වෛද්‍ය සේවාව දීප ව්‍යාප්ත සේවාවක් වන බැවින් විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණිධාරි වෛද්‍යවරුන් සහ පරිපාලන වෛද්‍යවරුන් ඔ්නෑම මොහොතක සේවා අවශ්‍යතාව අනුව මුළු රට පුරාම ප්‍රතිකාර සේවා සපයන ලබන බවත්, එහි දී වෛද්‍යවරු: තම රාජකාරි, පොරොත්තු රාජකාරි සහ හදිසි ඇමතුම් රාජකාරි සඳහා ප්‍රවාහන පහසුකම් තමන් විසින් ම සලසාගනු ලබන අතර රාජ්‍ය සේවයේ අනෙක් සමාන්තර ඛාණ්ඩවලට මෙන් නිල වාහන හෝ ඉන්ධන දීමනා රජයෙන් ලබා දීමක් සිදු නොවන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
ඔවුන් මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මේ වන විට සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති බැවින් අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම ආණ්ඩුවේ අනිවාර්ය වගකීමක් යැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේ රජයේ වෙවද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.


