#newstube

  • රන්වල වෙනුවෙන් ලාල්කාන්ත කරලියට !

    රිය අනතුරක් හේතුකොටගෙන අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහරිනු ලැබූ හිටපු කතානායක අශෝක රන්වල සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර ඇත.

  • රන්වලට සුදුසු ම තැන කොතැන ද...?

    මාත් එකක් දෙකක් බයිලා ලිව්ව නිසා මේ ටික ලියලා රන්වල ජාතකේ ඉවර කරන්නම්.

  • රනිල් - සජිත් ආශිර්වාදයෙන් රටේ තීරණාත්මක දේශපාලන කඳවුරක් - හර්ෂණ රාජකරුණා

    සජිත් ප්‍රේමාදස ගේ නායකත්වයෙන්, රනිල් වික්‍රමසිංහ ගේ ආශිර්වාදයෙන් ගොඩනැගෙන කඳවුර රටේ තිරණාත්මක දේශපාලන කඳවුරුක් බවට පත්වෙන බවත්, ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දක්ෂිණාශික දේශපාලනය පිළිගන්නා සියලුම දෙනාට ආරාධනා කරනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා පැවසී ය.

  • රනිල් විපක්ෂ නායකයින් කැඳවීමට යයි

    'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති වූ අතිශය අයහපත් තත්ත්වය හමුවේ ගත යුතු පියවර සාකච්ඡා කිරීම සඳහා සියලුම පක්ෂ නායකයින් කැඳවීමට හිටපු ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පියවර ගෙන තිබේ.

  • රනිල්, මෛත්‍රී සමග ඉන්දියාවට ගියේ ඇයි ?

    හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (21 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියේය.

  • රවිට ඇලෝසියස්ට ඇති චෝදනා ඔප්පු කරන්න සාක්ෂිකරුවන් 53 ක් සහ ලේඛන 40ක් සූදානම්

    හිටපු මුදල් ඇමැති රවි කරුණානායක හා පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් යන විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා අධිකරණය හමුවේ දී සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සූදානම් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර පෙරේදා  (12දා) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේදී පැවැසීය.

  • රවීගෙන් මහබැංකුවට ප්‍රශ්න වැළක්!

    * දෙසැම්බර් ඉවර වෙද්දි ඩොලර් බිලියන 7.2ක් සංචිතවල තියෙන්න ඕනෑ! දැන් ඒක තියෙනවද?

  • රෆා කොරිඩෝව තව දුරටත් වැසේ

    ඊජිප්තුව හරහා ගාසා තීරයට අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන සහ මගී ප්‍රවාහනය සිදු කෙරෙන ප්‍රධාන  ප්‍රවිෂ්ඨ මාවත වන, රෆා කොරිඩෝව නැවත දැනුම් දෙන තෙක් වසා දැමෙන බව ඊශ්‍රායලය නිවේදනය කරයි.

    එය හෙට (20) යළි විවෘත කෙරෙන බවට ඊජිප්තුව දැනුම් දීමත් සමග ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් එම පියවර ගෙන තිබේ.

    රෆා කොරිඩෝව විවෘත කෙරෙන්නේ හමාස් සංවිධානය සටන් විරාම ක්‍රියාවලියට අනුගත වන ආකාරය අනුව බව, ඊශ්‍රායලය පවසයි. ගිවිසුම් ප්‍රකාරව, හමාස් භාරයේ පසුවෙමින් සිටියදී මියගිය ඉතිරි සියලු ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ඊශ්‍රායල හමුදාව වෙත භාර දිය යුතු අතර, ගිවිසුමේ අනෙකුත් කොන්දෙසිවලටද එම සංවිධානය වහා එකඟ ව ක්‍රියා කළ යුතු බව, ඊශ්‍රායල අවධාරණය කරයි.

    ගාසා වැසියන්ට එරෙහිව හමාස් සංවිධානය විසින් භීෂණකාරී හිංසන රැසක් සිදු කරමින් සිටින බවට විශ්වසීය තොරතුරු ලැබී ඇතැයි ද, එය සටන් විරාමය උල්ලංඝනය කරන්නකැයි ද, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.


    (සටහන | Reuters   ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/19/2025


    Israel says Rafah crossing to remain closed until further notice

  • රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා

    අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි  පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද (01) අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි.

  • රාජ්‍ය අංශයේ කුසීතකම් දුරලන්න:  RBM එයි !

    රජය විසින් රාජ්‍ය අංශයේ ප්‍රතිඵල පදනම් කරගත් කළමනාකරණය (Results-Based Management - RBM) ශක්තිමත් කිරීම සඳහා නව "අමාත්‍යාංශ ප්‍රතිඵල රාමුවක්" හඳුන්වා දී ඇත.

    2025 සිට 2029 දක්වා කාලය ආවරණය වන පරිදි, අමාත්‍යාංශ 22 ක් සහ අනුබද්ධ ආයතන ඉලක්ක කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකය.

    මෙමගින් සියලුම සංවර්ධන ඉලක්ක නිශ්චිත කාල රාමු තුළ දී ඉටුකරන බව සහතික කිරීම අපේක්ෂා කෙරේ.

    මෙම ප්‍රතිඵල රාමුව සකස් කර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

    එහි ප්‍රධාන අරමුණ වන්නේ අමාත්‍යාංශ හරහා කාර්යක්ෂමතාව, වගවීම සහ සම්බන්ධීකරණය ඉහළ නැංවීමයි.

    එමෙන්ම, රාජ්‍ය අංශයේ ව්‍යාපෘති නියමිත වේලාවට නිම කිරීමෙන් රජයේ ආයෝජන කෙරෙහි මහජනතාවගේ විශ්වාසය වැඩි කිරීම ද අපේක්ෂා කෙරේ.

    මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

    ඒ අනුව මෙම නව ක්‍රමවේදය මඟින් එක් එක් අමාත්‍යාංශයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සහ අයවැය උපායමාර්ගය මෙම ප්‍රතිඵල රාමුව සමඟ සෘජුවම ඒකාබද්ධ කෙරෙනු ඇත.

  • රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, 2025 වසරේ පෙති සහ කරල් මිලියන 3625 ක් නිකුත් කරයි

    ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය ඉතිහාසයේ සුවිශාල ප්‍රගතියක් සනිටුහන් කරමින් 2025 වසර තුළ වැඩිම ඖෂධ නිෂ්පාදන ලෙස ඖෂධ පෙති සහ කරල් මිලියන 3625ක් නිෂ්පාදනය කිරීමට සමත්වී ඇත.

  • රාජ්‍ය කෙටිනාට්‍ය සහ දිගු නාට්‍ය උලෙළ නොවැ. 18 සිට 28 දක්වා

    2025 රාජ්‍ය කෙටිනාට්‍ය සහ දිගු නාට්‍ය උලෙළ නොවැම්බර් 18වන දින සිටි 28වන දින දක්වා මරදාන එල්ෆින්ස්ටන් රගහලේ දී...

  • රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්

    රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබේ.

    රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීම වත්මන් රජයේ අරමුණ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබේරත්න  පවසයි.

    ඔහු මේ බව පැවසුවේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන හඳුනාදීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමිනි.

    ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම තම අරමුණු බවත් ග්‍රාම නිලධාරිවරයා දක්වා මෙම නව තාක්ෂණය ගෙන යා යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    රාජකාරී කටයුතු පහසුව සහ කාර්යක්ෂමව කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත පරිදි ස්වදේශ කටයුතු අංශයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුල සිටින නිලධාරීන්ගේ අත්සන් ඩිජිටල්කරණය ක්‍රියාවලිය මෙහිදී ආරම්භ විය.

    ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන ප්‍රකාරව LankaPay ආයතනය ඩිජිටල් අත්සන සහිතක කිරීමේ අධිකාරිය වේ.

    මේ අනුව ලිපි මඟින් කටයුතු කිරීමේදී ඇතිවෙන ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකිවන සේම වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසා ගත හැකියි.

    මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර , ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම්වරුන් වන ආචාර්ය රෝෂිණී දිසානයක, ඒ.ජී. නිශාන්ත, චිත්‍ර තිලකරත්න, ධම්මික මුතුගල, ඔමාලි විමලරත්න, මෙන්ම ප්‍රධාන මුල්‍ය නිලධාරී ජේ. ඩී. ඒ. පී ජයසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු යූ. එල්.ඒ. නසාර්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගීගනගේ  සහ ස්වදේශ කටයුතු අංශයේ මාණ්ඩලික නිධාරීන් රැසක් එක් ව සිටියහ.

    Ada derana.lk

  • රාජ්‍ය මාර්ගගත සේවා පද්ධතියට ඇතිවූ බලපෑම තවදුරටත්

    ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට ඇතිවූ තාවකාලිකව බාධා වීම් තවදුරටත් පවතී.

    මෙම සිදුවීම හරහා කිසිදු දත්ත හානියක් හෝ ආරක්ෂක ක්‍රමවේදයන්ට බලපෑමක් නොමැති බව ICTA ආයතනය අවධාරණය කරයි. දත්තවල අඛණ්ඩතාවය සම්පූර්ණයෙන්ම සුරක්ෂිතව පවතින අතර, තීරණාත්මක පද්ධති පූර්ණ සුරක්ෂිතතාවයෙන් යුතුව ක්‍රියාත්මක වේ.

    මෙම බාධාවට හේතු වූ මූලික හේතු කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ICTA ආයතනයේ ඉංජිනේරුවන් සහ සේවා සැපයුම්කරුවන්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමක් දිවා රෑ නොබලා කටයුතු කරමින් සිටින අතර මේ සඳහා උපරිම ප්‍රමුඛතාවය ලබා දී ඇත.

    මහජනතාවට ඇතිවන අපහසුතා අවම කිරීම සඳහා, සහතික පිටපත් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගැනීම වැනි බලපෑමට ලක් වූ සේවාවන් සඳහා වූ විකල්ප ක්‍රමවේද තවදුරටත් ක්‍රියාත්මක වේ. පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම පාර්ශ්වකාර ආයතන වෙත තත්‍ය කාලීන ප්‍රගති වාර්තා මඟින් අඛණ්ඩව දැනුම් දෙමින් සිටී.

    2025 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන ලද LGC හි නවීකරණ සහ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය මඟින් පුළුල් කළ ධාරිතාවකින් සහ උසස් තාක්ෂණයෙන් යුත් ක්ලවුඩ් යටිතල පහසුකම් සැපයීමට නියමිත අතර, එමඟින් නියමිත ප්‍රමිතීන්ට අනුකූල සේවා සහතික කිරීමක් හා නම්‍යශීලීභාවයක් සහතික කරනු ඇත.

    LGC හි පූර්ණ ප්‍රතිෂ්ඨාපනය ඉක්මනින් අපේක්ෂා කරන අතර, පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා සේවාවන් අදියර වශයෙන් නැවත සක්‍රීය කිරීමට සැලසුම් කර ඇත. සියලුම සේවාවන් කඩිනමින් ප්‍රශස්ත කාර්ය සාධනයකට ගෙන ඒමට ICTA ආයතනය පූර්ණ කැපවීමෙන් යුතුව ක්‍රියා කරයි. මෙම කාල සීමාව තුළ මහජනතාව සහ බලපෑමට ලක් වූ ආයතන දක්වන අවබෝධය හා සහයෝගය වෙනුවෙන් ICTA ආයතනය සිය ස්තුතිය පුද කරයි.

     



    (ada)

  • රැජිනියන් උපදින්නේ නෑ, ඔවුන් නිර්මාණය කරනු ලබනවා

    මේ මී මැසි ලෝකයේ පුදුම කතාවක්! රැජිනක් මිය ගියාම, රටක වගේ මී මැසි ජනපදයක අවුල් සහගත, අරාජික තත්ත්වයක් ඇතිවෙන්නේ නෑ.

  • රියැදුරු අකුසලතා ලකුණු මාස හයකින් එනවා - පොලිසිය

    රියැදුරු අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ලබන වසරේ ජුනි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ඒ.ජේ. සේනාධීර පැවසීය.

  • රියැදුරුට නින්ද ගිහින් අයෙක් මරුට - 5ක් රෝහලේ

    තණමල්විල වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ දෙසීය අසූඅට කණුව අසලදී අද (03) අලුයම වෑන් රියක් ගසක හැපි සිදු වූ අනතුරකින් වෑන් රථයේ සිටි පුද්ගලයෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

    තණමල්විල දෙස සිට වැල්ලවායට දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට ගොස් අඹ ගසක සහ තේක්ක ගසක ගැටී අනතුර සිදුවී ඇත.

    අනතුරින් තුවාල ලැබු වෑන් රථයේ රියදුරු ඇතුළු හයදෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

    මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක රාජකාරී කටයුත්තකට ගොස් යළි බුත්තල බලා යමින් සිටි පිරිසකි.

    වෑන් රථයේ රියදුරු 18 හැවිරිදි අයෙකු වන අතර, මියගොස් ඇත්තේ 56 හැවිරිදි දඹුල්ලේ පදිංචිකරුවෙකි.

    තුවාලකරුවන් තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවු තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.

    තුවාලකරුවන් අවුරුදු 23, 35 සහ 49 වන වයස්වල පසුවන පුද්ගලයින් බව පොලීසිය පැවසීය.

    තණමල්විල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


    (aruna.lk)

  • රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම්

    කොළඹ ජාතික රෝහලේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කර තිබේ.

  • රුපියල බාල්දුවීම හේතුවෙන් විදේශ ණය බර රු. බිලියන 703කින් ඉහළ යයි

    ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් පසුගිය මාස 15 තුළ ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය රු. බිලියන 703කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

  • රුමේනියාවේ ගොඩනැගිල්ලක පිපිරීමක් 

    රුමේනියාවේ බුකාරෙස්ට් අගනුවර මහල් අටකින් යුත් ගොඩනැගිල්ලක අද (17) සිදු වූ පිපිරීමකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව, 12 දෙනකු තුවාළ ලබා ඇතැයි වාර්තා වේ.

    පිපිරීමෙන් අසල පාසලකට ද හානි සිදු වී ඇත.

    පිපිරීමත් සමග ගොඩනැගිල්ලේ මහල් දෙකක් මුළුමනින්ම ඇද වැටී, අනෙකුත් මහල් ද විනාශ ව තිබේ.

    අනතුර සිදු වූ ස්ථාන වෙත වහා හදිසි සේවා කැඳවා තිබේ. සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය.

    එරට,  ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 6,295ක් පමණ සේවයේ යෙදී සිටින බව රුමේනියා ජර්නල් (Romania Journal.ro) වෙබ් අඩවිය සඳහන් කරයි.

    අනතුරට පත් පිරිස් අතර ශ්‍රී ලාංකිකයින් වන බවට මෙතෙක් අනාවරණය වී නැත.

    (සටහන | Reuters   ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න