රට කඩාවට්ටන සංකල්ප වර්ධනය කරන්න එපා යයි පොහොට්ටු පක්ෂයේ තරුණ ක්‍රියාකාරිකයකු වන දමිත වික්‍රමසිංහ මෙරට තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
තරුණ සේවා සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දමිත වික්‍රමසිංහ එම ඉල්ලීම කරනු ලබන්නේ සමාජ මාධ්‍යවෙත වීඩියෝවක් මුදාහරිමිනි.
'අපිට දේශපාලනයෙන් වැඩක් නැත', අපි හම්බ කළොත් අපි කනවා' යනාදි සංකල්ප රාජ්‍ය කටාවැට්ටවීම සඳහා සුදානම්ව සිටින බලවේග විසින් නිර්මාණය කරන ලද සංකල්ප යැයි මෙරට තරුණ පරම්පරාව තේරුම් ගත යුතු දෙයක් යැයි ද දමිත වික්‍රමසිංහ පවසයි.
ඔහු පවසන්නේ රටක අනාගතය සැලසුම් කරන්නේ: ප්‍රාදේශීය සභා, පළාත් සභා හෝ පාර්ලිමේන්තුවට තේරී පත්වන දේශපාලන නියෝජිතයන් වන බැවින් අප කිසිවකුට දේශපාලනය බැහැර කළ නොහැකි බවයි.
ඔහු තවදුරටත් මෙසේද පවසයි.
''රටක තරුණ පරම්පරාව සැබෑ දේශපාලන දැනුමකින් සහ අවධානයකින් සිටිය යුතු බවයි මගේ යෝජනාව. එහෙම නැති වුනොත් මේ NPP Srilanka ආණ්ඩුව බලයට ගේන්න කියපු රොකට් පව, බල්ලොන්ගේ රත්තරං මාල පච, තෙල් මිල කොමිස් නැති කරලා රුපියල් 160 කින් අඩු කරනවා වගේ පච වලට අහුවෙන්නේ. එහෙම උනාම තමයි මේ වගේ වැඩ බැරි JVP Srilanka සෙට් එකකට බලය යන්නේ.
අවුරුදු 76 ක සාපය කියන්නෙත් තවත් එක විශාල පචයක්. 1950 දි ආයු කාලය අවුරුදු 50 අද වෙනකොට අවුරුදු 73 යි. සාක්ශරතාවය 60% ඉදන් අද වෙනකොට 95% යි. මේ ජයග්‍රහණ ලබා ගත්තෙත් ජවිපේ සහ එල්ටීටීයී අරගල තුලින් රටට නැති කරපු ඩොලර් බිලියන 200 ක වත්කම් හානියත් එක්ක.
සැකයක් තියාගන්න එපා අපි Namal Rajapaksa එක්ක මේ රට හදනවා...'