරගත වුණ "Anbu Engey" කියන දෙමළ චිත්‍රපටියෙන්. එහි තනුව හැදුවේ එස්. එස්. වේදා (S.S. Vedha) සංගීත අධ්යක්ෂවරයා. ඔහු ලංකාවේ බයිලා සංගීතයට හරිම ආදරේ කරපු කෙනෙක් නිසයි මේ ගීතයට බයිලා රිද්මයක් ලැබුණේ.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ සුවිශේෂී පියවරක් තබමින්, මීරිගම මූලික රෝහල තුළ ජාතික මට්ටමේ වකුගඩු ගල් සැත්කම් සඳහා ජාතික මට්ටමේ යොමු කිරීමේ මධ්‍යස්ථානයක් “National Referral Center for Kidney Stone Surgery” ස්ථාපිත කිරීමේ "Establishment of a high-volume stone center" ව්‍යාපෘතිය පිළිබඳ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

