වුල්වර්ඩ්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකාවේ එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට නිල වශයෙන් ආරාධනා කර තිබූ බව එම විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන ලද ලිපි මගින් තහවුරු වී තිබේ.
ගාල්ල දිස්ත්‍රිකය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ රමේශ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත් කර ඇත.
මිනිසුන් වශයෙන් අප මුහුණපාන්නා වූ ගැටලු, අභියෝග විවිධාකාර ය. තනි තනි වශයෙන් පමණක් නොව පොදුවේ පිරිසකට මුහුණ පෑමට සිදුවන්නා වූ ගැටලු අභියෝග ඒ අතර සුවිශේෂී ය. මන්ද යත් ඒවායේ කටුක බව සහ ප්‍රතිඵල සියල්ලන්ට අත් විඳින්නට ලැබෙන බැවිනි.
හිටපු කතානායක අශෝක රන්වලට ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කිරීමට අවශ්‍ය තරම් කාලය ගතවී ඇති බැවින් දැන් ඔහුට සහතිකයක් නැතැයි තමා සිතන බව අමාත්‍ය බිමල් රත්නායක පැවැසී ය.
හිටපු මුදල් ඇමැති රවි කරුණානායක හා පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් යන විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා අධිකරණය හමුවේ දී සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සූදානම් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර පෙරේදා (12දා) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේදී පැවැසීය.
* දෙසැම්බර් ඉවර වෙද්දි ඩොලර් බිලියන 7.2ක් සංචිතවල තියෙන්න ඕනෑ! දැන් ඒක තියෙනවද?
පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති සහ හිටපු ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහි චෝදනා නැවත ගොනු කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
කිසියම් රසායනික ද්‍රව්‍යයක් ස්වසනය වීමෙන් පාසල් සිසුවියන් 19 දෙනෙකු පානදුර මූලික රෝහලට රැගෙන විත් ඇති බව පානදුර මූලික රෝහල් ප්‍රකාශකයෙක් කීය.
රනිල් කවදත් මහා විහාර සම්ප්‍රදායට ඉතා හිතැතිව කටයුතු කළ නායකයෙකි. මහා විහාර සම්ප්‍රදායේ යට ගියාව මතු කර ගැනීම සඳහා කැණීම් ඇරඹීමට රනිල් අගමැති ලෙස විශේෂ සහයක් ලබා දුන්නේ ය.
ඊජිප්තුව හරහා ගාසා තීරයට අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන සහ මගී ප්‍රවාහනය සිදු කෙරෙන ප්‍රධාන ප්‍රවිෂ්ඨ මාවත වන, රෆා කොරිඩෝව නැවත දැනුම් දෙන තෙක් වසා දැමෙන බව ඊශ්‍රායලය නිවේදනය කරයි.
එය හෙට (20) යළි විවෘත කෙරෙන බවට ඊජිප්තුව දැනුම් දීමත් සමග ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් එම පියවර ගෙන තිබේ.
රෆා කොරිඩෝව විවෘත කෙරෙන්නේ හමාස් සංවිධානය සටන් විරාම ක්‍රියාවලියට අනුගත වන ආකාරය අනුව බව, ඊශ්‍රායලය පවසයි. ගිවිසුම් ප්‍රකාරව, හමාස් භාරයේ පසුවෙමින් සිටියදී මියගිය ඉතිරි සියලු ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ඊශ්‍රායල හමුදාව වෙත භාර දිය යුතු අතර, ගිවිසුමේ අනෙකුත් කොන්දෙසිවලටද එම සංවිධානය වහා එකඟ ව ක්‍රියා කළ යුතු බව, ඊශ්‍රායල අවධාරණය කරයි.
ගාසා වැසියන්ට එරෙහිව හමාස් සංවිධානය විසින් භීෂණකාරී හිංසන රැසක් සිදු කරමින් සිටින බවට විශ්වසීය තොරතුරු ලැබී ඇතැයි ද, එය සටන් විරාමය උල්ලංඝනය කරන්නකැයි ද, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/19/2025
Israel says Rafah crossing to remain closed until further notice
රාගම නගරයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා දමා, අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද (01) අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි.
රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
රාජපක්ෂ පාලනය විසින් යුද්ධය අවසන් කරනු ලැබූව ද උතුරු නැගෙනහිර ජනතාව ගේ ප්‍රශ්නය සඳහා තිරසාර විසඳුමක් ලබා දෙන්නට අපොහොසත් වූයේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
රජය විසින් රාජ්‍ය අංශයේ ප්‍රතිඵල පදනම් කරගත් කළමනාකරණය (Results-Based Management - RBM) ශක්තිමත් කිරීම සඳහා නව "අමාත්‍යාංශ ප්‍රතිඵල රාමුවක්" හඳුන්වා දී ඇත.
2025 සිට 2029 දක්වා කාලය ආවරණය වන පරිදි, අමාත්‍යාංශ 22 ක් සහ අනුබද්ධ ආයතන ඉලක්ක කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකය.
මෙමගින් සියලුම සංවර්ධන ඉලක්ක නිශ්චිත කාල රාමු තුළ දී ඉටුකරන බව සහතික කිරීම අපේක්ෂා කෙරේ.
මෙම ප්‍රතිඵල රාමුව සකස් කර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
එහි ප්‍රධාන අරමුණ වන්නේ අමාත්‍යාංශ හරහා කාර්යක්ෂමතාව, වගවීම සහ සම්බන්ධීකරණය ඉහළ නැංවීමයි.
එමෙන්ම, රාජ්‍ය අංශයේ ව්‍යාපෘති නියමිත වේලාවට නිම කිරීමෙන් රජයේ ආයෝජන කෙරෙහි මහජනතාවගේ විශ්වාසය වැඩි කිරීම ද අපේක්ෂා කෙරේ.
මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
ඒ අනුව මෙම නව ක්‍රමවේදය මඟින් එක් එක් අමාත්‍යාංශයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සහ අයවැය උපායමාර්ගය මෙම ප්‍රතිඵල රාමුව සමඟ සෘජුවම ඒකාබද්ධ කෙරෙනු ඇත.
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය ඉතිහාසයේ සුවිශාල ප්‍රගතියක් සනිටුහන් කරමින් 2025 වසර තුළ වැඩිම ඖෂධ නිෂ්පාදන ලෙස ඖෂධ පෙති සහ කරල් මිලියන 3625ක් නිෂ්පාදනය කිරීමට සමත්වී ඇත.
2025 රාජ්‍ය කෙටිනාට්‍ය සහ දිගු නාට්‍ය උලෙළ නොවැම්බර් 18වන දින සිටි 28වන දින දක්වා මරදාන එල්ෆින්ස්ටන් රගහලේ දී...
රාජ්‍ය නිලධාරීන් හැකි තරම් නීත්‍යනුකූලව කටයුතු කළ යුත් බවත් එසේ නොවුණ හොත් ඔවුන් බරපතළ අසීරුතාවකට පත්වන්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබේ.
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීම වත්මන් රජයේ අරමුණ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබේරත්න පවසයි.
ඔහු මේ බව පැවසුවේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන හඳුනාදීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමිනි.
ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම තම අරමුණු බවත් ග්‍රාම නිලධාරිවරයා දක්වා මෙම නව තාක්ෂණය ගෙන යා යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
රාජකාරී කටයුතු පහසුව සහ කාර්යක්ෂමව කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත පරිදි ස්වදේශ කටයුතු අංශයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුල සිටින නිලධාරීන්ගේ අත්සන් ඩිජිටල්කරණය ක්‍රියාවලිය මෙහිදී ආරම්භ විය.
ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන ප්‍රකාරව LankaPay ආයතනය ඩිජිටල් අත්සන සහිතක කිරීමේ අධිකාරිය වේ.
මේ අනුව ලිපි මඟින් කටයුතු කිරීමේදී ඇතිවෙන ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකිවන සේම වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසා ගත හැකියි.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර , ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම්වරුන් වන ආචාර්ය රෝෂිණී දිසානයක, ඒ.ජී. නිශාන්ත, චිත්‍ර තිලකරත්න, ධම්මික මුතුගල, ඔමාලි විමලරත්න, මෙන්ම ප්‍රධාන මුල්‍ය නිලධාරී ජේ. ඩී. ඒ. පී ජයසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු යූ. එල්.ඒ. නසාර්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගීගනගේ සහ ස්වදේශ කටයුතු අංශයේ මාණ්ඩලික නිධාරීන් රැසක් එක් ව සිටියහ.
Ada derana.lk
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට ඇතිවූ තාවකාලිකව බාධා වීම් තවදුරටත් පවතී.
මෙම සිදුවීම හරහා කිසිදු දත්ත හානියක් හෝ ආරක්ෂක ක්‍රමවේදයන්ට බලපෑමක් නොමැති බව ICTA ආයතනය අවධාරණය කරයි. දත්තවල අඛණ්ඩතාවය සම්පූර්ණයෙන්ම සුරක්ෂිතව පවතින අතර, තීරණාත්මක පද්ධති පූර්ණ සුරක්ෂිතතාවයෙන් යුතුව ක්‍රියාත්මක වේ.
මෙම බාධාවට හේතු වූ මූලික හේතු කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ICTA ආයතනයේ ඉංජිනේරුවන් සහ සේවා සැපයුම්කරුවන්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමක් දිවා රෑ නොබලා කටයුතු කරමින් සිටින අතර මේ සඳහා උපරිම ප්‍රමුඛතාවය ලබා දී ඇත.
මහජනතාවට ඇතිවන අපහසුතා අවම කිරීම සඳහා, සහතික පිටපත් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගැනීම වැනි බලපෑමට ලක් වූ සේවාවන් සඳහා වූ විකල්ප ක්‍රමවේද තවදුරටත් ක්‍රියාත්මක වේ. පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම පාර්ශ්වකාර ආයතන වෙත තත්‍ය කාලීන ප්‍රගති වාර්තා මඟින් අඛණ්ඩව දැනුම් දෙමින් සිටී.
2025 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන ලද LGC හි නවීකරණ සහ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය මඟින් පුළුල් කළ ධාරිතාවකින් සහ උසස් තාක්ෂණයෙන් යුත් ක්ලවුඩ් යටිතල පහසුකම් සැපයීමට නියමිත අතර, එමඟින් නියමිත ප්‍රමිතීන්ට අනුකූල සේවා සහතික කිරීමක් හා නම්‍යශීලීභාවයක් සහතික කරනු ඇත.
LGC හි පූර්ණ ප්‍රතිෂ්ඨාපනය ඉක්මනින් අපේක්ෂා කරන අතර, පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා සේවාවන් අදියර වශයෙන් නැවත සක්‍රීය කිරීමට සැලසුම් කර ඇත. සියලුම සේවාවන් කඩිනමින් ප්‍රශස්ත කාර්ය සාධනයකට ගෙන ඒමට ICTA ආයතනය පූර්ණ කැපවීමෙන් යුතුව ක්‍රියා කරයි. මෙම කාල සීමාව තුළ මහජනතාව සහ බලපෑමට ලක් වූ ආයතන දක්වන අවබෝධය හා සහයෝගය වෙනුවෙන් ICTA ආයතනය සිය ස්තුතිය පුද කරයි.
(ada)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

