මෙරට ඖෂධ මාෆියාව තවමත් පවතින බව දන්වමින් ඒකීය රටක් වෙනුවෙන් අපි එක මුතුව සංවිධානය: ජනාධිපති, අගමැති සහ සෞඛ්‍ය ඇමතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
මෙරට කෘෂිකාර්මික අපද්‍රව්‍ය ඇති ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල ගෑස් නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි නෝර්වේහි අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය ඒකාබද්ධව මෙරට මලෙයිගම් ප්‍රජාවගේ ජීවන තත්ත්ව උසස් කිරීමේ අරමුණෙන් මෙරට ඉදි කළ නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ සහ හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ලබන 12වන දින බණ්ඩාරවෙල මහජන ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිත ය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පසුගියදා ඉන්දියාවේ සාංචි මහා පුදබිමට පැමිණ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සහ ධර්මාශෝක අගරජු ඉදිකළ සාංචි චෛත්‍ය සංකීර්ණය වැඳ පුදා ගත් බව සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ පවසති.
මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනකු සඳහා ඉන්දියාවේ කොචි (Kochi) හි පිහිටි අම්රිතා රෝහල ( Amrita Hospital) තුළ දී හදවත් සැත්කම් සිදු කිරිමට අදාළ ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (10) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ධම්ම සරණ බෞද්ධ විරාස්ථානයේ ප්‍රධාන භික්ෂුව ලෙස කටයුතු කළ, නාඔටුන්නේ විජිත ( Naotunne Vijitha ) හිමි, ළමා ලිංගික අපයෝජන රැසකට වරදකරු කෙරේ.
ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර ධම්ම සරණ විහාරයේ විහාරාධිපති නාඔටුන්නේ විජිත හිමි බාල වයස්කාර ගැහැනු ළමුන් 6 දෙනෙකුට එරෙහිව ලිංගික අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ දූත මණ්ඩල ප්‍රධානී (මිනිස්ටර්) ලෙස කටයුතු කළ බී.ආර්.පී.එම්.ඒ. දේවේන්ද්‍ර එකී තනතුරින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මානව සම්පත් අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ ලිපිය, පෙත්සම් විභාගය අවසන් වනතුරු බලරහිත කරමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
2025 අගෝස්තු 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඔහු එකී රාජකාරියෙන් ඉවත් කර යළි ශ්‍රී ලංකාවට කැඳවමින් විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මානව සම්පත් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුමිත් දිසානායක විසින් 2025.7.16 දාතමින් නිකුත් කර තිබූ එකී ලිපිය බලරහිත කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය, ඔහු එකී රාජකාරියෙන් මාරුකිරීම හා ඔහුගේ රාජකාරියට බාධාවන පරිදි කටයුතු කිරීම ද නිසි අධිකරණ තීන්දුවකින් තොරව සිදු කිරීම වළක්වමින් ද තවත් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේය.
සුමිත් දිසානායක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා යන වගඋත්තරකරුවන්ට එකී අතුරු තහනම් නියෝග නිකුත් කෙරිණි.
සේවය අත්හිටුවීම අයුක්ති සහගතයි....
ප්‍රාදේශීය ලේකම්වරයකු ලෙසත් කම්කරු අමාත්‍යාංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ පාලක අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙසත් කටයුතු කළ වසර 22 ක නිකළැල් රාජ්‍ය සේවයකට හිමිකම් කියන රාජ්‍ය පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියකු වන තමා 2024.09.02 වැනිදා එකී තනතුරට පත්කළ බවත්, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අවම වශයෙන් කළ වරද දැක්වෙන චෝදනා පත්‍රයක් හෝ ඉදිරිපත් නොකොට කිසිදු විනය පරීක්ෂණයකින් තොරව එලෙස නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දන්වා සේවය අත්හිටුවීම අයුක්ති සහගත බව පෙන්වාදෙමින් දේවේන්ද්‍ර ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
වසර තුනක කාලයක් සඳහා එකී තනතුරට පත්කිරීම නිසා සිය සේවාදායකයා ඔහුගේ බිරිඳ හා දරුවන් ද රැගෙන එරටට ගොස් සිටියදී පත්වීම ලබාදී වසරක කාලයක් ඉක්මයෑමටත් මත්තෙහි එලෙස තනතුරින් ඉවත් කර මාසයක කාලයක් ඇතුළත යළි ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දැනුම්දීම ඉතා අයුක්තිසහගත බවත්, ඔහු වෙත නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අවලංගු කළ බවට බලධාරීන් විසින් එරට බලධාරීන් දැනුවත් කර ඇති බවත් පෙන්වාදෙමින් පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත ජයවර්ධන කළ කරුණු දැක්වීම සලකා බැලූ එස්.යූ.බී. කරල්ලියද්ද හා ආචාර්ය ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරු මඬුල්ල එම අතුරු තහනම් නියෝග නිකුත් කළහ.
එකී පෙත්සම විභාගයට ගැනීමට ද අවසර ලබාදුන් විනිසුරු සම්බන්ධයෙන් විවාදය ලබන ඔක්තෝබර් 23 වැනිදා ආරම්භ කිරීමට ද දින නියම කළේය. සති දෙකක කාලයක් ඇතුළත පිළිතුරු දිවුරුම් ප්‍රකාශ තම අධිකරණය හමුවේ ගොනුකරන ලෙසට ද විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළේය.
රජයේ අධිනීතිඥ අබිගල් ජයකොඩි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි අතර නීතිඥ සෙහාර හේරත් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත ජයවර්ධන පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටියහ.
තම අධිකරණයේ එකී නියෝග වහාම වගඋත්තරකරුවන් වෙත දැනුම්දීමට පියවර ගන්නා ලෙසට ද විනිසුරු මඬුල්ල අභියාචනාධිකරණ ලේඛකාධිකාරිවරයාට වැඩිදුරටත් නියෝග කළේය.
(ceylonwire.lk)
වත්මන් රජය විසින් මෙවර අයවැයෙන් අප රටේ දුප්පත් ජනතාව සහමුලින්ම නොසලකා හැර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
මැතිවරණ සමයේ දී මාලිමා කණ්ඩායම දුන් පොරොන්දු මෙන් ම පැවසූ සුන්දර කතා මේ වන තෙක් ඉටු කර නැතැයි ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක පැවසී ය.
මෙවර ගංවතුර අවස්ථාවේ දී කොළඹ නගරය වෙනදා (2016) මෙන් ජලයෙන් යට නොවූයේ එවකට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය ජගත් මුනසිංහ ගේ ප්‍රමුඛත්වයෙන් ඇක්වරීනා (ජලයෙන් උපන් නගරය) නමැති සංකල්පය යටතේ නිර්මාණය කළ වැඩපිළිවෙළ හේතුවෙන් යැයි හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක පැවසී ය.
මීට පෙර අප මෙවන් ආපදා අවස්ථාවලට මුහුණ පා ඇති බවත්, එවන් අවස්ථාවල දී හිතවත් රටවල් අප රටට උදවු කර ඇති බවත්, ඒ සෑම අවස්ථාවක ම ඔවුන් අප වෙත ආධාර ලබා දුන්න ද හමුදාව මෙරටට නොඑවූ නමුත් මෙවර එම ආධාර පැමිණියේ සන්නද්ධ හමුදාවත් සමග බැවින් එය බරපතළ ගැටලුවක් යැයි දේශපාලන විශ්ලේෂක සහ මාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසී ය.
මෙහෙණින් වහන්සේ නමකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ප්‍රසිද්ධ ස්ථානයක කළහකාරි ලෙස හැසිරීමේ චෝදනාව යටතේ වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ජනතාවගේ හිසමත බරපටවා අසීමිත පීඩනයක් ඇති කර අයි. එම්. එෆ්. කොන්දේසිවලට එහා ගොස් ජනතාවගේ අරමුදල් සූරා කෑ අයවැයක් ලෙස මෙම අයවැය දකින එයට එයට විරුද්ධ වූයේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
මේ පුංචි දූපතේ
ලෝකයේ ආර්ථික අර්බුදයක් පවතින සමයක දී ඇතැම් වෙළෙන්දෝ තමා සන්තකයේ පවතින භාණ්ඩ හිටි අඩියේ මිල ඉහළ දමන්නේ නම් ඒ අය හඳුන්වන්නේ ''කළුකඩකාරයින්'' ලෙස බවත්, ආණ්ඩුව ද මේ වන විට කළුකඩකාරයින් ගේ තත්ත්වයට පත්ව ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසවා ය.
මාලිමා කණ්ඩායම ආණ්ඩුවක් ලෙස තමන් කරන කියන දේවල් ජනතාවට හංගන ප්‍රමාණය අනුව මීට පෙර එලෙස කළ ආණ්ඩුවක් මෙතෙක් බිහි වි නැතැයි මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේශක කුසල් පෙරේරා පැවසී ය.
නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය බිය ගන්වා තමන්ට අවශ්‍ය දේ කරගන්නට මෙම ආණ්ඩුව උත්සාහ කරන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
මේ ආණ්ඩුව ආරම්බභවන්නේ ම ඒකාධිකාරි පාලනයක් සමග බවත්, නැවත ශිෂ්‍යයින් කෙසේ වෙතත් ශිෂ්‍යයින් ගේ දෙමාපියන්ට හෝ පාරට බසින්නට මේ ආණ්ඩුව ඉඩ තබන්නේ නැතැයි සමාජ හා දේශපාලන විශ්‌ලේෂක, මාධ්‍යවේ දී කුසල් පෙරේරා පැවසී ය.
අනිවාර්යයෙන්ම ජනාධිපතිට පුද්ගලිකවම නඩු ගොඩකට මුහුණ දෙන්න වෙනව.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

