මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනකු සඳහා ඉන්දියාවේ කොචි (Kochi) හි පිහිටි අම්රිතා රෝහල ( Amrita Hospital) තුළ දී හදවත් සැත්කම් සිදු කිරිමට අදාළ ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (10) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ධම්ම සරණ බෞද්ධ විරාස්ථානයේ ප්‍රධාන භික්ෂුව ලෙස කටයුතු කළ, නාඔටුන්නේ විජිත ( Naotunne Vijitha ) හිමි, ළමා ලිංගික අපයෝජන රැසකට වරදකරු කෙරේ.
ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර ධම්ම සරණ විහාරයේ විහාරාධිපති නාඔටුන්නේ විජිත හිමි බාල වයස්කාර ගැහැනු ළමුන් 6 දෙනෙකුට එරෙහිව ලිංගික අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ දූත මණ්ඩල ප්‍රධානී (මිනිස්ටර්) ලෙස කටයුතු කළ බී.ආර්.පී.එම්.ඒ. දේවේන්ද්‍ර එකී තනතුරින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මානව සම්පත් අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ ලිපිය, පෙත්සම් විභාගය අවසන් වනතුරු බලරහිත කරමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
2025 අගෝස්තු 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඔහු එකී රාජකාරියෙන් ඉවත් කර යළි ශ්‍රී ලංකාවට කැඳවමින් විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මානව සම්පත් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුමිත් දිසානායක විසින් 2025.7.16 දාතමින් නිකුත් කර තිබූ එකී ලිපිය බලරහිත කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය, ඔහු එකී රාජකාරියෙන් මාරුකිරීම හා ඔහුගේ රාජකාරියට බාධාවන පරිදි කටයුතු කිරීම ද නිසි අධිකරණ තීන්දුවකින් තොරව සිදු කිරීම වළක්වමින් ද තවත් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේය.
සුමිත් දිසානායක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා යන වගඋත්තරකරුවන්ට එකී අතුරු තහනම් නියෝග නිකුත් කෙරිණි.
සේවය අත්හිටුවීම අයුක්ති සහගතයි....
ප්‍රාදේශීය ලේකම්වරයකු ලෙසත් කම්කරු අමාත්‍යාංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ පාලක අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙසත් කටයුතු කළ වසර 22 ක නිකළැල් රාජ්‍ය සේවයකට හිමිකම් කියන රාජ්‍ය පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියකු වන තමා 2024.09.02 වැනිදා එකී තනතුරට පත්කළ බවත්, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අවම වශයෙන් කළ වරද දැක්වෙන චෝදනා පත්‍රයක් හෝ ඉදිරිපත් නොකොට කිසිදු විනය පරීක්ෂණයකින් තොරව එලෙස නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දන්වා සේවය අත්හිටුවීම අයුක්ති සහගත බව පෙන්වාදෙමින් දේවේන්ද්‍ර ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
වසර තුනක කාලයක් සඳහා එකී තනතුරට පත්කිරීම නිසා සිය සේවාදායකයා ඔහුගේ බිරිඳ හා දරුවන් ද රැගෙන එරටට ගොස් සිටියදී පත්වීම ලබාදී වසරක කාලයක් ඉක්මයෑමටත් මත්තෙහි එලෙස තනතුරින් ඉවත් කර මාසයක කාලයක් ඇතුළත යළි ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දැනුම්දීම ඉතා අයුක්තිසහගත බවත්, ඔහු වෙත නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අවලංගු කළ බවට බලධාරීන් විසින් එරට බලධාරීන් දැනුවත් කර ඇති බවත් පෙන්වාදෙමින් පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත ජයවර්ධන කළ කරුණු දැක්වීම සලකා බැලූ එස්.යූ.බී. කරල්ලියද්ද හා ආචාර්ය ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරු මඬුල්ල එම අතුරු තහනම් නියෝග නිකුත් කළහ.
එකී පෙත්සම විභාගයට ගැනීමට ද අවසර ලබාදුන් විනිසුරු සම්බන්ධයෙන් විවාදය ලබන ඔක්තෝබර් 23 වැනිදා ආරම්භ කිරීමට ද දින නියම කළේය. සති දෙකක කාලයක් ඇතුළත පිළිතුරු දිවුරුම් ප්‍රකාශ තම අධිකරණය හමුවේ ගොනුකරන ලෙසට ද විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළේය.
රජයේ අධිනීතිඥ අබිගල් ජයකොඩි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි අතර නීතිඥ සෙහාර හේරත් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත ජයවර්ධන පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටියහ.
තම අධිකරණයේ එකී නියෝග වහාම වගඋත්තරකරුවන් වෙත දැනුම්දීමට පියවර ගන්නා ලෙසට ද විනිසුරු මඬුල්ල අභියාචනාධිකරණ ලේඛකාධිකාරිවරයාට වැඩිදුරටත් නියෝග කළේය.
(ceylonwire.lk)
වත්මන් රජය විසින් මෙවර අයවැයෙන් අප රටේ දුප්පත් ජනතාව සහමුලින්ම නොසලකා හැර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
මැතිවරණ සමයේ දී මාලිමා කණ්ඩායම දුන් පොරොන්දු මෙන් ම පැවසූ සුන්දර කතා මේ වන තෙක් ඉටු කර නැතැයි ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක පැවසී ය.
මෙවර ගංවතුර අවස්ථාවේ දී කොළඹ නගරය වෙනදා (2016) මෙන් ජලයෙන් යට නොවූයේ එවකට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය ජගත් මුනසිංහ ගේ ප්‍රමුඛත්වයෙන් ඇක්වරීනා (ජලයෙන් උපන් නගරය) නමැති සංකල්පය යටතේ නිර්මාණය කළ වැඩපිළිවෙළ හේතුවෙන් යැයි හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක පැවසී ය.
මීට පෙර අප මෙවන් ආපදා අවස්ථාවලට මුහුණ පා ඇති බවත්, එවන් අවස්ථාවල දී හිතවත් රටවල් අප රටට උදවු කර ඇති බවත්, ඒ සෑම අවස්ථාවක ම ඔවුන් අප වෙත ආධාර ලබා දුන්න ද හමුදාව මෙරටට නොඑවූ නමුත් මෙවර එම ආධාර පැමිණියේ සන්නද්ධ හමුදාවත් සමග බැවින් එය බරපතළ ගැටලුවක් යැයි දේශපාලන විශ්ලේෂක සහ මාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසී ය.
මෙහෙණින් වහන්සේ නමකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ප්‍රසිද්ධ ස්ථානයක කළහකාරි ලෙස හැසිරීමේ චෝදනාව යටතේ වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ජනතාවගේ හිසමත බරපටවා අසීමිත පීඩනයක් ඇති කර අයි. එම්. එෆ්. කොන්දේසිවලට එහා ගොස් ජනතාවගේ අරමුදල් සූරා කෑ අයවැයක් ලෙස මෙම අයවැය දකින එයට එයට විරුද්ධ වූයේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
මාලිමා කණ්ඩායම ආණ්ඩුවක් ලෙස තමන් කරන කියන දේවල් ජනතාවට හංගන ප්‍රමාණය අනුව මීට පෙර එලෙස කළ ආණ්ඩුවක් මෙතෙක් බිහි වි නැතැයි මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේශක කුසල් පෙරේරා පැවසී ය.
අනිවාර්යයෙන්ම ජනාධිපතිට පුද්ගලිකවම නඩු ගොඩකට මුහුණ දෙන්න වෙනව.
*වාර්ෂික ආපනයන ආදායම් ඉලක්ක වෙත සාර්ථකව ගමනක්
*වසරේ මුල් කාර්තු දෙකෙහි පමණක් ආදායම ඩොලර් බිලියන 13 යි.
*මේ ඔබ අප සියලුදෙනාගේම වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයක්..!
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනස් කරනවා නම් ඒවා වෙනස් කළ යුත්තේ අපේකම රැකගෙන සභ්‍යත්වය සංස්කෘතිය රැකගෙන වුව ද මේ යන ආකාරයට නම් අධ්‍යාපනයට අනාගතයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
කොවිඩ් වසංගත සමයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ පනත ක්‍රියාත්මක නොකරන බව පවසමින් වැඩියෙන් ම හඬ නැගුවේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක යැයි හිටපු අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක පැවසී ය.
අයවැය මෙහෙමයි:
රජය හිඟන්නගෙ පාත්තරේ දක්වා හැම යටිබඩකින්ම පුළුවන් තරම් බදු සූරා කනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ අසුරුමුනි ආරච්චිගේ මේඛලා සදරේනු , ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක (සොලිසිටර්වරියක) ලෙස නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණ අග විනිසුරුවරයා ඉදිරියේ පසුගියදා දිව්රුම් දුන්නාය.
කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ මේඛලා සදරේනු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ කොලනල් ලයිට් පාසලේ අධ්‍යාපනය හදාරා ඇති අතර ලන්ඩන් විශ්ව විද්‍යාලයේ නීති උපාධිය සමත් වීමෙන් පසුව ශ්‍රී ලංකා නීතී විද්‍යාලයට ඇතුලු විය. නීති විද්‍යාල විභාග සමත් වීමෙන් අනතුරුව සිය ආධුනික කාලය නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි යටතේ කටයුතු කරමින් නිම කළාය.
අනතුරුව ඕස්ට්‍රේලියාවේ university of western sydney විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති විභාගය සමත්ව සොලිසිටර් වරියක ලෙස දිවුරුම් දුන්නාය.
මේඛලා සදරේනු මුදල් අමාත්‍යාංශයේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්‍ෂ ඡනරාල් සේපාලි රූපසිංහගේ හා නීතිඥ ඒ.ඒ. තිලකරත්නගේ දියණිය වේ.
2025 NDTV ලෝක සමුළුව අද ආරම්භ වේ.
ඒ නවදිල්ලිහි භාරත් මණ්ඩපම්හිදී.
අස්ථාවරත්වය, අවිනිශ්චිතභාවයන් මැද ලෝකයේ සිදුවන පරිවර්තනයන් පිළිබඳව මෙවර සමුළුවේදී අවධානය යොමු වේ.
රාජ්‍ය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්ථ ව්‍යාපාර නිර්මාතෘවරුන්,නවෝත්පාදකයින්, හා සමාජ සංස්කෘතික කෘතහස්තයින් එකම වේදිකාවකදී නවමු සංවාදයකට පෙළ ගැසීම එම සමුළුවේ අරමුණයි.
ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දේශනයක්ද පැවැත්වීමට නියමිත වේ.
සමුළුව පැවැත්වෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ප්‍රධානත්වයෙන් ය.
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති රිශී සුනක් සහ ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ටෝනි ඇබට් ද සමුළුව ඇමතීමට නියමිතයි.
මේ අතර ඉන්දීය සංචාරයක නිරත අග්‍රමාත්‍යවරිය අද එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවේ.
ඊයේ ඇය ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවුණි.
2025 NDTV ලෝක සමුළුව, හෙටින් අවසන් වේ.
"Looking Forward To The NDTV World Summit": Sri Lankan PM Harini Amarasuriya
මිථ්‍යාව යනු මිනිසුන්ගේ වැරදි විශ්වාසයන් මිස අවඥ්ඥා සහගතව ප්‍රතික්ෂේප කල යුත්තක් නොවෙයි. මිථ්‍යාව කියන්නෙ බොරුව නොවේ; මිත්‍යාව කියන්නෙ මිනිස්සු හරියි කියල හිතාගෙන ඉන්න සහ නිවැරදියි කියල කරන වැරදි විශ්වාස.
සිව් මසකට පෙර ධුරයේ වැඩ භාරගත් මොන්ගෝලියානු අග්‍රාමාත්‍ය, ගොම්බෝජාව් සැන්ඩන්ෂටාර් ( Gombojav Zandanshatar) ඉල්ලා අස්වී ඇතැයි, චීනයේ, ජාතික ගුවන් විදුලිය අද (17) නිවේදනය කළේය.
දූෂණ චෝදනා හමුවේ හටගත් මහජන විරෝධතා මධ්‍යයේ, එරට හිටපු අගමැති, ලූව්සානම්ස්රී ඔයුන් ඒර්දෙනේ (Luvsannamsrai Oyun-Erdene) ධුරය හැර යාමත් සමග, පාර්ලිමේන්තු බහුතර ඡන්දයෙන් මීට සිව් මසකට පෙර, සැන්ඩන්ෂටාර් මොන්ගෝලියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/17/2025
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

