රට වටා පාපැදි සවාරිය අද මහනුවරින් ආරම්භ වේ

රට වටා පාපැදි සවාරිය අද මහනුවරින් ආරම්භ වේ

Lanka Ride පාපැදි සවාරිය පළමු දිනය මහනුවරින් අවසන් විය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන Lanka Ride පාපැදි සවාරිය  කොළඹින් ආරම්භ විය.

Lanka Ride පාපැදි සවාරිය පළමු දිනය මහනුවරට ගමන් කළ අතර, එහි දෙවන දිනය වන අද මහනුවරින් ආරම්භ වී අනුරාධපුරයට ගමන් කිරීමට නියමිතය.

එය 18 වැනිදා අනුරාධපුරයෙන් කොළඹ බලා පැමිණේ.

මෙම පාපෙදි සවාරිය සඳහා කණ්ඩායම් 27ක පාපැදි ක්‍රීඩකයෝ සම්බන්ධ වී සිටිති.

මහනුවරදී  අවසන් කෙරුණු තරඟයේ පළමු අදියරයේ දී ත්‍යාග 5ක් ලබාදුන් අතර, ඒ අනුව අංක 193න් තරඟ කළ එච්.ඩබ්ලිව්.එම්.එස් පින්තු ප්‍රථම ස්ථානය දිනාගත්තේ පැය 2යි විනාඩි 52යි තප්පර 41කින් තරඟය නිමා කරමිනි. අංක 195න් තරඟ කළ ඒ.ඩී.එස් පෙරේරාට දෙවන ස්ථානය හිමි වූ අතර, ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කරති. තෙවන ස්ථානය අංක 82න් තරඟයට පිවිසි ජාඇල ෆ්ලෑෂ් කණ්ඩායමේ දේශාන් කවින්ද හිමි කරගත්තේය. අංක 142න් තරඟ කළ සුරංග රණවීර සිව් වන ස්ථානය සහ අංක 33න් තරඟ කළ සිතුම් පූර්ණ පස්වන ස්ථානය දිනාගත්තේය.

අද උදෑසන 9ට තරඟය ගන්නෝරුව කෘෂි පර්‍යේෂණ මධ්‍යස්ථානය ඉදිරිපිටින් ආරම්භ විය

 
 
 
අංජුල මහික වීරරත්න
 
08 Sandaruwan 03

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න