පෙබරවාරි 09වන දින සිට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට තිබූ වර්ජන ක්‍රියාමාර්ගය, ඉල්ලීම් ඉටු කිරීම හේතුවෙන් අත්හිටවූ බව එම සංගමය පවසයි.
මතු පළ වන්නේ රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනය යි.
මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරී ආවරණය කරන පුද්ගලයා මූලික විමර්ශනයේ අතරමැදි වාර්තාවේ නිර්දේශයන්ට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ ලිඛිත නියෝගය 06වෙනි දා රෝහල් අධ්‍යක්ෂකවරයා වෙත ලබා දී ඇත. මේ සම්බන්ධයෙන් සිදුකරන මූලික විමර්ශනයේ වාර්තාව අනුව ජනවාරි 29වෙනි දා වන විට අදාළ නියෝගය නිකුත් කරන්නයි උපදෙස් ලබා දී තිබුණ ද ඊට අදාළ උපදෙස් ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රමාද කරන ලදී. මෙම තත්ත්වය යටතේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යය හංසක විජයමුණි සංගමය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව වහාම මැදිහත්වී අදාළ නියෝගය පෙබරවාරි 05වෙනි දා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කිරීමට අදාළ කටයුතු සිදුකර ඇත.
ඒ අනුව ඊයේ රාත්‍රියේ රැස්වූ විධායක සභාව 09වෙනි දා පැවැත්වීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියා මාර්ගය අත්හිටුවීමට තීරණය කළේ ය.
විශේෂයෙන්ම මෙම අවස්ථාවේ දී සෞඛ්‍ය නියෝජ ඇමතිවරයාගේ මැදිහත්වීම සම්බන්ධව ස්තුතිය පළ කරන අතරම මේ ආකාරයෙන් වරදකරුවන් ආරක්ෂා කිරීම සඳහා පෙළඹෙන සෞඛ්‍ය බලධාරීන් සම්බන්ධයෙන් බරපතළ විවේචනය සංගමය විසින් ඉදිරිපත් කොට ඇත. 2024 වර්ෂයේ සිටම මාලිගාවත්ත රෝහලේ සිදුවූ මෙම නීති විරෝධී ක්‍රියාසම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ආරක්ෂා කිරීමට කටයුතු කළේ ම මෙවැනි සෞඛ්‍ය බලධාරීන් බව සංගමය ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව ඉදිරියේ ඉදිරියේ දී මේ ආකාරයෙන් විනය විරෝධී, නීති විරෝධී සහ වංචා දූෂණයන්හි නිරත වෙන සෞඛ්‍ය සේවාවේ ඉහළ නිලධාරීන් සහ පරිපාලන නිලධාරීන් සම්බන්ධව තොරතුරු වාර්තා කිරීමට අප සංගමය කටයුතු කරන අතර ඒ සම්බන්ධයෙන් කඩිනම් විශේෂ අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි.
එමෙන්ම මේ වන විට ලංකාවේ පුද්ගලික රෝහල්වල නීති විරෝධී ලෙස විකිරණ තාක්ෂණවේදීන් ලෙස කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරවන ලෙසද සෞඛ්‍ය බලධාරීන්ගෙන් සහ පරමාණුක බලශක්ති නියාමන සභාවෙන් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ඉල්ලා සිටී.
චානක ධර්මවික්‍රම - සභාපති, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

