හෙරොයින් හෝ වෙනත් ඕනෑම මත්ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් තමන්ට ශ්‍රී ලංකාවේ කිසිදු පොලිස් ස්ථානයක කිසිදු පැමිණිල්ලක් හෝ පරීක්ෂණයක් ක්‍රියාත්මක නොවන බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා විසින් ප්‍රකාශ කරයි.
මෙරට ජනගහණයෙන් සියයට 10ක් විවිධ මානසික රෝග වලින් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ජනගහණයෙන් සියයට දෙකක ප්‍රමාණයකට බරපතළ මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේය.
ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ඊයේ 08) පැවති ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙම තත්ත්වය සියදිවි හානිකර ගැනීම සඳහා ද වැඩි වශයෙන් බලපා ඇති බවය.
ගම්පහ පාසල් සිසුන්ගෙන් 24%කට විෂාදය
මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පවසන්නේ, ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගෙන් සියයට විසිහතරක් (24%) විෂාදයෙන් පෙළෙන බවට සායනික වශයෙන් තහවුරු වී ඇති බවයි.
මෙය භයානක තත්ත්වයක් බවද හෙතෙම සඳහන් කළේය.
කැලණිය විශ්වවිද්‍යාලය සහ මොනෑෂ් විශ්වවිද්‍යාලය එක්ව ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් එක්දහස් හතළිස්පස් දෙනකු (1,045) සහභාගි කරගෙන සිදුකළ
පරියේෂණයකින් මේ බව හෙළිව තිබේ.
එසේම සිසුන්ගෙන් සියයට හැටක (60%) පිරිසක් විශේෂ රෝග තත්ත්වයක් නොමැතිව මානසික ආතතියෙන් පෙළෙන බවද හඳුනාගෙන ඇත.
මෙම තත්ත්වයෙන් පැහැදිලි වන්නේ පාසල් සිසුන්ගෙන් බහුතර පිරිසකට ඔරොත්තු දීමේ හැකියාව නොමැතිකම බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
ඊට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ මෙම දරුවන්ගේ ගැටලුවලට දෙමව්පියන් ඇහුම්කම් නොදීම සහ ඔවුන්ගේ ප්‍රශ්න නොසලකා හැරිමයි. මීට අමතරව කුඩා කාලයේ ඔවුන්ට සිදුවූ වධහිංසා සහ අපයෝජනවලට පිළියම් යොදා නොමැතිවීම, නිරන්තරයෙන් විභාග සඳහා යොමු කිරීම, විශේෂයෙන් මාස තුනකට වතාවක් වාර විභාග පැවැත්වීම ද මෙසේ දරුවන් ආතතියට පත්වීමට හේතුවක් බව මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
(වරුණි පෙරමුණ)
හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් ලොව 98වන ස්ථානයට පත්ව ඇත.
වත්මන් ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයෙන් ලොව රටවල් 41කට පමණක් වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.
අවසන් වරට ඉකුත් සැප්තැම්බර් 11 වනදා නිකුත් කරන ලද දර්ශකයේ ශ්‍රී ලංකාව 97 වන ස්ථානයේ සිටියේය.
2024 වසරේ දී 96 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙම වසර මුලදී 91 වන ස්ථානය දක්වා ස්ථාන 5ක් ඉදිරියට පැමිණ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබුණි.
ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රයට හිමි ගෞරවය තවමත් සිංගප්පූරුව සතුව ඇති අතර, එම ගමන්බලපත්‍රයට රටවල් 193කට වීසා රහිතව ගමන්කළ හැකිය.
දකුණු කොරියාව (190) එහි දෙවන ස්ථානයේ ද, ජපානය (190) තෙවන ස්ථානයේද පසුවේ.
අසල්වැසි ඉන්දියාව ද ස්ථාන 5කින් පහළට පැමිණ මේ වනවිට 85වන ස්ථානයේ රැඳී සිටියි. එම විදේශ ගමන්බලපත්‍රය යටතේ රටවල් 57කට වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.
දකුණු ආසියානු රටවල් වන බංග්ලාදේශය මෙහි 100වන ස්ථානයේද, පාකිස්තානය 103වන ස්ථානයේද පසුවෙයි.
මෙහි අවසන් ස්ථානය එනම් 106වන ස්ථානයේ ඇෆ්ගනිස්තානය රැඳී සිටියි. එරට පුරවැසියන්ට රටවල් 24කට පමණක් වීසා රහිතව ගමන්කළ හැකිය.
දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාරයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පැවැති නිලවරණයෙන් විපක්ෂ කණ්ඩායම බලය තහවුරු කරගෙන තිබේ.
ලංකාවේ විශාලතම සමූපකාරය වන බෙරලපනාතර සමූපේ ඡන්ද විමසීමේදී 84ට 15ක් ලෙස ජයග්‍රහණය කිරීමට පොදු විපක්ෂය සමත් විය.
ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති අටක නියෝජිතයන් සඳහා විවෘත නිදහස් ගමන් අවසර පත්‍ර 138ක් නිකුත් කිරීමෙන් රුපියල් කෝටි හතරකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
එසේම හුවමාරු පදනම මත දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් දුම්රිය නිදහස් ගමන් අවසර පත් විසි දෙකක් වෘත්තිය සමිති සඳහා ලබාදීමෙන් තවත් කෝටි දෙකකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය පැවසීය
රජය පිළිගත් වෘත්තිය සමිති සම්මේලනයක් වෙනුවෙන් නිලධාරීන් දෙදෙනකු පූර්ණ කාලීනව සම්මේලනයේ කටයුතු සඳහා නිදහස් කළ හැකි බවත් එසේ මුදා හරින නිලධාරියෙකුට දිවයිනේ ඕනෑම ස්ථානයකට ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය බලපත්‍ර සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ නිදහස් ප්‍රවේශ පත්‍ර ලබාදිය යුතු බවත් පැවසිය. කෙසේ වෙතත් ඉහත නිදහස් ගමන් බලපත්‍ර නිකුත් කර ඇත්තේ ඒ නීතියට පටහැනිව බවද එම වාර්තාව ප්‍රකාශ කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.
( lankadeepa | සුජිත් හේවාජුලිගේ)
ලංගම බස් රථ අලුත්වැඩියා කිරීමට සපයන අමතර කොටස්වල ප්‍රමිතිය අන්තිම සවුත්තු යැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ඊයේ (11දා) පැවසීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් පරිපාලන තනතුරෙන් ඉවත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කරනු ලබන්නේම විදුලි බිල අඩු කිරීම ඉලක්ක කරගෙන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
ඔහු මේබව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.
විදුලි බිල අඩු වුණ අවස්ථා, වැඩි වුණ අවස්ථා සහ අඩු වැඩි නොකර පවත්වා ගෙන ගිය අවස්ථාවලුත් තිබුණ බව හෙතෙම කීවේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
“කාලයක් තිස්සේ විදුලිබල මණ්ඩලය අරගෙන ආව පාඩුවක් තිබෙනවා. මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියක තමයි මහජන උපයෝගිතා කොමිසම ඉන්නේ. විදුලි බිලේ කොහොම සංශෝධනයක් කරනව ද කියන එක තාමත් මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශයට පත් කරලා නැහැ. විදුලිබල මණ්ඩලයත් යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මහජනතාවත් විවිධ දේ ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ සියල්ල මත පදනම් වෙලා විදුලි බිල ගැන මහජන උපයෝගිතා කොමිසම තීරණයක් ලබාගනීවි.
පාරිභෝගිකයන්ගේ පැත්තෙන් එන ඉල්ලීම, කර්මාන්තකරුවන්ගේ හා ආයෝජකයන්ගෙන් එන ඉල්ලීම් සියල්ල සලකා බලමින් විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කරගැනීමට නම්, අනිවාර්යෙන්ම ප්‍රතිව්‍යුහගතකරණයට යා යුතු වෙනවා. ඉංජිනේරුවන්ට සහ කාර්ය මණ්ඩලයට කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබ දැනටමත් සේවය කරමින් ඉන්න ඒ ඒ අංශවලට ඇතුළත් වෙන්න. එහෙම නැතුව කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.”
(නුවන් කොඩිකාර)
1937 නොවෙම්බර් 25 වැනි දින කෑගල්ලේ ප්‍රදේශයේ රන්දෙණිය ග්‍රාමයේ දී නන්දසේන සමරසිංහ නමින් උපත ලද මොහු කලා ලොව තුළ සේන සමරසිංහ නමින් ප්‍රකට විය.
අපේ රටේ ජාතික තේ නිෂ්පාදනයට 60%ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් කුඩා තේවතු හිමියන් දායකත්වය ලබා දෙන අතර ඔවුන්ට තේ වතු ඉඩම්වලින් 30%ක හෝ 40%ක හිමිකම් තිබෙන බවත්, මෙසේ අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති අය විශාල දායකත්වයක් ලබා දෙන විට වැඩි ඉඩම් අයිතියක් ඇති රාජ්‍ය සමාගම් හෝ පෞද්ගලික වතු සමාගම් ලබා දෙන්නේ අඩු දායකත්වයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ළමයින් හට ලිංගික අධ්‍යාපනය ලබා දීමට එරෙහිව විවිධ ආගම් නියෝජනය කරන පිරිස් එදා 'හතේ අපේ පොත' අධ්‍යාපනික කෘතියට විරුද්ධ වූවා සේම නැවත වතාවක් විරුද්ධත්වය දක්විමට පෙලඹී සිටිති.
ලිබියානු යුද හමුදාපති මොහොමඩ් අලි අහ්මඩ් අල් හඩාඩ්, තුර්කියේ අන්කාර නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබේ.
පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ මෑතක දී සිදු වූ පුරාවස්තු සොරකම ජාත්‍යන්තර අවධානය දිනාගත් මෑතකලීන විශෙෂ සිදුවීමක්.
ලුෆ්තන්සා (Lufthansa) ගුවන් සේවයට අයත් ගුවන් නියමුවෝ වෘත්තීය සමිති තීරණයකට අනුව, වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැරසෙති.
විශ්‍රාම වැටුප් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.
ඒ සම්බන්ධ මත විමසුමකදී බහුතර ගුවන් නියමු පිරිසක් ඊට පක්ෂව ඡන්දය ලබා දුන්හ. ඒ අනුව, නුදුරේදී එය ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිතිය දන්වා සිටී.
වියදම් කප්පාදුව මගින් ආදායම ඉහළ නැංවීමට තීරණය කිරීම හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ එම ගුවන් සමාගම ශ්‍රමික අභියෝග රැසකට මැදිව සිටී.
ආදායම ඉහළ නැංවීමේ අරමුණින් 2030 වන විට, සිය පරිපාලනයට අයත් රැකියා 4000ක් පමණ කප්පාදු කිරීමට සමාගම ඊයේ (29) තීරණය කළේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/30/2025
Lufthansa faces strike after pilots vote for industrial action
පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ ජල කාන්දුවකින් කෘති ගණනකට හානි සිදුවී ඇත.
අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවන අදියර ආරම්භ කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ පවසයි.
අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් තීරණය කර තිබේ.
තමන්ගේ කොණ්ඩා වියළන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන හැටි බලාගෙන හිටියා!
රටේ ලොකු ලූනු ගොවියා දිගින් දිගට ම මුහුණ දෙන ගැටලු පිළිබඳ වත්මන් රජයට කරුණු ඉදිරිපත් කළ ද අද වන විට කිසිදු ප්‍රායෝගිකත්වයකින් තොරව ලොකු ලූණු මිල දී ගැනීමට රජය අමුතු ම කොන්දේසි පනවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ ඉදිකර තිබෙන ලොව උසම පාලම වන Huajiang පාලමෙහි ගමනාගමන කටයුතු ආරම්භ කරමින් රථවාහන ධාවනය සඳහා අද (28) එය විවෘත කෙරිණ.
චීනයේ Guizhou පළාතේ පිහිටා ඇති මෙම ප්‍රධාන පාලම, පළලින් මීටර් 1,420 ක් වන අතර, ලොව දිගින් සහ උසින් ද වැඩිම පාලම වේ.
පාලම සහ ඊට පහළින් ගලා යන ගංගාවේ ජලය මතුපිට අතර උසෙහි පරතරය මීටර් 625ක් වන අතර, ලොව එවැනි වැඩිම පරතරයක් සහිත ස්ථානය වන්නේ ද මෙයයි.
පාලම අද දින මෙලෙස ගමනාගමනය සඳහා විවෘත කිරීමත් සමඟ, මීට පෙර ඒ අතර ගමනාගමනයට ගත වූ පැය 2ක කාලය දැන් මිනිත්තු 2ක් දක්වා අඩු වී ඇත.
මෙහි ඉදිකිරීම් සඳහා වසර තුනක් ගත වූ අතර, එහි සැලසුම ආරම්භයේ සිටම ඒ අවට සංචාරක සම්පත් සමඟ ඒකාබද්ධ කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලදී.
පහළින් ගලා බසිනා දිගු ගංගාවකට ඉහළින්, එය හරහා ඇති විශාල කඳු දෙකක් යා කරමින් ඉදිකර තිබෙන මෙම පාලම අනාගතයේ දී ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් පමණක් නොව, එම කඳු දෙපස සිටින ජනතාවගේ ජීවිත නඟා සිටුවීමට ද හැකි නව සාධකයක් බවට පත්වනු ඇත.
Ada derana.lk
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

