මැටි භාවිතයෙන් නිපද වූ මී මැසි පෙට්ටියෙහි නිපදවෙන මී පැණි ප්‍රමාණය ප්‍රමාණාත්මකව වැඩි අගයක් ගන්නේ යැයි එහි නිෂ්පාදක කොලොන්න, කෑල්ලේ ඩී. බී. රත්න කුමාර පැවසී ය.
මැඩගස්කරයේ ජෙන් - සී (Gen Z) තරුණ අරගලය හමුවේ ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා (Andry Rajoelina) රටින් පලා ගොස් ඇතැයි එරට විපක්ෂ නායක, හමුදා ආරංචි මාර්ග සහ විදෙස් තානාපති නිලධාරියකු ඊයේ (13) ප්‍රකාශ කළ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි. ලොව පුරා පැතිර යන ජෙන් - සී අරගල රැල්ල මසක් වැනි කෙටි කලක් තුළ මැඩගස්කර රජය ද පෙරළා දැමීමට සමත්ව ඇත.
ඉරිදා (05) එරට හමුදා කොටස් අරගල කරුවන්ට සහාය පල කර සිටීමත් සමග බියට පත් රජෝලීනා එදිනම රටින් පලා ගිය බව විපක්ෂ නායක සිටෙනි සැන්ඩ්‍රියානාසොලොනිඅයිකො (Siteny Randrianasoloniaiko) විසින් තහවුරු කර තිබේ. එම පුවත ජනපති කාර්ය මණ්ඩලය විසින් ද සනාථ කර ඇත.
ජනපති රජෝලීනා පලා ගිය ස්ථානයක් පිලිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත. ඔහු ප්‍රංශ හමුදා යානයකින් පලා ගිය බව පමණක් දැනට අනාවරණය වී ඇතැයි හමුදාව පවසයි.
මේ අතර, ඊයේ ෆේස් බුක් ඔස්සේ ජනතාව ඇමතූ රජෝලීනා, ජීවිතාපේක්ෂාව පතා ආරක්ෂක ස්ථානයක් වෙත ස්ථාන මාරු වූ බව ප්‍රකාශ කළේය. තමා සිටින ස්ථානය පිලිබඳ නිශ්චිත තොරතුරක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ඔහු, කිසිවකුටත් මැඩගස්කරය විනාශ කිරීමට ඉඩ නොතබන බව අවධාරණය කළේය.
රජෝලීනා ජනපති ධුරය අත්හැරීම තව දුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටින බව එරට විදෙස් තානාපති අංශ කියයි. ඔහු ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රන් (Emmanuel Macron) සමග රහස් ගිවිසුමකට එලැඹ ඇතැයි RFI ප්‍රංශ ගුවන් විදුලි සේවය නිවේදනය කළේය. ගාසා සටන් සම්බන්ධයෙන් ඊයේ ඊජිප්තුවේ පැවති විදෙස් නායක හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළ ජනපති මැක්‍රන්, මැඩගස්කර ජනපතිවරයාට රටින් පලා යාමට ප්‍රංශය සහාය දුන් බවට පළවන පුවත් හදිසියේ තහවුරු කළ නොහැකි යැයි පැවසීය.
මැඩගස්කර ව්‍යවස්ථාවට අනුව නීතිය ස්ථාපිතව පැවතිය යුතු බව අවධාරණය කළ ප්‍රංශ ජනපති, තරුණ ප්‍රජාව මුහුණ පා ඇති ගැටළු නිරාකරණය කිරීම අනිවාර්ය කටයුත්තක් වුව, එම සිවිල් ගැටළු සම්බන්ධයෙන්, හමුදා කොටස්වලට අනවශ්‍ය අත පෙවීම් සිදු කිරීමට ඉඩ දිය නොහැකි යැයි ද අවධාරණය කළේය. මැඩගස්කරය කලක්, ප්‍රංශ යටත් විජිතකරණයට හසුව තිබූ අප්‍රිකානු දිවයිනක් ද වේ.
විදුලි සහ ජල අර්බුදයක් මුල් කර ගනිමින් මැඩගස්කරයේ ඉකුත් සැප්තැම්බර 25 දා හට ගත් බිම් මට්ටමේ අරගලය, දින කිහිපයක් තුළ රජයේ දූෂණ, වංචා සහ ජීවන ගැටළු මුල් කරගත් දැවන්ත දීප ව්‍ය්පාප්ත තරුණ අරගලයක් තෙක් වර්ධනය විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/14/2025
Madagascar's president has left the country after Gen Z protests, officials say
මැඩගස්කරයේ බලය අත්පත් කරගත් බව එරට හමුදාව පවසයි.
ඒ, සති ගණනාවක් එරට තරුණයින් විසින් මෙහෙයවන ලද විරෝධතාවලින් පසුවය.
එරට හමුදා ප්‍රධානියා පවසා ඇත්තේ හමුදාව විසින් රජයක් පිහිටුවා වසර දෙකක් ඇතුළත මැතිවරණයක් පවත්වන බවයි.
කෙසේවෙතත් මැතිවරණ කොමිසම වැනි ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ද ඔහු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හමුදාව සහ විරෝධතාකරුවන් මැඩගස්කර් ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම සැමරීම ආරම්භ කර ඇති අතර දහස් ගණනක් කොඩි ලෙලවමින් බොහෝ පිරිස් මේ වන විට අගනුවරට එක්රැස් වෙමින් සිටිති.
2009 දී බලයට පත් වූ මැඩගස්කරයේ ජනාධිපති ඇන්ද්‍රි රාජොයිලිනා (Andry Rajoelina) විරෝධතා හමුවේ රටින් පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
ප්‍රංශ හමුදා ගුවන් යානයකින් ජනාධිපතිවරයා රටින් පිටතට ගෙන ගිය බවට ද නිල නොවන වාර්තාවල සඳහන් කරයි.
විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව ප්‍රකාශ වේ.
මුලාශ්‍ර :
Madagascar military says it has seized power as president moves to 'safe place'
පහේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධ ප්‍රශ්න දෙකක් ඇතුලත් කළහොත් නිවැරදි මැතිවරණ තොරතුරු කඩිනමින් ජනගත කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක පවසයි.
දරුවන් ගේ ශිෂ්‍යයත්ව ප්‍රශ්න උදෙසා මේ වන විට දෙමව්පියන් පමණ ඉක්මවා වෙහෙස ගෙන කටයුතු කරන බැවින් මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තොරතුරු හඹා යමින් එය නිවැරදි අවබෝධ කරගනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
රටේ මැතිවරණ ක්‍රියාවලිය සහ එහි ප්‍රායෝගික හා නෛතික තත්ත්වයන් සම්බන්ධයෙන් ජනතාව ගැඹුරින් අධ්‍යයනය කළවිට රටේ මැතිවරණ ක්‍රියාවලිය නිවැරදි මාවතක රැගෙන යා හැකි යැයි ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මැතිවරණ ක්‍රියාවලිය නිවැරදිව ජනගත කිරීම සම්බන්ධයෙන් පසුගිය දා ගාළුමුවදොර හෝටලයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.
එක්සත් ජනපදයේ, මිචිගන් (Michigan) හි කිතුණු දේවස්ථානයකට මෝටර් රථයකින් කඩා වැදුණු පුද්ගලයකු සිදු කළ වෙඩි තැබීමකින් සහ දේවස්ථානයට ගිනි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනකු ඝාතනය වී ඇතැයි වාර්තා වේ.
වෙඩි වැදීමෙන් අට දෙනකුවත් තුවාල ලබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
වෙඩි තැබීමෙන් අනතුරුව දේවස්ථානය ගිනි තැබූ සාහසිකයා, එහිදී ඇති වූ පොලිස් වෙඩි හුවමාරුවකදී ඝාතනය විය.
වෙඩි තැබීම සිදු කළ තැනැත්තා 40 හැවිරිදි, හිටපු ඇමෙරිකානු නාවුක සෙබළකු වන තෝමස් ජාකොබ් සන්ෆෝර්ඩ් ( Thomas Jacob Sanford) නම් අයකු බව හඳුනාගෙන තිබේ.
වෙඩි වැදීමෙන් පුද්ගලයින් දෙදෙනකු මිය ගිය අතර ගිනි තැබූ දේවස්ථානය තුළ තිබී දැවී ගිය තවත් මළ සිරුරු දෙකක් හමු වූ බව පොලිසිය සඳහන් කරයි.
සාහසිකයා දේවස්ථානයට කඩා වදින විට සියයකට අධික පිරිසක් ඒ තුළ රැස්ව සිටි බව වාර්තා වේ. වෙඩි තැබීමට හේතුව සොයා ඔහු සතු නිවස සහ ජංගම දුරකථනය ද පරික්ෂා කරන බව පොලිසිය කියයි.
ඔහු, 2004-2008 කාලයේ ඇමෙරිකානු නාවුක කොමාන්ඩෝ භටයකු මෙන්ම ඉරාක යුද්ධයේ දස්කම් පෑ ප්‍රවීණයකු බව ද වාර්තා වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/29/2025
Shooter kills at least four, wounds eight at Michigan church
මිනුවන්ගොඩ අලුතෑපොළ ක්‍රීඩාංගණයේ පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟයක් අතරතුර සිදුවූ අනතුරකින් ක්‍රීඩකයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ධුරයට අභිනවයෙන් පත් කර ඇති මැතිව් ඩක්වර්ත් මහතා කොළඹට පැමිණ සිටින අතට ඔහු ඉදිරිදින කිහිපය තුලදී සිය අක්තපත්‍ර භාරදීමට නියමිතය.
පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා පසුගිය දා මැතිව් ඩක්වර්ත් මහතා මුණ ගැසුණු අතර එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු වැඩබලන මහ කොමසාරිස් ලලිතා කපූර් මහත්මිය සහ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතා ද සහභාගී විය.
පාත්ෆයින්ඩර් පදනම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදු කරන ලද වැඩසටහන් පිළිබඳව මෙහි දී සාකච්ඡා කළ අතර ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සමග පදනම පවත්වාගෙන යන සම්බන්ධතා ගැන ද මෙහි දී කරුණු හුවමාරු කරගෙන ඇත.
මහ කොමසාරිස් ඩක්වර්ත් මහතා මෙයට පෙර ඉන්දුනීසියාවේ සහ කාම්බෝජයේ සේවය කර ඇති පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.
මිලින්ද රාජපක්‍ෂ විසින් රචිත පහත කෘති මේ සාහිත්‍ය මාසයේ දී DELIVERY ගාස්තු රහිතව ඔබ වෙත ගෙන්වා ගත හැකි බව kbooks. ආයතනය දන්වා සිටී.
Discounted Price - 1800 Only + FREE DELIVERY
Use the Code 'SUPERBIYO' for FREE DELIVERY
යන කෘති මීට අයත් වේ.
කෘති ඇණවුම් කිරීම සඳහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න
ඇතිවූ ගංවතුර ආපදා තත්වයෙන් පසු මී උණ (Leptospirosis) රෝගයෙන් ආරක්ෂා වීමේ ප්‍රතිකාර ලබාගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනයක් නිකුත් කර ඇත.
"ඩිංගිරි ඩිංගාලේ මීනාච්චි" (Dingiri Dingale Meenakshi) කියන දෙමළ ගීතය මුලින්ම ආවේ 1958 අවුරුද්දේ තිරගත වුණ "Anbu Engey" කියන දෙමළ චිත්‍රපටියෙන්. එහි තනුව හැදුවේ එස්. එස්. වේදා (S.S. Vedha) සංගීත අධ්‍යක්ෂවරයා. ඔහු ලංකාවේ බයිලා සංගීතයට හරිම ආදරේ කරපු කෙනෙක් නිසයි මේ ගීතයට බයිලා රිද්මයක් ලැබුණේ.
ඊයේ (25) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2025 - 2026 මූල්‍ය වර්ෂයේ මුල් මාස 5 තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම,10% කින් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ, ගුවන් ගමන් සදහා පැමිණෙන මගීන් සංඛ්‍යාව 22% කින් ඉහළ ගොස් ඇති බවයි.
ගුවන් සේවයේ කාර්ය සාධනය ද,74% ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර පසුගිය වසරේ එම අගය, 69% කි.
එන්ජින් නොමැතිවීම හේතුවෙන් දීර්ඝ කාලයක් මෙහෙයුම් වලින් ඉවත් කර තිබූ ගුවන් යානා දෙකක් යළි සේවයට එක් කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ, ලබන වසර මුලදී තවත් ගුවන් යානයක් අලුත්වැඩියා කර සේවයට එක් කරන බවයි.
Newsfirst.lk
ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) සහ මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ගංවතුරට යට වෙමින් පවතින බවට පැතිර යන සමාජ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් සඳහන් කරයි.
දිවයිනේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් 27 වැනිදා සිට නිවාඩු ලබා දුන් සියලුම මුස්ලිම් පාසල්වල නිවාඩු දෙසැම්බර් 05 දක්වා දීර්ඝ කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
නිදහසින් පසු මෙරට පාලනය කළ විවිධ දේශපාලන පක්ෂ නිවැරැදි දේශපාලන දර්ශනයකින් තොරව, ඒ ඒ අවස්ථාවේ පැන නගින ප්‍රශ්න සඳහා පිළිතුරු සොයමින් ජාතික වැඩපිළිවෙළකින් තොරව රට පාලනය කළ බැවින් අපේ රට ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි සර්ව ජනබලය පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.
මෙරට ඖෂධ මාෆියාව තවමත් පවතින බව දන්වමින් ඒකීය රටක් වෙනුවෙන් අපි එක මුතුව සංවිධානය: ජනාධිපති, අගමැති සහ සෞඛ්‍ය ඇමතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය ඒකාබද්ධව මෙරට මලෙයිගම් ප්‍රජාවගේ ජීවන තත්ත්ව උසස් කිරීමේ අරමුණෙන් මෙරට ඉදි කළ නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ සහ හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ලබන 12වන දින බණ්ඩාරවෙල මහජන ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිත ය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පසුගියදා ඉන්දියාවේ සාංචි මහා පුදබිමට පැමිණ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සහ ධර්මාශෝක අගරජු ඉදිකළ සාංචි චෛත්‍ය සංකීර්ණය වැඳ පුදා ගත් බව සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ පවසති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

