විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (07) පැවති පළමු තරගයෙන් නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (07) පැවැත්වෙන පාකිස්තාන - නෙදර්ලන්ත තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී ලකුණු 147ක් රැස්කිරීමට සමත් වූ අතර පාකිස්තානයට ලකුණු 148ක ඉලක්කයක් හිමිවිය.
කුරුළු උණ හේතුවෙන් උතුරු නෙදර්ලන්තයේ කුකුළු ගොවිපළක කුකුළන් 71,000කට අධික සංඛ්‍යාවක් විනාශ කිරීමට පියවර ගෙන තිබේ.
ඉකුත් මාර්තු මාසයෙන් පසුව, එරටින් කුරුළු උණ රෝගය වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.
රෝගය ව්‍යාප්ත වීමේ අවදාම අවම බැවින්, ගොවිපළ කුකුළන් අභ්‍යන්තරයේ තබා ආරක්ෂා කිරීම දැනට අනවශ්‍ය බව රජය කියයි.
කෙසේ වෙතත්, රෝග ව්‍යාප්තියේ අන්තරයාකර බව තවදුරටත් අධ්‍යයනය පිණිස, කුරුළු රෝග විශේෂඥයින් නුදුරේදීම හමු වීමට නියමිතය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/7/2025
Netherlands to cull 71,000 chickens after bird flu detection
නේපාලයේ පොකාරා (Pokhara) සිට කත්මණ්ඩු නුවර බලා ධාවනය වූ මගී බස් රථයක් දාදිං දිස්ත්‍රික්කයේ මහාමාර්ගයෙන් ඉවතට පැන ත්‍රිෂූලි නදියට පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනකු ජීවිතක්ෂයට පත්වී තවත් 26 දෙනකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.
නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන ආසිරි රෝහලට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක රුපියල් 25000/-ක දඩයක් නියම කරමින් දුන් නියෝගය
නාමල්ගේ ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් දේශන අවලංගු කිරීමත් සමග නාමල් කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ හිත මිත්‍ර එක්සත් රාජධානියේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික, ලංකාව පිළිබඳ එක්සත් රාජධානියේ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ හිටපු නායක, මයිකල් මොරිස් බැරන් නේස්බි හමුවීම යි.
ඉන්දුනීසියාවේ දහසකට අධික පාසල් සිසුන් සංඛ්‍යාවක් ආහාර විෂ වීමෙන් රෝහල් ගත කෙරේ.
පසුගිය දින කිහිපය පුරා එරට බටහිර ජාවා හි, නොමිලේ ලබා දෙන පාසල් දිවා ආහාරය විෂ වීමෙන් හටගත් රෝගී තත්ත්වයන් හේතුවෙන් සෞඛ්‍ය ගැටළු රැසක් පැන නැගී ඇතැයි, අධ්‍යාපන බලධාරීහු පවසති.
ඩොලර් මිලියනන ගණනක් වැය කර එරට ජනපති ගේ ප්‍රධානත්වයෙන්, ඉන්දුනීසියාව පුරා නොමිලේ පාසල් දිවා අහාර වැඩසටහනක් දියත් කර තිබේ.
බටහිර ජාවා හි ප්‍රදේශ හතරකින්, පාසල් දිවා අහාර විෂ වීම් වාර්තා වේ. එම සෞඛ්‍ය හේතූන් උපුටා දක්වමින්, පාසල් දිවා ආහාර වැඩසටහන වහා නතර කරන ලෙස රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් රජයට බල කර සිටිති.
ඉකුත් සතියේ බටහිර ජාවා සහ මධ්‍යම සුලවෙසි (Sulawesi) පලාත්වල පාසල් දිවා ආහාරය විෂ වීමෙන් සිසුන් 800ක් රෝහල් ගත කෙරිණි.
පාසල් දිවා ආහාර අර්බුදය හේතුවෙන්, ඉන්දුනීසියානු ජනපති ප්‍රබෝවෝ සුබියන්තෝ (Prabowo Subianto) ගේ "නොමිලේ පෝෂ්‍යදායී ආහාර" වැඩසටහන දේශපාලනික වශයෙන්ද විවේචනයට ලක්ව තිබේ.
එරට මිලියන 280 ක ජනගහනය අතුරින් මිලයන 83ක් වෙත වසර අවසන් වීමට ප්‍රථම පෝෂ්‍යදායී ආහාර වේලක් සම්පාදනය කිරීමේ අරමුණින් එම ව්‍යාපෘතිය දියත් කර ඇත. මේ වන විටත්, මිලියන 20ක ජනතාව ඉලක්ක කර,වැඩසටහන ක්‍රියාත්මකය. ඇමෙරිකානු ඩොලර් බිලියන 10.22ක එහි ඇස්තමේන්තු ගත වියදම, එන වසරේ දෙගුණ කිරීමට ද නියමිතය.
දිවා ආහාරය විෂ වීමෙන් පසු ගිය සඳුදා (22), බටහිර බැන්ඩුන් (Bandung ) හි පාසල් සිසුන් 470ක් ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි. බදාදා (24) වන විට, සුකබූමි (Sukabumi) හි තවත් පාසල් ළමුන් 580 ක් රෝහල් ගත කිරීමට පියවර ගැනිණි. එම තත්ත්වයන් වාර්තා වූ ප්‍රදේශවල පාසල් දිවා ආහාර සකසන මුළුතැන් පරිශ්‍ර මුද්‍රා තැබීමට කටයුතු කළ බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
රෝගී සිසුන්ට ප්‍රතිකාර පිණිස තාවකාලික ප්‍රතිකාර මධ්‍යස්ථාන ද ඉදි කර තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/25/2025
Over 1,000 Indonesians sick from school meals in more food poisoning outbreaks
මෙතෙක් දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ ගල් අගුරු නැව් 8ම බාල ගල් අගුරු බවට සාක්ෂි සහිතව ඔප්පු වී ඇති මොහොතක 9 වැනි ගල් අගුරු නැවත් බාල ගල් අගුරු සහිත නැවක් බවට දත්ත කේන්ද්‍රීයව වාර්තා වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂය සංවිධානය කරන නොවැම්බර් 21වන දා නුගේගොඩ පැවැත්වෙන මහජන රැලියට එක් වන්නැයි ආරාධනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණ සංවිධානය නියෝජනය කරන හේමන්ත ශ්‍රී ලාල් පැවසී ය.
විපක්ෂයේ බලවේගවල එකතුවෙන් නොවැම්බර් 21දාට එළිදැකීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට 'දිනන දකුණ' සංවිධානයේ හෘදයාංගම සුභ පැතුම් එක් කරමින් නිවේදනයක් නිකුත්කර ඇත.
නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතී.
පැලවත්තේ මහදැන මුත්තා බුදුන් සරණ ගිහින් තියෙනවා ය යන ආරංචිය කනින් කොණින් දේශපාලන ලෝකයේ හොල්මන් කරන්නට විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව කැඳවීම පක්ෂයේ ව්‍යවස්ථාව යළිත් උල්ලංඝනය කිරීමක් බව පාර්ලිමේන්තු නීතිඥ දයාසිරි ජයසේකර පවසයි.
පකිස්ථානයේ වඩාත්ම කුප්‍රකට ත්‍රස්තවාදී සංවිධානයක් වන ජයිෂ්-ඊ-මොහොමඩ් (JeM), මෑතකදී එහි පළමු කාන්තා අංශය වන ජමාත්-උල්-මොමිනාත් පිහිටුවීම නිවේදනය කර ඇති අතර එය දකුණු ආසියාවේ සටන්කාමී භූ දර්ශනයේ ඉතා ප්‍රතිවිපාක මාරුවක් සනිටුහන් කරයි.
සර් මේ ප්‍රශ්නේ කොච්චර කාලෙකට ඇදේවි දැයි මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී මන්ත්‍රීවරුන් විමසූයේ රනිල්ගේ ඉලක්ක බොහෝ විට හරියට ම හරි යන බැවිනි.
ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය පවුලකට අයිති මුද්‍රිත මාධ්‍ය ආයතනයක හිටපු සියලුම අධ්‍යක්ෂවරු ඉල්ලා අස්වුනාලු.
පොලිස් පරිපාලන අංශය භාර වැඩ බලන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කළ ලලිත් පතිනායක ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විනය ක්‍රියාමාර්ගයකට යටත්ව එම තනතුරෙන් ඉවත් කරනු ලැබ ඇත.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට රැඳවුම් භාරයේ සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමග පැවැත්වූ සබඳතා පිළිබඳ නිරූපණ ශිල්පිණි පියුම් හංසමාලිගෙන් ප්‍රශ්න කළ බව පොලීසිය පවසයි.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් සමග තමන් සම්බන්ධතා පැවැත්වූවේ යැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු දැඩිව ප්‍රතික්ෂේප කරන බව රංගන ශිල්පීනි හෙෂානි ලියදිපිටිය පවසයි.
රජය, පදිංචිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනත නමින් නව පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමේ අරමුණින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

