#newstube

  • මොරගහකන්ද ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවට මොකද වෙන්නෙ...? -  #AskNamal වීඩියෝවක්

    මොරගහකන්ද ව්‍යාපෘතිය වෙනුවෙන් සිය ගම් බිම් අත්හැර දමා වෙනත් පෙදෙසක පදිංචියට ගිය ජනතාව වෙනුවෙන් කිසිදු සාධනීය වැඩපිළිවෙළක් සැකසීමට යහපාලන ආණ්ඩුව සමත් වූයේ නැතැයි පරිපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • මොරගහකන්ද සහ කොත්මලේ වේලි කැඩී යාමේ අවදානමක් නෑ - DMC

    කොත්මලේ සහ මොරගහකන්ද ජලාශ වේලි බිඳී ගොස් ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි.

  • මොරටුවේ කුණු ගොඩගැසේ නගර සභාව නිදි !!!

    මොරටුව නගර සභාව සඳහා නව පාලනය පත්වීමෙන් පසුව නගරයේ කුණු ඉවත් කිරීමේ කටයුතු අඩාලවි ඇතයි වාර්තාවේ.

  • මෝටර් රිය ඇළට පෙරැළි මව -පියා -පුතා මරුට

    සායින්දමරුදු ප්‍රදේශයේ ගමන් කරමින්  තිබූ මෝටර් රථක් අද (27) මාර්ගයේ ලිස්සා ගොස් පොලමේරියන් ඇළට වැටීමෙන් එහි ගමන්ගත් අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ හය හැවිරිදි දරුවා මියගොස් ඇතිබව,සායින්දමරුදු පොලිසිය පවසයි.

  • යළි ඉදි වෙන මධ්‍යම අධිවේගය

    මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු අද (17) දින නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතව තිබේ.

    ඒ ජනාධිපති  අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

    එහිදී කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කෙරෙනු ඇති බව සඳහන් වේ.

    මෙම කොටසේ ඉදිකිරීම් 2022 මැද භාගයේදී අත්හිටුවනු ලැබු අතර ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන-ආනයන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත වී ඇති බව වාර්තා වේ.

    මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජය විසින් වෙන්කර ඇති අතර 2028 වසරේ මැද භාගය වන විට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතව ඇත.
    මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම කඩවත සහ මීරිගම අතර කොටසේ දුර කිලෝමීටර් 37 වේ


  • යළි උග්‍ර වෙන කීරි සම්බා සහ සම්බා සහල් හිඟය

    අද (15) දින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් අදහස් දැක්වීමක් සිදු කළේය.

    ඔහු සඳහන් කළේ මේ සම්බන්ධව තොරතුරු පාරිභෝගික කටයටුතු පිළිබඳ අධිකාරියට ලැබුණු බව හා ඒ පිළිබද සිදුකළ සොයා බැලීමකදි එවැනි සහල් හිඟයක් සම්බන්ධව අධිකාරියට කරුණු අනාවරණය වූ බවය.

    ගැසට් පත්‍රයක් මගින් පාලන මිලක් නියම කර තිබියදී එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන්නේ නම් පවත්නා නීතිය යටතේ අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට අධිකාරිය පියවර ගන්නා බව ඔහු පවසා සිටියේය.

    එමෙන්ම මේ සම්බන්දව වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් මේ වන විට 3,000ක් ඉක්මවා වැටලීම් සිදු කර ඇති බවත් 1,000කට ආසන්න ප්‍රමාණයකට නීතිය ක්‍රියාත්මක කර ඇති බවත් මිලියන 95කට ආසන්න ප්‍රමාණයක් අයකරගෙන ඇතැයිද ඔහු පැවසීය.

    කෙසේ නමුත් පවතින සහල් හිඟය හමුවේ නිකුත් කර ඇති ගැසට් පත්‍රය සංශෝධනය කිරීමක් සිදු කිරීමේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවත් ගැසට් පත්‍රයේ සඳහන් මිලට සහල් අලෙවි කරන ලෙසත් වී මිලදී ගැනීම් සිදුකරන ලෙසත් විශේෂයෙන් සියලු පාර්ශ්ව වෙත දන්වන බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

  • යාපනය පුස්තකාලය ගිනිලෑමෙන් ඉක්බිති සංවේදි වූ ඉන්දීය සංගීතවේදියා

    ඉන්දියාවේ සංගීතඥයකුට ලබාගත හැකි සියලුම සම්මාන ලබාගත් විශිෂ්ට සංගීතවේදියකු වන මහාරාජපුරම් සන්තානම් ජී යාපනය පුස්තකාලය සමග පැවති අවියෝජනීය සබඳතාවක් පිළිබඳ මෙතෙක් ඔබ නොදැන සිටි සංවේදී පුවතක් මේ වන විට හෙළිදරව් වී තිබේ.

     

    download 4යාපනය පුස්තකාලය

    මෙම හෙළිදරව්ව කරනු ලබන්නේ ලේඛක විෂ්ණු වාසු විසිනි.

    ඒ, ඔහු ද මහාරාජපුරම් සන්තානම් ජී වෙතින් සංගීතට ඉගෙන ගන්නා සමයේ ඔහු ලද අත්දැකීමක් ඇසුරෙනි.

    මතු පළ වන්නේ ඒ පිළිබඳව විෂ්ණු වාසු සිය අදහස ඉදිරිපත් කරණ අවස්ථාව ය.


  • යාපනයේ පාපන්දු ශූරයා රිය අනතුරකින් මරුට

    යාපනයේ චෙම්මනි ප්‍රදේශයේදී යතුරු පැදියක් හා පෞද්ගලික බස් රථයක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් යාපනයේ පාපන්දු ශූරයෙකු ඊයේ (13 දා) සවස අනතුර සිදු වූ ස්ථානයේදීම මියගොස් තිබේ.

    මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ උඩුතුරෙයි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි එස්.බාලකුමාර් නැමති අයෙකු වන අතර ඔහු යාපනයේ සෙන්තමිල් පාපන්දු ක්‍රීඩා සමාජයේ පාපන්දු කණ්ඩායමේ නායකයා වේ. ඔහු පාපන්දු විනිසුරුවරයෙකු වශයෙන්ද කටයුතු කළ අයෙකි.

    පාපන්දු ක්‍රීඩකයා ගැටී ඇත්තේ මන්නාරම හා යාපනය අතර ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථයකය.

    පාපන්දු ක්‍රීඩාවෙන් ශූරතා රැසක් හිමිකරගෙන සිටින ඔහු මියයාමේ පුවත සැලවීමත් සමගම ඔහුගේ මෘත ශරීරය තැන්පත් කොට තිබෙන යාපනය ශීක්ෂණ රෝහලට විශාල පිරිසක් රැස්වී සිටියහ.

  • යුගයක් දැනුමින් සැරසූ අපේ කාලයේ දිසාපාමොක්...

    කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ආර්.අයි.ටී.අලස් ගුරුපියාණන්ගේ 12වන ගුණානුස්මරණ උත්සවය නොවැම්බර් මස 27 වන දින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජික, විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍ය අරවින්ද ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

  • යුවාන් භාවිත කරමින් චීන - ශ්‍රී ලංකා වෙළෙඳාම් ගැන අවධානය

    චීනය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳාම් සිදුකිරීමට හැකි පරිදි RMB පහසුකම භාවිතකිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමේ හමුවක් ඊයේ (29) කොළඹ දී පැවැත්වුණි.

  • යෝෂිත සහ මිත්තණියගේ නඩුව නොවැම්බර් 12 කැඳවීමට නියෝගයක්

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කොළඹ මහාධිකරණය විසින් නොවැම්බර් 12 වැනිදා කැඳවන ලෙස අද (15) නියෝග කර ඇත.

    මෙම නඩුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැදවනු ලැබීය.

    එහිදී පැමිණිල්ල විසින් නඩුවට සම්බන්ධ ලේඛන කිහිපයක් විත්තියේ නීතීඥවරුන් වෙත විවෘත අධිකරණයේදී ලබා දුන් අතර විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ තවත් ලේඛන සමහරක් කඩුවෙල උසාවියේ විත්තිකරුට එරෙහිව ගොනු කර ඇති නඩුවක ඇති බව පැවසුවේය.

    පසුව නඩුවට සම්බන්ධ ලේඛන පරීක්ෂා කිරීමට අවශ්‍ය බවත් ජනාධිපති නිතීඥවරයා අධිකරණය හමුවේ දන්වා සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර ඉල්ලා සිටියේ එම ලේඛන පරීක්ෂා කිරීම සඳහා නඩුව කැඳවීමට දිනයක් ලබා දෙන ලෙසත් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුවට අදාළ ලේඛන පරීක්ෂාව සඳහා මෙම නඩුව නොවැම්බර් 6 වැනිදා කැඳවන ලෙස නියෝග කළ අතර නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව නොවැම්බර් 11 වැනිදා කැඳවන ලෙසත් නියෝග කර ඇත.

    රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.

  • යෝෂිතට එරෙහි නඩුව යළි කැඳවීමට දින දෙයි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 15 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

    මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් අධිකරණයේ පෙනී සිටිමෙන් අනතුරුව නඩුව ඔක්තෝබර් මස 15 කැඳවීමටද නියම විය.

    රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දෙපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

  • රංග ගේ පත්වීමට එරෙහිව නන්දන අධිකරණයට - දේශපාලන චෝදනා වෙනුවට නීතිමය සටනක් අරඹයි !

    අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් නන්දන ගුණතිලක අතර ඇතිවු මතභේදය, තීරණාත්මක නීතිමය සහ දේශපාලන ගැටුමක් දක්වා වර්ධනය වෙමින් පවතී.

    රංග දිසානායක වෙත තියුණු පිළිතුරක් ලබා දෙමින් නන්දන ගුණතිලක ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත්තේ, ඔහුගේ දේශපාලන සම්බන්ධතා විවේචනය කිරීමට වඩා, අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ඔහුගේ පත්වීමේ නෛතික නුසුදුසුකම අධිකරණය හමුවේ ප්‍රශ්න කරන බවයි.

    නන්දන ගුණතිලක විසින් නිකුත් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයේ, අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපහාසාත්මක ස්වරයෙන් ස්තූතිය පුද කර තිබීම විශේෂත්වයකි.

    අල්ලස් පනත සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කරන ආකාරය වැනි නීතිමය කරුණු අධ්‍යයනය කිරීමට තමන්ව පොළඹවන සුළු හැසිරීමක නිරත වීම සම්බන්ධයෙන් ඔහු එහිදී දිසානායකට "ස්තූතිය" පළ කර තිබිණි.

    "ඔබ ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ සිටි කාරණය විමසීමට පෙර, ඔබේ පත්වීම සිදුවී ඇති ආකාරය පිළිබඳව විමසීම සඳහා මා අධිකරණය වෙත එන බව පමණක් දැනට කියමි," යනුවෙන් ගුණතිලක සිය සටහනේ අවධාරණය කර ඇත.

     



    මෙම විවේචනය අල්ලස් කොමිසමේ අනෙකුත් නිලධාරීන්ට අදාළ නොවන බවත්, එය සම්පූර්ණයෙන්ම රංග දිසානායකගේ "පෞද්ගලික අක්‍රමිකතාවක්" බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.





    නන්දන ගුණතිලක ගේ ෆේස්බුක් සටහන මතු පළවේ.


    රංග ,
    නඩු දැමීම පිළිබඳව ඔබ මේ ලබාදෙන උපදෙස්වලට බොහොම ස්තූතියි.

    එ මෙන්ම අල්ලස් සහ දූෂණ පිළිබඳව කොමිෂන් සභාවට අදාළ පනත , අධ්‍යක්ෂක ජනරාල් ගේ පත්වීම සිදුකෙරෙන ආකාරය ආදී නෛතික කාරණා ඉතා මෑතකදී අධ්‍යයනය කිරීමට  මා පොළඹවන සුළු හැසිරීමක පසුගිය මාස දෙකක පමණ කාලයකදී නියැළීම පිළිබඳව ද ඔබට ස්තූතියි.

    විනිශ්චයකාරවරයෙකු ලෙස පත්වීමේදී බලපාන නුසුදුසුකම් පිළිබඳව සොයා බැලීමට තරම් වන හැසිරීමක ඔබ එකල නොයෙදීම පිළිබඳවද ස්තූතියි.

    සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ඉහතකී පනත් සහ එහි  කොන්දේසි පිළිබඳව සොයා බැලීමට , -  පෙර එවැනි උනන්දුවක් නොතිබූ මා හට එම උනන්දුව ඇති කිරීම ගැන නැවත වරක්  ඔබට  බොහෝම ස්තූතියි.

    ඒ නිසා ඔබ ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ සිටි කාරණය විමසීමට පෙර , ඔබේ පත්වීම සිදුවී ඇති ආකාරය පිළිබඳව විමසීම සඳහා මා අධිකරණය වෙත එන බව පමණක් දැනට කියමි.

    ඔබේ නුසුදුසුකම පිළිබඳව  මා කල විවේචනය සහ ඔබේ පත්වීම පිළිබඳව ඇති නියත නෛතික නුසුදුසුකම පිළිබඳව වෙනත් පුද්ගලයන්ගෙන් සහ සමාජයෙන් පැනනැගුනු චෝදනා අල්ලස් හා දූෂණ කොමිසමේ අනෙක් නිලධාරීන්ට කිසිසේත්ම අදාළ නොවන බවත් එය තනිකරම ඔබේ පෞද්ගලික අක්‍රමිකතාවක් බවත් නැවත උදක්ම කියා සිටිමි...!!!






    උපක්‍රමික මාරුව සහ ගොඩනැගෙන සන්ධානය


    නන්දන ගුණතිලක මහතාට සමීප ආරංචි මාර්ග හෙළිදරව් කරන්නේ මෙය හුදු ප්‍රතිචාරයක් නොව, සැලසුම් සහගත උපක්‍රමික මාරුවක් බවයි.

    රංග දිසානායක මහතාගේ ජවිපෙ දේශපාලන සම්බන්ධතා පිළිබඳ චෝදනාවට සීමා නොවී, ඔහුගේ පත්වීමේ නීත්‍යානුකූලභාවය සහ ධුරයට ඇති සුදුසුකම අභියෝගයට ලක් කිරීම තුළින්, මෙම ගැටලුව පෞද්ගලික දේශපාලන විවේචනයකින් ඔබ්බට ගෙන ගොස්, ශක්තිමත් නීතිමය පදනමක් මත ස්ථාපිත කිරීමට ගුණතිලක මහතා අපේක්ෂා කරයි.

    පිටතට තනි පුද්ගලයෙකු ලෙස පෙනී සිටියද, නන්දන ගුණතිලක මහතා හට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයින්ගේ සහ ප්‍රබල දේශපාලන පාර්ශ්ව රැසක සහාය හිමිවෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    ජවිපෙ හිටපු සාමාජිකයින් වන විමල් වීරවංශ, වරුණ රාජපක්ෂ, කැලුම් ජයසුමන, අචල ජාගොඩ වැනි අය රැසක් මේ වනවිටත් ඔහු වටා එක්වෙමින් සිටින බව වාර්තා වේ.

     මීට අමතරව, එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ දේශපාලන කඳවුරුවල  සහායද ඔහු වෙත ලැබෙමින් පවතින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


    IMAGE

    ඒ අනුව, ඉදිරි කාලය තුළ මෙම ගැටුම අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ ස්වාධීනත්වය සහ එහි ඉහළ නිලතල සඳහා වන පත්වීම් පිළිබඳ පුළුල් කතිකාවතක් නිර්මාණය කරනු ඇති අතර, එය තීරණාත්මක නීතිමය මෙන්ම දේශපාලන සටනක් බවට පත්වනු ඇති බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති.

  • රංග දිසානායක සහ නන්දන ගුණතිලක: නියෝජ්‍ය ඇමතිට අනුර ගෙන් කණේ පහරක්! | සරෝජ් පතිරණ

    මීට සති කිහිපයකට කලින් රනිල් පාක්ෂික හිටපු ඇමති කෙනෙකුගෙන් ජාජබ නියෝජ්‍ය ඇමති කෙනෙකුට කෝල් එකක් ආව.

    හිටපු ඇමති ඒ වෙලාවේ හිටියේ හැංගිලා.

    කොහොම හරි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට කතා කරලා මාව බේරල දෙන්න කියල හිටපු ඇමති නියෝජ්‍ය ඇමතිගෙන් බැගෑපත්ව ඉල්ලලා.

     

    Ranga Disanayaka රංග දිසානායක


    නියෝජ්‍ය ඇමැතිත් දෙපාරක් හිතන්නේ නැතුව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තුමාට කෝල් එකක් දීල.

    ඊට පස්සේ තමයි ලස්සනම කතාව.


    නියෝජ්‍ය ඇමතිට දවස් දෙකක් නවලෝකේ නවතින්නත් සිද්ද වුණා...




    ආයේ කවදාවත් මේ වගේ කෝල් දෙන්න එපා කියල නියෝජ්‍ය ඇමතිටත් තරයේ අවවාද කරලා, මේ කතාව ජනාධිපතිතුමාට කියන්න වෙන බවත් දැනුම් දීල රංග දිසානායක කෙලින්ම කෝල් කරලා තියෙන්නේ අනුරට.

     



    හැරෙන තැපෑලෙන් අනුරගෙන් ආපු කෝල් එක නිසා අන්තිමට නියෝජ්‍ය ඇමතිට දවස් දෙකක් නවලෝකේ නවතින්නත් සිද්ද වුණා!

    හිටපු ඇමති කවුද, නියෝජ්‍ය ඇමති කවුද කියල නම් නොකියන්නේ මාධ්‍ය ආචාර ධර්මවල විදියට එයාලටත් Right to Reply අයිතියක් තියෙන නිසා.

    නමුත් ඒ තමයි රංග දිසානායක කියන්නේ.

    කාගෙන්, කොයි විදියට බලපෑම් ආවත් මම දන්නා තරමින් අද වෙනතුරුම නොසැලී කෙලින්ම නීතිය ක්‍රියාවට නගන නිලධාරියෙක්.

    රට පුරා දූෂණය, වංචාව ඔඩු දුවද්දී, රටේ දැවැන්ත අපචාර සිද්ද වෙද්දී, මහ බැංකුව කොල්ල කද්දී, දේශබන්දු ල කුඩු බිස්නස් කරද්දී නොදැක්ක වගේ හිටපු නන්දන ගුණතිලක ල, මහින්ද පතිරණ ල වගේ අය දැන් තැතිගැනිල ඉන්නේ ඒ නිසා.

     

    nandana 20250929නන්දන ගුණතිලක


    රංග දිසානායකට විරුද්ධ නන්දන ගුණතිලකගේ ප්‍රහාරයේ සැබෑ අරමුණ....


    විශේෂයෙන්ම මුළු රටම දැවැන්ත ආර්ථික අර්බුදයක ඉන්න වෙලාවක "රට බේරගත්ත නායකයා" රටේ මිනිස්සුන්ගේ මුදල් රුපියල් කෝටි ගාණක් වියදම් කරලා wife ගෙ උපාධි උත්සවේකට රට සවාරි යාම ගැන රනිල් ලොක්කත් arrest කළාට පස්සේ කුපිත වුණ දූෂිත රනිල් - රාජපක්ෂ නඩේ බලන්නේ කොහොම හරි ජාජබ ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩසටහන කඩාකප්පල් කරන්න.

     

    ranil

    රංග දිසානායකට විරුද්ධ නන්දන ගුණතිලකගේ ප්‍රහාරයේ සැබෑ අරමුණ ඒක.

    නැත්නම් අපරාධකාරයෙක් කියල රටේ ඉහළම අධිකරණය තීන්දු කරපු දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති පදවියට පත්කරන කොට, ලංකා ඉතිහාසයේ හිටපු කුප්‍රකටම නීතිපතිවරයෙක් වුණ සංජේ රාජරත්නම් ගේ ධුර කාලය දීර්ඝ කරලා අගවිනිසුරු පදවියට පත්කරන්න උත්සහ කරනකොට, අධිකරණ නියෝග පවා නොතකා පළාත් පාලන මැතිවරණය කල් දාන කොට, ටිරාන් අලස් දූෂිත VFS වීසා ගණුදෙණුව කරන කොට නන්දන ගුණතිලක ල, මහින්ද පතිරණ ල කොහෙද හිටියේ?

     

    mahinda pathiranaමහින්ද පතිරණ

    දැන් මගෙන් ප්‍රශ්න අහන former human rights activist නීමල්කා ප්‍රනාන්දු ඒ කාලේ කොහෙද කිටියේ? අරගලයේ පිහිටෙන් පිං ජනාධිපතිකමට ආපු රනිල් හමුදාවයි, කුලී හමුදාවයි දාල අරගලයට එලව, එලව ගහන කොට නිමල්ක කොහෙද හිටියේ?

    මේ ප්‍රශ්න මතු කළාම මගෙන් අහන්නේ ඒව නොකරන්න නේද මාලිමාව බලයට ගෙනාවේ කියල.

    ඔව්. මාලිමාවත් ඒවම කරනවා නම් පැහැදිලිවම ඒක වැරදියි.

    එහෙම වරදක් කරනවා දැකපු මොහොතේම ඒක වැරදියි කියන්න, හෙලා දකින්න මම නම් පැකිලෙන්නේ නෑ.



    ඒත් රංග දිසානායක එහෙම වරදක් කරලා තියෙනවද?




    ලොක්ක arrest කරපු නිසාත්, පෙන්ෂන් එක අවලංගු කරපු නිසාත් මාලිමාව එක්ක ලොකු වෛරයකින් ඉන්න (ජවිපෙ හිටපු ජනාධිපති අපේක්ෂක) නන්දන ගුණතිලක කියන විදියට මීට දශක ගණනකට කලින් රංග දිසානායක ජවිපෙ නීති කමිටුවේ හිටිය නම් ඒකෙ වරද මොකක්ද?

    රංග ජවිපෙ කමිටුවේ හිටිය නම්, ඔහු අධිකරණ සේවයට බැඳෙන්නේ ඒකෙන් ඉවත් වෙලාද? මහේස්ත්‍රාත්වරයෙක් සහ මහාධිකරණ විනිසුරුවරයෙක් විදියට රංග දිසානායක ගේ ක්‍රියාකලාපය ජවිපෙ ට පක්ෂපාතීද?

     



    ඒ ප්‍රශ්නවලට පිළිතුරු ඔව් නම්, එතෙන්දි ඔහු අල්ලස් කොමිසමේ ප්‍රධානියා විදියට පත්කිරීම වැරදියි.

    නමුත් රංග දිසානායකට මම දන්නා තරමින් එහෙම එක චෝදනාවක් වත් නෑ.


    හොරු රංචුවක් එකතුවෙලා ගෙනියන campaign එකක්....


    දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා හිටිය කියල කෙනෙකුට ආණ්ඩුවේ තනතුරක් දරන්න බැරිද? ලංකාවේ මීට කලින් කවදාවත් එහෙම කවුරුවත් ඉඳල නැද්ද? ඇත්තටම ඔය කියන "ස්වාධීන" මිනිස්සු ලංකාවේ ඉන්නවද?

    ආයෙත් කියන්නේ මේක සහමුලින්ම ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න හොරු රංචුවක් එකතුවෙලා ගෙනියන campaign එකක්.

    මේ සටහනෙන් මම කියන්න හදන්නේ මාලිමා ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩපිළිවෙල හරි අනෙක් ක්‍රියාමාර්ග හරි සම්පූර්ණයෙන්ම නිවැරදියි කියන එක නෙවෙයි.
    විශේෂයෙන්ම හැම දූෂිතයෙක් පස්සෙම යන ආණ්ඩුව අඩු ගානේ ටිරාන් අලස් ගේ නම කියන්න පවා බයවීම ගැන මටත් ලොකු විවේචනයක් තියෙනව.



    ඒ වගේම ත්‍රස්ත විරෝධී නීතිය දිගටම තියාගෙන ජනාධිපති අනුර පවා අහිංසක තරුණයෙක් මාස ගාණක් හිරකරගෙන හිටපු එක සම්පූර්ණයෙන්ම වැරදියි. හරි නම් අනුර ඇතුළු මාලිමාව ඒ තරුණයාගෙන් සමාව ගන්න ඕනේ; ඔහුට වන්දියක් ගෙවන්න ඕනේ. අනික මාලිමාව පොරොන්දු වුණා වගේ Online Safety Act එක අහෝසි කරන්න ඕනේ.

     

     

     

    ත්රස්ත විරෝධී නීතිය

    දූෂිතයින්ට විරුද්ධව යන මේ පාර වහල දාන්න ඉඩ දෙන්න බෑ....


    අනුර සහෝදරයා ඇතුළු මාලිමාව ආණ්ඩුව එක්ක මම එකඟ නොවෙන තැන් තියෙනව. නමුත් ඉතිහාසයේ කවදාවත් නොවූ තරමට මේ ආණ්ඩුව දූෂිතයින්ට
    දඬුවම් කිරීම අතින් ඉදිරියට ගිහින් තියෙනව; දූෂණයට වැට බඳිමින් ඉන්නවා. පහුගිය ආණ්ඩු කළා වගේ මේ ආණ්ඩුවේ ඉලක්කය හාල්මැස්සෝ විතරක් නෙවෙයි. කවද හරි දවසක ජනාධිපති අනුර ආපහු හැරෙන්න උත්සහ කළත්, දූෂිතයින්ට විරුද්ධව යන මේ පාර වහල දාන්න ඉඩ දෙන්න බෑ.

    ඒ වගේම තමයි නන්දන ගුණතිලක කියනවා වගේ රංග දිසානායක හරි, ශානි අබේසේකර හරි, රවී සෙනෙවිරත්න හරි ජවිපෙට විරුද්ධ චෝදනාවලින් ජවිපෙ බේරගන්න උත්සහ කළ බව සනාථ වුණොත් එදාට අපි ඔවුන්ට විරුද්ධවත් පැහැදිලිවම පෙනී ඉන්නවා.


    shani 20250929ශානි අබේසේකර


    | සරෝජ් පතිරණ
    බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

    (උපුටා ගැනීම - Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)

  • රගාසා සුළි කුණාටුව අද හොං කොං

    රගාසා (Ragasa) සුළි කුණාටුව අද (23) හොං කොං (Hong Kong) වෙත කඩා වැදුණේය.

    එහි, පාසල් සහ ව්‍යාපාර සියල්ල වසා දැමීමට පියවර ගැනිණි. ගුවන් ගමන් ද ලබන බ්‍රහස්පතින්දා (25) තෙක් අවලංගු කරන බව දැනුම් දී තිබේ. මෙම වසරේ, පෙරදිග සහ අග්නිදිග ආසියාවට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය වේ. ඊයේ (22) එය දැඩි හානි සිදු කරමින් ෆිලිපීනයට (Philippine) පතිත විය.

    පැයට සැතපුම් 137ක ජව සම්ම්පන්න සුළං ප්‍රවාහ සමගින් එය චීනයේ ග්වන්දොන් (Guangdong) පළාතට ලඟා වෙමින් ඇතැයි, වාර්තා වේ.

    ඉදිරි දින කිහිපයේ හොං කොං හි කුණාටු සහිත දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.

    කුණාටු හේතුවෙන් මුහුදු රළ ඉතා ඉහළ යා හැකි බව කාලගුණ නිරීක්ෂකයෝ අනතුරු අඟවති. වෙරළ තීරයේ මුහුදු රළ මීටර දෙකක් තෙක් ඉහළ යා හැකි යැයි, ඔවුහු දන්වා සිටිති.

    පහත්-බිම් පදිංචිකරුවන්ගේ නිවාසාරක්ෂාව වෙනුවෙන්, වැලි ඇසුරුම් ලබා දීමට ප්‍රාදේශීය බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

    දින කිහිපයක් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට ජනතාව වෙළඳ සල් අසල දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය කියයි. එළවළු මිල තෙගුණයකින් ඉහළ ගොස් තිබේ.

    අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ හොං කොං කොටස් වෙළඳපොල විවෘතව තැබීමට පියවර ගෙන ඇත. ඉකුත් වසරේ එළැඹි රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව, කිනම් අයහපත් කාලගුණික තත්ත්වයක් යටතේ වුව හොං කොං කොටස් වෙළඳපොල විවෘතව පවතී.

    ලොව විශාලතම විනෝදාස්වාද කේන්ද්‍රය වන මැකාවෝ (Macau) හි ද සියලු පාසල් සහ අනෙකුත් ව්‍යාපාර වසා දමා තිබේ. අවශ්‍ය වුවහොත්, ජනතාව, වෙනත් ස්ථාන කරා ඉවත් කිරීමට කටයුතු සම්පාදනය කරමින් ඇති බව එහි ප්‍රාදේශීය පරිපාලන නිලධාරීහු කියා සිටිති.

    මේ අතර, රගාසා සුළි කුණාටුවට මුහුණ දීම පිණිස චීනයේ තාක්ෂණික කේන්ද්‍රස්ථානය වන ෂෙන්ෂෙන් ( Shenzhen ) නගරයේ තාවකාලික කූඩාරම් 800කට අධික සංඛ්‍යාවක් සූදානම් කර ඇතැයි, නාගරික අධිකාරිය පවසයි.

    සුළි කුණාටුවේ බලපෑමට හසු වූ තායිවානයේ ද කඳුකර ප්‍රදේශ වල පදිංචි 7,600කට අධික පිරිසක් තාවකාලික වාසස්ථාන වෙත ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.


    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    9/23/2025


    මුලාශ්‍රය :

    Hong Kong braces for Super Typhoon Ragasa; schools, businesses shut


  • රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සුළු කොට සලකලා - කාවින්ද ජයවර්ධන

    වර්තමාන ජාතික ජනබලවේග රජයේ පවතින නොහැකියාව හේතුවෙන් රටේ පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සුළු කොට සැලකීමට කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන පැවසී ය.

  • රජය විපතට පත් ජනතාව ගේ මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරලා - සජිත් ප්‍රේමදාස

    අවදානම විනාශය කලින් දැනුම් දුන්නා නම් යම් මට්ටමකට හෝ අවම කර ගැනිමට හැකියාවක් තිබුණා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • රජයේ දොස්තරලාගේ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) උදෑසන 8.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් තාවකාලිකව අත්හිටුවා තිබේ.

  • රජයේ රෝහල් පද්ධතියෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ දී අනියත බියක් ඇතිකර ගතයුතු නැහැ

    ක්ලාන්තය සහ වමනය සදහා ලබාදෙන ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත ලබා දීමෙන් පසු රෝගීන් දෙදෙනකු මිය යෑමක් පිළිබඳව මාධ්‍ය වාර්තාකරන අතර ඊට අඳාළව පවතින වත්මන් තත්ත්වය පිළිබදව කරුණු පැහැදිළි කිරීම සදහා විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (17) පස්වරුවේ නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ නාමල් අතර හමුවක්

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක සභාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි. වී. චානක සහ එම පක්ෂයේ නියෝජිත පිරිසක් සමග සාකච්ඡා කළා යැයි එම සංගමයේ  ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න