ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ නීතිපති අතර හමුවක්

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ නීතිපති අතර හමුවක්

දිවයිනේ සිටින ජේෂ්ඨතම ජනාධිපති නීතිඥවරයෙකු වන රොමේෂ් ද සිල්වා,  නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මුණගැසී විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.

තමන් පැමිණියේ නීතිපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයෙන් යුතුව බව පවසා ඇති රොමේෂ් ද සිල්වා, නීතිපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධව කිසිවෙකුට කිසිදු වරදක් කීමට හේතුවක් නැතැයි ද සඳහන් කර තිබේ.

රටේ නීතිය යුක්තිය සහ සාධාරණය ආරක්ෂා කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව කරන දුෂ්කර ක්‍රියාව තමන් අගය කරන බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කර ඇතැයි වාර්තාවේ.

නීතිපති දෙපාර්තමේන්තුව වෙත සිය සහාය පළ කිරීම සඳහා පැමිණි මෙම ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයා දිවයිනේ ප්‍රධාන පෙළේ නීති කෘත්‍යයන් රැසකදී විත්ති වාචකය වෙනුවෙන් පෙනී සිටි කෘතහස්ත නීති විශාරදයෙකි.

හිටපු අගවිනිසුරුවරියක වන ශිරාණි බණ්ඩාරනායක, හිටපු හමුදාපති ෆීල්ඩි මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් මෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන්ද පෙනී සිටි අපක්ෂපාති නීති විශාරදයකු ලෙස ගෞරවයට පාත්‍ර වූ හෙතෙම නීති ක්ෂේත්‍රයේ ප්‍රබලයෙකි.

 


| lankalokaya



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න