#newstube

  • ගාසා සටන් විරාමය ක්‍රියාත්මකයි - ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පැය 72කින්

    ගාසා තීරයේ සටන් විරාමය ඇරඹේ. එහි ඇතැම් ප්‍රදේශ වෙතින් ඊශ්‍රායල හමුදා ඉවත් වීම අද (10) ආරම්භ විය. පලස්තීන ජනයා ගාසා නගරයේ යුද්ධයෙන් සුනු විසුණු වී ගිය සිය නිවෙස් කරා යළි පැමිණෙනු දුටු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    ඊයේ (09) පැවති ආරක්ෂක කැබිනට් සාකච්ඡා වලින් අනතුරුව ඊශ්‍රායල රජය අද උදෑසන, හමාස් සංවිධානය සමග සටන් විරාමය ප්‍රකාශයට පත් කළේය. ඉදිරි පැය 72 ක කාලය තුළ හමාස් භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියළු දෙනා නිදහස් කළ යුතුය.

    හමාස් භාරයේ ජීවතුන් අතර සිටින ප්‍රාණ ඇපකරුවන් සහ ජීවිතක්ෂයට පත් සියළු ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු නිදහස් කිරීමට අදාළ සැලසුමට ඊශ්‍රායල රජය මේ දැන් අනුමැතිය ලබා දුන් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහුගේ ඉංග්‍රීසි බසින් පළවන එක්ස් (X) ගිණුමේ සඳහන් කර තිබේ.


    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/10/2025


    මුලාශ්‍රය :

    Gazans return to wrecked homes as Israeli forces pull back under ceasefire

  • ගැටලු විසඳන්න එන ICC නියෝජිතයෙක්ට බංග්ලාදේශයෙන් වීසා නෑ

    ආරක්ෂක හේතූන් මත මෙවර විස්සයි20 ලෝක කුසලානයේ තරග ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය ගැන සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශයට පැමිණෙන ICC නියෝජිතයෙකුට වීසා ලබා නොදීමට බංග්ලාදේශය තීරණය කර තිබේ.

  • ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සහ ඊට අදාළ ප්‍රතිකාර සේවා සඳහා භාවිතා කරන කොල්පොස්කොපි (Colposcope) යන්ත්‍ර 12ක් දිස්ත්‍රික්ක 12ක් වෙත බෙදා දෙයි.

    මෙරට කාන්තා පිළිකා අතර පස්වන ස්ථානයේ පසුවන ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සහ ඊට අදාළ ප්‍රතිකාර සේවා සිදුකිරීම සඳහා භාවිත කරනු ලබන කොල්පොස්කොපි (Colposcope) යන්ත්‍ර 12ක් ඊට අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන්  පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.

  • ගැබිණි මව්වරුන්ට 5000ක් හයියක්

    රට පුරා පවතින ආපදා තත්ත්වය සහ ඉදිරියේදී එළඹෙන උත්සව සමය සැලකිල්ලට ගනිමින්, ගැබිණි මව්වරුන්ට රුපියල් 5,000 ක පෝෂණ දීමනාවක් ලබාදීමට කටයුතු යොදා ඇති බව රජය නිවේදනය කර ඇත.

  • ගෑණු හුටපටයකට සෙබළෙක් සෙබළකු මරයි

    සිය බිරිය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු තවත් සෙබළකු කපා කොටා ඝාතනය කර ඇතැයි මහඔය පොලිසිය කියයි.

  • ගීතයක ප්‍රකාශන හිමිකම (copyright) පිළිබඳ ගැටලුව; ගායක ගායිකා සංගමයේ සභාපති ජගත් වික්‍රමසිංහට රවී සිරිවර්ධන ගෙන් දැඩි ප්‍රතිචාරයක්

    ගීතයක ප්‍රකාශන හිමිකම පිළිබඳ සංවාදයක් නැවතත් කරළියට පැමිණ තිබෙන්නේ පසුගිය දා ග්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති ප්‍රවීණ ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ විසින් මාධ්‍ය හමුවේ පළ කළ අදහස් දැක්වීමත් සමග ය. 

    ඔහු එම අදහස් පළ කළේ මේ වන විට ගීතයක අයිතිය (Copyright) පිළිබඳව ගායන ශිල්පීන් මුහුණ දී ඇති බව කියන අසාධාරණ තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය දැනුවත් කිරීමට ගිය අවස්ථාවේ දී ය.

  • ගීතයක සංයුති කතුවරයා කවුද...?

    මෑතක දී ඇතැම්, ගායක ගායිකාවන් ගීතවල "සම අයිතිවාසිකම්" ඉල්ලා සිටින ප්‍රසිද්ධ ප්‍රකාශ මම නිරීක්ෂණය කළෙමි.

  • ගීතයේ අයිතිය පිළිබඳ ඩොලරය

    ගීතයක අයිතිය තනු නිර්මාපකයාට සහ පද රචකයාට හිමිවිය යුතුයි කියන එක අපි කවුරුත් දන්නා නීතිමය කාරණයක්.

  • ගුණදාස අමරසේකර ගේ සිහිනය සැබෑවන ලකුණු - Ideas front වීඩියෝවක්

    වර්තමානයෙහි බලය හොබවන්නේ ආචාර්ය ගුණදාස අමරසේකර පැවසූ පරිදි ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම 'ගැමි බොදු තරුණ පරම්පරාව' යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • ගුරු සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවයට ඇතුළත් වීමට අයිතියක් තිබෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    රටේ දසදහස් ගණනක ගුරු හිඟයක් පැවැති අවස්ථාවේ රජයේ ඉල්ලීම මත වසර 5, සිට10 දක්වා සංවර්ධන නිලධාරීන් නිදහස් අධ්‍යාපන පද්ධතියේ ගුරුවරුන් ලෙස ඉගැන්වීම් කටයුතු සිදු කර රජයේ වැටුප් පවා ලබා ඇති බවත්, මේ තරම් කාලයක් දරුවන්ට ඉගැන්වූ ගුරු සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවයට ඇතුළත් වීමට අයිතියක් තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • ගුරු සංවර්ධන නිලධාරීන්ට සහ රැකියා විරහිත උපාධිධාරීන්ට සාධාරණය ඉටු කරන්න - සජිත් ප්‍රේමදාස

    අගමැතිවරිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මේ වන විට රට තුළ උපාධි රැකියා 50000ක පමණ පවතින ගුරු සංවර්ධන නිලධාරීන්ට සහ රැකියා විරහිත උපාධිධාරීන්ට නිසි සාධාරණය ඉටු විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • ගුරු සේවයට බඳවා ගැනීමේ ක්‍රියාවලියේ වලංගු දිනය 2026 මාර්තු 05 ලෙස සංශෝධනය ඉතා හොඳයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    ගුරු සේවයට බඳවා ගැනීමේ ක්‍රියාවලියේ විවෘත බඳවා ගැනීමේ දී උපාධියේ වලංගු දිනය 2026 මාර්තු 05 ලෙස සංශෝධනය කර ඇති බවත්, මෙය ඉතා හොඳ දෙයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • ගුව­න්යා­නයේ ගියර් කුටියේ සැඟවී 13 හැවි­රිදි දරු­වෙක් කාබුල් නුවර සිට නව­දි­ල්ලි­යට ඇවිත්

    ඇෆ්ග­නි­ස්තා­නයේ කාබුල් අග­නු­වර සිට ඉන්දි­යාවේ නව­දිල්ලි අග­නු­වර දක්වා පියා­සර කළ ගුවන් යාන­යක ගොඩ­බැ­ස්වීමේ ගියර සහිත කුටියේ සැඟවී මාරා­න්තික ගම­නක් ගිය 13 හැවි­රිදි ඇෆ්ග­නි­ස්තාන ජාතික පිරිමි දරු­වකු නිරු­ප­ද්‍රි­තව සිය ගම­නා­න්ත­යට ළඟා වීමේ විස්ම­ය­ජ­නක පුව­තක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    උතුරු ඇෆ්ග­නි­ස්තා­නයේ කුන්ඩූස් නග­රයේ සිට පැමිණි බව කියන එම දරුවා ‘කැම් එයාර්‘ ගුවන් සේව­යට අයත් එම යානය නව­දිල්ලි ගුව­න්තො­ටු­පො­ළට ගොඩ බැස්වී­මෙන් පසු ධාවන පථයේ ඇවිද යමින් සිටි­යදී ගුව­න්තො­ටු­පොළ ආර­ක්ෂක නිල­ධා­රීන් විසින් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

    කාබුල් නුවර ගුව­න්තො­ටු­පො­ළට රහ­සින් ඇතුළු වී මගීන් පිරි­සක් සමඟ බස් රථ­ය­කින් යානය වෙත ගොස් එහිදී කිසි­ව­කුගේ ඇස නොගැටී යානය පසු­ප­සට ගොස් ගොඩ­බැ­ස්වීමේ ගියර සහිත කුටි­යට ඇතුළු වූ බව ඔහු ආර­ක්ෂක නිල­ධා­රීන්ට ප්‍රකාශ කර ඇති අතර, ඔහුගේ අව­ශ්‍ය­තාව වී ඇත්තේ ඉන්දි­යා­වට නොව ඉරා­න­යට යෑමට බවද සඳ­හන් කර තිබේ.

    ඉහළ උප­දෙස් මත ඔහු පැය කිහි­ප­යක් රඳවා තබා ප්‍රශ්න කිරී­මෙන් පසු නැවත එම ගුවන් යාන­යෙන්ම කාබුල් නුව­රට පිටු­ව­හල් කිරී­මට ගුව­න්තො­ටු­පොළ බල­ධා­රීන් පිය­වර ගත් බව වාර්තා වේ.

  • ගුවන් තොටුපළේ දී මත්කුඩු සමග හසු වූ චිවරධාරින් විසිදෙදෙනා රඳවා තබා ගැනීමට නියෝග  

    ලංකා ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය ( මත්කුඩු) තොගයක් එනම් රුපියල් බිලියන 1.1 ක් ( රුපියල් කෝටි 110) වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක, ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසි දෙදෙනා, එළඹෙන මැයි 02වන දා දක්වා රඳවාගෙන ප්‍රශ්න කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර ඊයේ (26) නියෝග කළා ය.

  • ගුවන් යානා හතක් බේරාගත් "Lucozade බීම බෝතලයේ" ත්‍රාසජනක කතාව

    (ලෝකයේ අංක 01 බුද්ධි අංශ මෙහෙයුම - Operation Overt)

  • ගුවන් විදුලියට වසර සීයකි; මගේ මාධ්‍ය ගමනට වසර පනහකි

    ගුවන් විදුලියට සියවසකි. මට හැට වසකි. මගේ මාධ්‍ය ලෝකයට පනස් වසකි. ඒ, 1975 ය. මා ගෝනුහද්දෙනාවේ සිට කොළඹ ආනන්දයට ඇතුළත් වූයේ එම අවුරුද්දේ මාර්තු මස විසිවෙනි දා ය. ඒ, හයේ පන්තියට ය.

  • ගුවන් සේවා සභාපති ඉල්ලා අස් වූයේ ඇයි?

    ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු අණදෙන නිලධාරී එයාර් චීෆ් මාෂල් හර්ෂ අබේවික්‍රම සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

  • ගෙදරට 'ඒකනායක' වු බලවතා....

    කාකි සූටි දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දරන කෙනෙකුගේ ගෙදර ලොකු ගෝරියක්ලු.

  • ගොඩෝ එනකං බලා සිටීම! 

    කලකිරීම! - ජාත්‍යන්තර ධනවත් සංචාරකයින්ට රටේ ඉහල පංතියෙ පහසුකම් පැතිකඩ පෙම්වාදීම සඳහා විදේශීය ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරයක් දියත් කිරීමට වර්තමාන සහ අතීත රජයන් දරන ලද කණගාටුදායක උත්සාහයන් හේතුවෙන් සංචාරක කර්මාන්තයේ දුක්ඛිත තත්වය විස්තර කළ හැක්කේ එලෙසිනි.

  • ගොවියාට ස්ථාවර මිල සේ ම පොහොර සහනාධාරය පවා හරියට දෙන්න රජයට බැරි වෙලා

    ගොවිජනතාවගේ නිෂ්පාදනවලට නිසි මිලක් අපේක්ෂා කළත් පසුගිය කාලයේ සහ අද දිනත් මේ රජයට එම නිසි මිල ලබා දීමට නොහැකි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න