රජිත හිරාන් (පිං පොං) ගේ  ආසන සංවිධායක ධුරය පිළිබඳ අලුත් ම පුවත

රජිත හිරාන් (පිං පොං) ගේ  ආසන සංවිධායක ධුරය පිළිබඳ අලුත් ම පුවත

රංගන ශිල්පි රජිත හිරාන්ට (පිං පොං) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ සංවිධායක ලෙස පත් කර ඇතිබවට පළවන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් ම සාවද්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක අජිත් නාරගල පැවසී ය.

ඔහු ඊයේ (29) මෙම අදහස් පළ කළේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ අජිත් නාරගල...

"අද දින (29) දින කැස්බෑව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්‍යාලය (Lotus office) පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මේ උත්සවයට සහභාගී වීම සදහා දේශ්පාලඥයින් මෙන්ම කලාකරුවන් සහ විද්වතුන් රැසක් ද සහභාගී විය. මෙහි දී අනෙක් කලාකරුවන් මෙන්ම රජිත හිරාන් (පිං පොං) ද අමුත්තන්ගේ පොතේ සිය සටහන තබද්දී ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වනු නිරීක්ෂණය කළෙමි. තව ද එහි දී කැස්බෑව ආසන සංවිධායක ලෙස රජිත හිරාන් (පිං පොං) පත්කර ඇති බවට සාවද්‍ය ප්‍රවෘත්තියක් ද පළවී තිබෙනු නිරීක්ෂණය කළෙමි. මෙය සම්පූර්ණයෙන් ම ව්‍යාජ, අසත්‍ය ප්‍රවෘත්තියකි.

මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති පළ කිරීම ගැන තමා අතිශය කණගාටුවන බවත් මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවන, ශක්තිය ලබාදෙන කලාකරුවන්, මෙන්ම ජනප්‍රිය පුද්ගලයින් අධෛර්යට පත්කිරීමට ගන්නා ලද පහත් උත්සාහයක් ලෙස මා දකිමි.''

 

rajitha2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න