#newstube

  • නීටා අම්බානිගේ ලොව මිල වැඩිම හෑන්ඩ් බෑග් එක

    ලෝක ධනවතකු වන ඉන්දියාවේ මුකේෂ් අම්බානිගේ බිරිඳ වන නීටා අම්බානි පසුගියදා පැවති දීපාවලි උත්සවයකට ගියේ ලොව පවතින මිල අධිකතම අත්බෑගයක් අතින් අරගෙනයි.

    සුපිරි විලාසිතා නිර්මාණකරුවකු වන මනිෂ් මල්හෝත්‍රාගේ මුම්බායි නිවසේ පැවති දීපාවලි උත්සවයට පසුගිය දා (12) සහභාගී වූ ඇය අත තිබූ අත්බෑගය ඩොලර් මිලියන 02කට අධික වටිනාකමකින් යුක්තයි.

    සමාජ ජාලයේ සැරිසරන්නන් වෙත ඇගේ සීක්වින් සාරිය සහ විශාල එමරල්ඩ් කරාබු ආකර්ෂණය වූවද, ඇගේ විලාසිතාවේ සැබෑ කැපී පෙනෙන අංගය වූයේ Sac Bijou නම් දියමන්තිවලින් සරසන ලද්දක් වූ ඇගේ Hermès Birkin බෑගයයි. ලොව පුරා පවතින්නේ එවැනි Sac Bijou Birkins තුනක් පමණයි.

    මෙම බෑගය ඇමරිකානු ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුක්තයි. Sotheby's ආයතනයට අනුව, මෙම දුර්ලභ Sac Bijou බෑගය ලොව ඇති වඩාත්ම මිල අධික Hermès Birkin බෑගයයි. මෙම අත්බෑගය ඝන 18k සුදු රත්‍රන් වලින් ඉතා සූක්ෂම ලෙස නිමවා තිබෙන අතර එය දිලිසෙන දියමන්ති 3,025කින් සරසා ඇත, එහි සම්පූර්ණ කැරට් බර 111.09 ක්ය.බෑගයේ ඉහළ තට්ටුව කිඹුල් හමක් අනුකරණය කරමින් සකස් කර ඇති අතර, එහි පහළ කොටස, අත් රඳවන දියමන්තිවලින් ආවරණය කර තිබෙනවා.

    Screenshot 2025 10 17 115341

    Screenshot 2025 10 17 115357

    මෙම Sac Bijou බෑගය නිර්මාණය කරන ලද්දේ Hermès හි සියුම් ස්වර්ණාභරණ සඳහා නිර්මාණ අධ්‍යක්ෂවරයා වන පියරේ හාර්ඩි විසින් 2012 දීය.

    Screenshot 2025 10 17 115451

     

  • නීති විශාරදයෝ ලෝකෙම පිලිගත්ත ආපදා කවුන්සිලයක් ඉල්ලයි

    ජාතික ආපදා කළමනාකරණ පනත ජාත්‍යන්තර මට්ටමට ගෙනැවිත් ආපදා කළමනාකරණය සඳහා ජාත්‍යන්තරය පිළිගත් විධිමත් ස්වාධීන කවුන්සිලයක් ඇති කරන්නැයි නීති විශාරදයෝ රජයෙන් ඇතැයි වාර්තා වේ.

  • නීතිඥ ගුණරත්න වන්නිනායක ඇප මත මුදා හැරේ

    අද (15) පස්වරුවේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර වූ නීතිඥ ගුණරත්න වන්නිනායක  රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

    ඒ, ඔහු අද පස්වරුවේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන  හමුවට ඉදිරිපත්වීමෙන් අනතුරුවය.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සමග පැමිණ නීතිඥ ගුණරත්න වන්නිනායක  අධිකරණයට ඉදිරිපත් වී තිබුණි.

    පසුගිය සිකුරාදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධාවක් සිදුකළේ යැයි කියන සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශනයකට ඔහු අද අධිකරණයට භාර විය.

    මේ මස 17වන දින මෙම නඩුව යළි කැදවීමට නියෝග කර ඇත.

  • නීතිඥ වන්නිනායක ගල්කිස්ස අධිකරණයට එයි

    පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

    නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සමඟ ඔහු මෙලෙස පෙනි සිට ඇත.

    පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (ඔක්තෝම්බර් 15 වැනිදා ) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව අද පස්වරුවේ ඔහු මෙසේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් විය.

    තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුණරත්න වන්නිනායක ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා අද කැඳවූ අවස්ථාවේදී වන්නිනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මෙම දැනුම් දීම කළේය.

    එහිදී අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සඳහන් කළේ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර නීතිඥවරයා විසින් ඉල්ලා සිටින අතුරු ඉල්ලීම ප්‍රදානය කිරීමට තම අධිකරණයට නොහැකි බවයි.

    පෙත්සම්කාර නීතිඥවරයා මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සුදුසු බවත් මෙහිදී සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

    ඉන් අනතුරුව මෙම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා මෙම පෙත්සම (ඔක්තෝම්බර් 15 වැනිදා ) දහවල් 1. 30 ට කැඳවන ලෙසත් අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල නියම කර සිටියේ ය.

  • නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම රජය පිළිබඳ බරපතළ අප්‍රසාදයක් ඇති කරන සිදුවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ අධිආරක්ෂිත කලාපයක සුපිරි වෙළෙදසැලක් ආසන්නයේ නවතා තිබූ රථයක් තුළ සිටි නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් මෙතෙක් නොවූ විරූ බරපතළ තත්ත්වයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • නීතිඥවරියක නිසා මහින්දට අපලයක්

    පොහොට්ටු පක්ෂයේ කාන්තා සංවිධානවල ප්‍රධානියා ලෙස නීතිඥවරියක පත් කිරීමට මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ දැඩි ආවේගාත්මක ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.

  • නීතිපති දෙපාර්තමේන්තුව පක්ෂපාතියි - නුවන් බෝපගේ (වීඩියෝ)

    නීතිපති දෙපාර්තමේන්තුව රනිල් පක්ෂපාති න්‍යායපත්‍රයකට අනුව කටයුතු කරන බවත්, එබැවින් ආණ්ඩුව මෙම තත්ත්වය තේරුම් ගත යුතු යැයි ද නීතිඥ නුවන් බෝපගේ පැවසී ය.

  • නීතිපතිවරයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කරමු; අධිකරණ ක්‍රියාවලියට එල්ල වන බලපෑම් හෙළා දකිමු

    මෑතක දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එල්ල වූ රාජ්‍ය මුදල් විෂයකට අදාළව රුපියල් මිලියන 16.6ක අයුතු භාවිතය පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන්, නීතිපතිවරයාට එල්ල වන සමාජ මාධ්‍ය බලපෑම් සහ චෝදනා දිගින් දිගටම දක්නට ලැබේ.

  • නීතිපතිවරයාට සහාය පිණිස නීතිඥවරුන් රැසක් නීතිපති දෙපාර්තමේන්තුවට

    නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහට සහය පළ කිරීම සඳහා “Free Lawyers ” සංවිධානයේ නීතිඥවරුන් 75 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණ නීතිපතිවරයා සමග ඊයේ (21දා) දින සාකච්ඡාවක් පවත්වා තිබේ.

  • නීතියට පයින් ගසා කෝටි 668ක් ණයට බෙදලා

    ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අර්ථසාධක අරමුදලේ රීතිවලට පටහැනිව රුපියල් කෝටි හයකට වැඩි අධ්‍යාපන ණය සහ රුපියල් කෝටි 662 කට ආසන්න වටිනා දේපල ණය 2024 වර්ෂයේදී ලබාදී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව ) තොරතුරු අනාවරණය විය.

    නියමිත ක්‍රමවේදයෙන් බැහැරව අධ්‍යක්ෂ මණ්ඩලයේද කම්කරු කොමසාරිස්වරයාගේ සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේද අනුමතියකින් තොරව සහ 2003 අර්ථසාධක අරමුදල් රෙගුලාසිවල සංශෝධන ගැසට් නිවේදයකින් ප්‍රකාශයට පත් නොකර මෙම ණය ලබාදී තිබූ බව එම කමිටුව පවසයි.

    වහාම මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝපා කමිටුව නිර්දේශ කර ඇත.

  • නීතියේ ආධිපත්‍යය ඇල්ලේ කුණු බක්කියට; ආණ්ඩුව මර නින්දේ

    PickMe සහ Uber යනාදි App-මූලික කුලී රථ සේවා සපයන රියදුරන්ට ප්‍රාදේශීය ත්‍රීවිල් රියදුරන් විසින් සිදු කළ තර්ජනය කිරීම්, පහරදීම් සහ බාධා කිරීම් යනාදි ම්ලේච්ඡත්වය හමුවේ ආණ්ඩුව ගොළු වෙද්දී, සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පනත් කෙටුම්පතක් ඉදීපත් කර ඇත.

  • නීතීඥ අචාරධර්ම සහ නීතීඥ සංගමයේ පරස්පරය

    ඝාතනය කළ නීතීඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහු ගේ බිරිඳ නිසා නීතීඥ සමාජය විශාල වශයෙන් ද අවශශේෂ සමාජය යම් ප්‍රමාණායකට ද කැලඹී ඇත. ඝාතනය කළ නීතීඥයින් අතළොස්සක් ඉන්නව. ඒ කවුරුවත් නීතීඥ වෘත්තියේ යෙදීම නිසාම ඝාතනය වුණා දැයි අප කවුරුවත් දන්නේ නැත.

  • නීතීඥවරයෙකුට පොලිස් කොස්තාපල්වරයෙකුගෙන් ප්‍රහාරයක් :  නීතිඥ සංගමය විරෝධය පළ කරයි

    ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී ඊයෙ (10) දින සිදුවූ අසංගත සිදුවීමකින් පසු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    නීතීඥවරයා විසින් පෙනී සිටි නඩු කටයුත්ත අවසන් වීමෙන් අනතුරුව සිය මෝටර් රථය අධිකරණ භූමියෙන් පිටතට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර බස් රථයක් පැමිණ තිබූ අතර එම බස් රථයට යාමට ඉඩ සලසමින් මෝටර් රථය පිටතට ගන්නා ලෙස පොලිස් කොස්තාපල්වරයා විසින් නීතීඥවරයා දන්වා ඇත.

    එහිදී නීතීඥවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර පසුව එම ගැටුම පහරදීමක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන් වේ.

    කෙසේවෙතත් අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු එළැඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ  (10) නියෝග කළේය.


    ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් (BASL) නිවේදනයක්...


    මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලත් විරෝධයත් පළ කරමින් නිවේදනයක් නිකුත්කර කර තිබේ:

    “කිසිදු පුද්ගලයෙකුට එරෙහිව පොලිස් නිලධාරීන් බලය යොදාගැනීම නීතිඥ සංගමය සැමවිටම විරෝධ කර ඇත. එම සන්දර්භය තුළ මෙම සිදුවීම පැහැදිලි කළ නොහැකි ය.”

    අදාළ නිලධාරියා දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, නීතිඥ සංගමය මෙම කාරණය සමීපව නිරීක්ෂණය කරන බවද එම ප්‍රකාශයේ තවදුරටත් සඳහන් කරයි.

    එම සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමේ දී, මෙම සිදුවීම නිසි පරිදි විසඳීම පමණක් නොව, අනාගතයේදී එවැනි සිදුවීම් නැවත සිදු නොවෙන ලෙස අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද සදහන් කර ඇත.

    මේ අනුව ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ සිදු වූ මෙම තත්ත්වය නීතිමය සහ සමාජමය වශයෙන් දැඩි සලකා බැලිය යුතු කරුණක් ලෙස සැලකේ.



    Screenshot 2025 10 11 142847

  • නුගේගොඩ කියවමු.....

    රැලිය එසේ නිමා විය. ඒකාබද්ධය කියන්නෙ රැලිය අති සාර්ථක බවයි. රට කරවන ඇත්තන් හා ඒ ඇත්තන්ගේ ගොට්ටන් කියන්නෙ අසාර්ථක බවයි.

  • නුගේගොඩ කීබල් කොලේජ් හි දරුවෙක් සන්හිඳ පිහිනුම් තටාකයේ ගිලී මියයෑමේ සිද්ධියට  7ක් අත්අඩංගුවට

    නුගේගොඩ සන්හිඳ හෝටලයේ පිහිනුම් තටාකය තුළ වයස අවුරුදු 5ක දරුවෙකු මියයෑම සම්බන්ධයෙන් එම දරුවා ඉගෙනුම ලැබූ නුගේගොඩ කීබල් පෙර පාසලේ සහකාර විදුහල්පති ඇතුළු 7ක් මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    පසුගිය 08 වනදා පෙරවරුවේ නුගේගොඩ, මිරිහාන, 'සන්හිඳ' හෝටලයේ පිහිනුම් තටාකය හෝටලයේ දී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා විය.

    එදින මියගිය දරුවා ඇතුළු දරුවන් කණ්ඩායමක් ගුරුවරුන් හා පුහුණුකරුවෙකු යටතේ ඉහත හෝටලයේ පිහිණුම් කටයුතු සිදුකරමින් සිටියදී මෙම දරුවා දියේ ගිලී තිබේ.

    ඒ හේතුවෙන් එම දරුවා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (9) සිදුකළ අතර, එහිදී කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් මෘත ශරීරය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

    ඒ අනුව මෙම සිදුවීමට අදාළව පෙර පාසලේ සහකාර විදුහල්පති, ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරුන් දෙදෙනෙකු, පෙර පාසල් සේවිකාවක් හා පිහිණුම් උපදේශකයින් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

  • නුගේගොඩ රැලියේ වැඩිම ජන සහභාගිත්වය කළුතරින් !

    විපක්ෂ දේශපාලන බලවේගය විසින් සංධානය කල "මහා ජන හඩ" රැළිය ඉහළ ජන සහභාගීත්වයක් සහිතව ඊයේ නුගේගොඩදි පැවති අතර දිවයිනේ සෑම මැතිවරණ බලප්‍රදේශයකින්ම ජනතාව පැමිණ සිටි බව වාර්තා වේ.

  • නුගේගොඩ රැස්වීමට පිට පළාත්වලින් ජනතාව පැමිණීම අරඹයි

    කරුණු 21ක් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂ කණ්ඩායම් කිහිපයක් එක්ව පැවැත්වෙන පළමු ජන රැළිය අද (නොවැ: 21) නුගේගොඩදී පැවැත්වීමට නියමිත ය.
  • නුවරඑළිය CGR දුම්රිය නිලධාරින් රාජකාරි වාහනයෙන් ගොස් අවුරුදු සමරයි

    උදා වූ අලුත් අවුරුද්ද සැමරීම සඳහා නුවරඑළිය දුම්රිය දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද සිය ආයතනයට අයත් රාජකාරී වාහනයෙන් නුවරඑළිය ග්‍රෙගරි වැවට පැමිණ විනනෝද වනු දක්නට ලැබුණි.

  • නුවරඑළිය වෙළෙන්දෝ දෛනික රාජකාරියෙන් ඉවත් වේ

    දේශීය අල සහ ලූනු ගොවිය රැක ගැනීමට කටයුතු නොකරන්නේ යැයි චෝදනා කරමින් නුවරඑලියේ එළවලු අලෙවියෙන් සහ ප්‍රවාහනයෙන් අද (10) දින වැළකී සිටින බව නුවරඑලිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති තරිදු රත්නායක පැවසීය.

  • නූතන වාම ව්‍යාපාරයක් අවශ්‍ය ඇයි...?

    "බෙදාගෙන මහ පොළව

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න