යාපනය, පලෙයිතීව් දූපතේ පැවැත්වෙන වාර්ෂික මංගල්‍යය සඳහා බැතිමතුන් රැගෙන යමින් තිබූ බෝට්ටුවක් අද (06) පෙරවරුවේ ගුරුනගර් ජැටිය ආසන්නයේදී පෙරළී යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන්දියාවේ සංගීතඥයකුට ලබාගත හැකි සියලුම සම්මාන ලබාගත් විශිෂ්ට සංගීතවේදියකු වන මහාරාජපුරම් සන්තානම් ජී යාපනය පුස්තකාලය සමග පැවති අවියෝජනීය සබඳතාවක් පිළිබඳ මෙතෙක් ඔබ නොදැන සිටි සංවේදී පුවතක් මේ වන විට හෙළිදරව් වී තිබේ.
යාපනය පුස්තකාලය
මෙම හෙළිදරව්ව කරනු ලබන්නේ ලේඛක විෂ්ණු වාසු විසිනි.
ඒ, ඔහු ද මහාරාජපුරම් සන්තානම් ජී වෙතින් සංගීතට ඉගෙන ගන්නා සමයේ ඔහු ලද අත්දැකීමක් ඇසුරෙනි.
මතු පළ වන්නේ ඒ පිළිබඳව විෂ්ණු වාසු සිය අදහස ඉදිරිපත් කරණ අවස්ථාව ය.
සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යාපනය සංචාරක මණ්ඩලය විසින් මනිපායි මරුතඩි විනායහර් කෝවිලේ දී ඊයේ (15) සංවිධානය කර තිබූ තෛපොංගල් උත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී විය.
යාපනයේ චෙම්මනි ප්‍රදේශයේදී යතුරු පැදියක් හා පෞද්ගලික බස් රථයක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් යාපනයේ පාපන්දු ශූරයෙකු ඊයේ (13 දා) සවස අනතුර සිදු වූ ස්ථානයේදීම මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ උඩුතුරෙයි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි එස්.බාලකුමාර් නැමති අයෙකු වන අතර ඔහු යාපනයේ සෙන්තමිල් පාපන්දු ක්‍රීඩා සමාජයේ පාපන්දු කණ්ඩායමේ නායකයා වේ. ඔහු පාපන්දු විනිසුරුවරයෙකු වශයෙන්ද කටයුතු කළ අයෙකි.
පාපන්දු ක්‍රීඩකයා ගැටී ඇත්තේ මන්නාරම හා යාපනය අතර ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථයකය.
පාපන්දු ක්‍රීඩාවෙන් ශූරතා රැසක් හිමිකරගෙන සිටින ඔහු මියයාමේ පුවත සැලවීමත් සමගම ඔහුගේ මෘත ශරීරය තැන්පත් කොට තිබෙන යාපනය ශීක්ෂණ රෝහලට විශාල පිරිසක් රැස්වී සිටියහ.
හේවුඩ් මියුසියම් තුළ පවතින ප්‍රධානතම ගැටලුව මියුසියම් ක්‍රමවේදය ගැන තිබෙන ආකල්පමය දිළිදුභාවය යි. මෙම කෞතුකාගාරයට ඇතුළත් කර ඇති කලාකරුවන් සහ කලා කෘති නිෂ්චිත කාල පරාසයකට යටත් කර ඒ වගේම කලාකරුවන් සංඛ්‍යාවකට යටත් කර එය නැවත නොසෙල්වෙන සහ යාවත්කාලීනය දොරගුළු වසා දමා ඇති සේ පරිසමාප්ත නිෂ්ටාවක් බවට පත් කිරීම දැකිය හැකි ය.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කලු ජනවාරි සැමරුම මෙම මස 19 වැනිදා උදෑසන දහයට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ දී සිදු කෙරේ.
කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ආර්.අයි.ටී.අලස් ගුරුපියාණන්ගේ 12වන ගුණානුස්මරණ උත්සවය නොවැම්බර් මස 27 වන දින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජික, විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍ය අරවින්ද ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
රත්නපුර කහවත්තේ හිරමඩගම වලව්වේ විසු ඊ. ඒ. දෙල්ගොඩ සිය නිවසේ තිබු වටිනා පුස්කොළ පොතක් 1938 පෙබරවාරි 12 වෙනිදා ඉංග්‍රීසි ආණ්ඩුව පත්කළ අත්ලිපි කොමිසමට භාර දුන්නේය. මෙය, අප රටේ එක් රාජධානි යුගයක් සහ විශේෂයෙන් එම යුගයේ රත්නපුරයේ සමාජ දේශපාලන ඉතිහාසය විස්තරාත්මකව ගොඩනැගීමට අදටත් ඉවහල් කරගත හැකි මහඟු ඉතිහාස මුලාශ්‍රයකි.
ශ්‍රී ලංකාවේ අවි ගැටුම් සමයේ සහ ඉන් අනතුරුව සිදුකරන ලද ලිංගික හිංසා හුදෙක් හුදකලා සිදුවීම් සමූහයක් නොව:
වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ දුම්වැටි 165,200ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින යුදමය වාතාවරණය මේ මට්ටමෙන් ඔබ්බට නොගිය හොත් අපේ රටට ආර්ථිකමය ගැටලු පැන නොනගින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සහතික කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා පැවසී ය.
ඇමෙරිකා ඉරාන යුදමය තත්ත්වය දැනටමත් ගෝලීය ආර්ථිකයට බරක්වී ඇති බවත්, ගෝලීය ආර්ථික අවධමනයක් සහ ආර්ථික වර්ධනවලට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අගවයි.
ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් පවත්නා තත්ත්වය අනුව යුද්ධය නොනැවතුන හොත් අනාගතයේ දී මීට වඩා ආර්ථික ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවනු ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසී ය.
අසනු මා වෙණ නද
බලයට වඩා මනුෂ්‍යත්වය තෝරාගන්නා ලෙස ලෝක නායකයින් ගෙන් කෙරෙන ආයාචනයක්!
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය විසින් පවත්වනු ලබන යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරය 2026 පෙබරවාරි 12 වැනි දින කොළඹ දී පැවැත් වේ.
චීනය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳාම් සිදුකිරීමට හැකි පරිදි RMB පහසුකම භාවිතකිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමේ හමුවක් ඊයේ (29) කොළඹ දී පැවැත්වුණි.
"ඔස්කාර්"... දැන් තිරගතවන සිංහල චිත්‍රපටය අධ්‍යක්ෂ එරංග සේනාරත්නගේ 9 වන සිනමා නිර්මාණය ලෙසින් ප්‍රේක්ෂකයා වෙත පැමිණ ඇත. එකී නම සිනමාවට සබැඳිව "ඔස්කාර්" වූ පමණින් ම එහි යම් අමුත්තක් හිතට ගෙන එනවා. ඒ මක්නිසා ද යත් සෑම සිනමාකරුවකු ගේම පරම සිහිනය ඔස්කාවක් වන නිසා ය.
යෝෂිත රාජපක්ෂ ගේ බිරිඳ වන නිතීශා ජයසේකරට මෙල්බන් නගරයේ නිවාස තුනක් ඇතැයි you tube නාලිකා හිමිකරුවකු වන සුදන්ත තිලකසිරි පවසයි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කොළඹ මහාධිකරණය විසින් නොවැම්බර් 12 වැනිදා කැඳවන ලෙස අද (15) නියෝග කර ඇත.
මෙම නඩුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැදවනු ලැබීය.
එහිදී පැමිණිල්ල විසින් නඩුවට සම්බන්ධ ලේඛන කිහිපයක් විත්තියේ නීතීඥවරුන් වෙත විවෘත අධිකරණයේදී ලබා දුන් අතර විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ තවත් ලේඛන සමහරක් කඩුවෙල උසාවියේ විත්තිකරුට එරෙහිව ගොනු කර ඇති නඩුවක ඇති බව පැවසුවේය.
පසුව නඩුවට සම්බන්ධ ලේඛන පරීක්ෂා කිරීමට අවශ්‍ය බවත් ජනාධිපති නිතීඥවරයා අධිකරණය හමුවේ දන්වා සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර ඉල්ලා සිටියේ එම ලේඛන පරීක්ෂා කිරීම සඳහා නඩුව කැඳවීමට දිනයක් ලබා දෙන ලෙසත් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුවට අදාළ ලේඛන පරීක්ෂාව සඳහා මෙම නඩුව නොවැම්බර් 6 වැනිදා කැඳවන ලෙස නියෝග කළ අතර නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව නොවැම්බර් 11 වැනිදා කැඳවන ලෙසත් නියෝග කර ඇත.
රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

