මාසිකව සිදු කරන මිල සංශෝධනයට අදාළව මෙම මස අගදී කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
මාලිමා අයවැයට ඡන්දය දුන් ශ්‍රිලනිප පළාත් පාලන ආයතන නියෝජිතයින්ට වැඩ වරදී
මාලිමා ආණ්ඩුව ගැටලුවලට මුහුණ දෙන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්
මතවාදයක් (Ideology) නොමැතිව රටක පාලන බලය ලබාගත් විට එය පාලනය කිරීමේ දී බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදුවන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
මාලිමා ආණ්ඩුව ජනතාවට බයයි - පුබුදු ජයගොඩ (වීඩියෝ)
මාලිමා ආණ්ඩුව බිය වී සිටින්නේ ත්රස්තවාදීන්ට නොව ජනතාවට යැයි පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
මාලිමා ආණ්ඩුව ජේ. ආර්. යුගයට යන්න හදනවා - රවි කුමුදේශ්
දුම්රිය රියදුරන් වර්ජනයකට සැරසෙන විට හමුදාව යොදවා දුම්රිය ධාවනය කිරීමට ආණ්ඩුව සැරසෙන්නේ නම් එය මීට වසර පනහකට පමණ පෙර ජේ. ආර්. ජයවර්ධන ට පාලනය කිරීමට ගත් පියවර ම යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි.
මාලිමා ආණ්ඩුව දැවැන්ත දේශපාලන පරාජයක් ලබමින් සිටිනවා - සුගීෂ්වර බණ්ඩාර
මාලිමා ආණ්ඩුව දැවැන්ත දේශපාලන පරාජයක් ලබමින්, දේශපාලන පසුබැසීමක පවතින්නේ යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර පැවසී ය.
මාලිමා ආණ්ඩුව මහා භාණ්ඩාගාරය කඩලා - ශිරාල් ලක්තිලක
භාණ්ඩාගාරයේ මුදල් ඇමරිකන් ඩොලර් මිලියන 02.05ක මුදල හැකර්වරයකුගේ අතට පත් වී නොමැති බව වගකීමෙන් පවසන්නේ යැයි නීතිඥ ශිරාල් ලක් තිලක පවසයි.
මාලිමා ආණ්ඩුව මෙච්චරට ම ආඩම්බර ඇයි...? - Ideas front වීඩියෝවක්
පෙර සිටි පාලක පංතිය ඉදිරියේ අපි ආඩම්බර වන්නේ අපි, මහජනයා අතරින් පැමිණි නිසා යැයි බිමල් රත්නායක පැවසූ බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
මාලිමා ආණ්ඩුව වාමාංශික ද...? - Ideas front වීඩියෝවක්
මාලිමා ආණ්ඩුවෙන්: සමාජ සාධාරණත්වය, විප්ලවවාදී වෙනස් වීම්, දුප්පතුන්ට විමුක්තිය යනාදි තේමා පැන නගින්නේ ම මොවුන් වාමාංශික නිසා ම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
මාලිමා ආණ්ඩුව, නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කපන තත්ත්වයට පත්වන තුරු සිටියේ ඇයි...? Ideas front වීඩියෝවක්
මේ මොහොතේ ආණ්ඩුව පුද්ගලික මාධ්‍ය පිළිබඳ දොස් පැවරීමෙන් පලක් නොමැති බවත්, ආණ්ඩුව පත්වූ විගස ම රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරු විසින් ක්‍රියාත්මක කිරීමට සුදානම් කර තිබූ විජයානන්ද ජයවීර ප්රමුඛ ජනමාධ්‍ය නියාමන කොමිසම ක්‍රියාත්මක කළේ නම් අද මෙබඳු තත්ත්වයක් රට තුළ ඇති නොවනු ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
මාලිමා ආණ්ඩුවට ඇත්තට ම හොරු ඇල්ලීමට වුවමනා ද...? - Ideas front වීඩියෝවක්
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර 'හොරු අල්ලනවා' යැයි පොරොන්දු වූ බවත්, එම ක්‍රියාවලිය අව්‍යාජ (Authentic) නම් හෝ එය බරපතළ (Serious) ලෙස බාර ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් විශේෂිත අධිකරණ පද්ධතියක් ස්ථාපිත කළ යුතුව තිබුණා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

