ජනාධිපති, ඩිජිටල් ආර්ථික පරිවර්තනය උදෙසා සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බලයි

ජනාධිපති, ඩිජිටල් ආර්ථික පරිවර්තනය උදෙසා සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බලයි

ඩිජිටල් ආර්ථික පරිවර්තනය උදෙසා 2025 වසරේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකට ඊයේ (19) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීම, QR ගනුදෙණු ප්‍රවර්ධනය කිරීම, ක්ලවුඩ් (Cloud) යටිතල පහසුකම් මධ්‍යස්ථානය පිහිටුවීම, අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් (BroadBand) පහසුකම ලබා දීම සඳහා වූ ජාතික වැඩසටහන, Single window (තනි කවුළු) පහසුකම් ලබා දීම, ඩිජිටල් හැඳුනුම්පත ලබාදීමේ ව්‍යාපෘතිය සහ දඩ මුදල් ගෙවීම ඩිජිටල්කරණය (Traffic Spot Fine) සඳහා වූ ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාව තුළ මුදල් නෝට්ටු රහිත ආර්ථිකයක් (Cashless Economy) ප්‍රවර්ධනය වෙනුවෙන් රජය සැලසුම්කර ඇති ව්‍යාපෘතින්හි ප්‍රගතිය පිලිබඳ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කලේ ය.

එමෙන්ම, රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ආරම්භ කෙරුණු GovTech ආයතනයේ වත්මන් තත්ත්වය සහ නව බඳවා ගැනීම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

 

akd2

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න