රට තුළ යහපත් ජනමාධ්‍ය භාවිතයක් ඇති කිරීම සඳහා ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍යය යි - මධ්‍යම පළාත් මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු

රට තුළ යහපත් ජනමාධ්‍ය භාවිතයක් ඇති කිරීම සඳහා ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍යය යි - මධ්‍යම පළාත් මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු

යහපත් ජනමාධ්‍ය භාවිතයක් ඇති කිරීම සඳහා ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍යය බවට මධ්‍යම පළාත් මාධ්‍යවේදීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු අත් ඔසවා එකඟතාව පළ කළ අයුරු


මෙරට තුළ යහපත් ජනමාධ්‍ය භාවිතයක් ඇති කිරීම සඳහා ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍යය බව මධ්‍යම පළාත් මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු පවසති.

ඔවුහු එලෙස පැවසුවේ පසුගිය 22වන දින මහනුවර දී පැවැති ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පත් කරන ලද බහුපාර්ශවීය කමිටුවක් මගින් කෙටුම්පත් කළ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ මූලික කෙටුම්පත (Zero draft) පිළිබඳව මධ්‍යම පළාතේ ජනමාධ්‍ය වේදීන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා වැඩසටහනට සහභාගි වෙමිනි.

මෙම වැඩසටහන මෙහෙයවනු ලැබූයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසිනි; ඒ සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ දායකත්වය ද හිමිව තිබිණ.

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය අනාගතවාදී අවශ්‍යතාවක් බවත් කෙටුම්පත් කර ඇති ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය තවදුරටත් සංවර්ධනය කරමින් මෙරට ජනමාධ්‍යකරණයෙහි මාර්ගෝපදේශ ලියවිල්ල බවට පත්කර ගත යුතු බවත් වැඩසටහනට එක්වූ මාධ්‍යවේදීන් හා සිවල් සංවිධාන ක්‍රියාකාරිහූ ඒකමතිකව තීරණය කළහ.

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් රටට අවශ්‍යය යැයි කියන මතයේ සිට මෙරට ජනමාධ්‍ය පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතු බවට යෝජනා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පසුගිය කාලය තුළ ඉදිරිපත් කරනු ලැබිණ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ඉදිරිපත්ව තිබෙන මෙම යෝජනාවලිය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අරමුණු සමග යම් දුරකට සමපාත වන බැවින් අදාළ කෙටුම්පත වඩාත් පුළුල් සහ සාරගර්භ එකක් බවට පත් කිරීම සඳහා දිවයිනේ පළාත් කිහිපයක මාධ්‍යවේදීන් හා සිවිල් ක්‍රියාකාරීන් හමුවී අදහස් හා යෝජනා ලබා ගැනීමට තීරණය කළ බව එහි කැඳවුම්කරු ලසන්ත ද සිල්වා පැවසී ය.

මෙම අවස්ථාවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජිකයින් වන සුනිල් ජයසේකර, සී. දොඩාවත්ත, ආනන්ද ජයසේකර, ශාන් විජේතුංග යන අය ද සහභාගි වූහ.


WhatsApp Image 2025 09 23 at 10.34.50 35153de0
 (අසේල කුරුළුවංශ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න