සඳුදා රාත්‍රියේ ඊසානදිග ජපානයට බලපෑ රිච්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙකු තුවාල ලබා ඇති අතර, දහස් ගණනකට තම නිවෙස්වලින් ඉවත් වීමට බල කෙරුනි.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ, 23:15 (GMT 14:15) ට, ප්‍රදේශයේ වෙරළට කිලෝමීටර 80 ක් පමණ ඔබ්බෙන්, කිලෝමීටර 50 ගැඹුරකදී, භූමිකම්පාව සිදුවී ඇති බවයි. එය දැන් ඉවත් කර ඇති සුනාමි අනතුරු ඇඟවීම් පොළඹවා ඇති අතර, 70cm රළ දක්නට ලැබුණි.
මේ හේතුවෙන් ඇතැම් දුම්රිය සේවා අත්හිටුවා ඇති අතර නිවාස දහස් ගණනකට විදුලිය විසන්ධි වී තිබේ.
ඉදිරි දිනවලදී වඩාත් ප්‍රබල කම්පනයක් ඇතිවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇත .
අවම වශයෙන් සතියක්වත් දැඩි අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
(bbc)

