ලබන වසර සඳහාවූ අයවැය සකස් කිරීමේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාවගේ ගැටළු හා ප්‍රශ්න වලට විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට මුදල් ඇමැතිවරයා වන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට ඉඩ ලබා දෙන්නැයි තම සංසදය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනී ටානියා එස් අබේසුන්දර ඉල්ලීමක් කළාය.
කොළඹ 07, විද්‍යා මාවත, විද්‍යා මැඳුරේ අද (15) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇය මෙසේද කීවාය.
අපි රජය කෙරෙහි තැබු ලෙන්ගතු කම එදා මෙන්ම අදටත් එසේමයි..
රජය කෙරෙහි බලාපොරොත්තු තබාගෙන අපි කාලයක් නිහඩව සිටියා. ව්‍යවසායකත්වය පිළිබද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පිළිබඳව රජය මෙයට වඩා සිතන්නට ඕන.
රටේ සියයට 75ක ආර්ථික දියුණුවට දායකත්වය සපයන්නේ අප නියෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්. ඔවුන්ගේ නිෂ්පාදන අපනයන තත්ත්වයට ඉහළ නංවා ආර්ථිකය තව දුරටත් ශක්තිමත් කළ යුතුයි. අප අංශයෙන් අපනයනයට දායක වන්නේ සියයට 4.4යි. එය සියයට 10ක් 12ක් කර ගත යුතුයි. ඒ සඳහායි අප වැඩපිළිවෙළක් සකස් කළ යුත්තේ.
ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ උප සභාපති ලක්මාල් පෙරේරා,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන අයට රජයෙන් සහ බැංකු වලින් ණය ලබාදීමේදි සිදු කර තිබෙන ණය වර්ගීකරණය ගැටලු සහගතයි. එම ගැටලු විසඳා ගත යුතුයි.
ණය ලබා දීමේ වැඩපිළිවෙලවල් දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. කර්මාන්ත අමාත්‍යංශය හරහා මිලියන 25 දක්වා ණයක් ලබා ගැනීමට පහසුකමක් සපයා තිබෙනවා.
මුදල් අමාත්‍යංශය ණය වැඩපිළිවෙලක් හඳුන්වා දි තිබෙනවා. මේ දෙකෙහි යම් යම් ගැටලු මතුවී තිබෙනවා. එය විසඳා ගත යුතුයි.
ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ විධායක සභික ප්‍රදීපා කළුතන්ත්‍රිගේ,
ඇගළුම් කර්මාන්තවල සේවය කිරීමට විශාල සේවක හිඟයක් තිබෙනවා. රජය වහාම මැදිහත්වී රටේ මානව සම්පත දැනුමෙන් සංවර්ධනය කොට මෙම ක්ෂේත්‍රයේ රැකියා සඳහා තරුණ තරුණියන් යොමු කළ යුතුයි.
ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ කර්මාන්ත සහ ප්‍රතිපත්ති අංශයේ විධායක සභික රිසාන් රිස්වි.
එක්සත් ජනපද ඩොලර් බිලියන 13ක සංචිතයක් අප වසර 2028දී ගොඩනගා ගත යුතුයි. ඒ සඳහා විධිමත් නිසි වැඩපිළිවෙලක් ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය දියුණු කිරීමට පියවර ගත යුතුයි.
ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ විධායක සභික ඒ.එම්.ජේ.එම් ජව්ෆර් මෙහිදි අදහස් දැක්වූහ.

(සටහන | ජේ.මුණසිංහ)
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (China Harbour Engineering Company - CHEC) සභාපති BAI YINZHAN ඇතුළු නියෝජිතයින් අතර හමුවක් ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහනේ පස්වන සහ සයවන සමාලෝචනයන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou ගේ නායකත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායම සමග ජනාධිපති අනුර කුමාර දිසානායක අද (02) ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවකට එක්වීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක, අද (15) උදෑසන චාරිත්‍රානුකූලව මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භූමියේ පැවති ‘හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය 2026’ සඳහා සහභාගි විය.
හෙට (22) රාත්‍රියේ ජනාධිපති අනුර කුමාර දිසානායක අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත අතර මෙම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිතය.
එළබෙන බදාදා (24) එරට වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමටද නියමිතය.
ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද සහභාගී වනු ඇති අතර මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක් වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක, ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව සඳහා සහභාගි විය.
පවතින කාලගුණික සහ දේශගුණික වෙනස්කම්, ඉදිරියේ දී ඇති විය හැකි එල්නිනෝ තත්ත්වය සහ යල කන්නයේ වී වගාව ආරම්භ වීමත් සමග සිදු කළ යුතු ජල කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (02) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.
2026 අයවැය ප්‍රතිපාදන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක “තමන්ගේ ම තැනක් - ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන ඇතුළු නිවාස ව්‍යාපෘතිවල සැලසුම් සහ වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳ සොයා බැලීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡාවක් ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.
අනුර කුමාර ජනාධිපතිවරයා කොන්ද පණ නැති වැඩකරන්නේ යැයි සර්ව ජනබල පක්ෂ නායක දිලිත් ජයවීර පවසයි.
සිය වත්කම් බැරකම් ප්‍රකාශවට ජනපති අනුර කුමාර දිසානායක ඇතුම් තොරතුරු ඉදිරිපත් කර නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මාධ්‍ය හමුවක් තබමින් සඳහන් කළේය.
"2023 අංක 9 දරණ දූෂණ වීරෝධී පනත සම්මත කරලා වත්කම් ප්‍රකාශයක තොරතුරු ප්‍රසිද්ධ කිරීමට අපි ගත් තීරණයෙන් වත්මන් ආණ්ඩුව බරපතල අමාරුවක වැටිලා. මේ පනත සම්මත කරන්න කලින් වත්කම් ප්‍රකාශය කියන්නේ රහසිගත ලේඛණයක්. අපි ලේඛණය සකසලා අලවපු ලියුම් කවරයක සීල් කරලා තමයි භාර දුන්නේ. අධිකරණ නියෝගයකින් විතරයි ඒක විවෘත කරන්න පුළුවන්.
නමුත් නව පනතින් ඒක වෙනස් වුණා. පෞද්ගලික තොරතුරු හැර අන් සියල්ලම අල්ලස් කොමිසම විසින් ප්‍රසිද්ධ කළ යුතුයි. අවාසනාවට මාලිමා නායකයින් මෙහෙම පනතක් සම්මත වෙන බව දැනගෙන ඉඳලා නෑ. ඒ නිසා මේ අය කිසිම බයක් නැතිව වැරදි තොරතුරු ඉදිරිපත් කරන්නත් වැදගත් තොරතුරු සඟවන්නත් කටයුතු කරලා තිබෙනවා.
ගුවන් ටිකට්පත්වලට මුදල් ගෙව්වේ කවුද? හෝටල් වලට ගෙව්වේ කවුද?
කතා බහට ලක් වන මේ වත්කම් ප්‍රකාශය ඉදිරිපත් කරලා තිබෙන්නේ 2024 අප්‍රේල් 1 දා සිට 2025 මාර්තු 31 දක්වා කාලයට. 2024 ජූනි 13 සිට 15 දක්වා එංගලන්තයේ සංචාරයක ජනාධිපතිතුමා නිරත වුණා. එතුමාට ඒකට ගුවන් ටිකට්පත්වලට මුදල් ගෙව්වේ කවුද? හෝටල් වලට ගෙව්වේ කවුද? මේ තොරතුරු සියල්ලම වත්කම් ප්‍රකාශනයේ දාන්න ඕනි. නමුත් ජනාධිපතිතුමා මේ තොරතුරු දාලා නෑ.
ඒ වගේම එතුමා 2024 දී ඉන්දියාවේ සහ කැනඩාවේ සංචාර වල නිරත වුණා. මේවාට වියදම් කලේ කවුද කියන එක වත්කම් ප්‍රකාශනයේ දාන්න ඕනි.
ඒ වගේම ජනාධිපතිතුමා අනුරාධපුරයේ ගියාම ජනපති මන්දිරයේ නතර වෙන්නේ නෑ. නතර වෙන්නේ ප්‍රමිෂ්කා නෝනාගේ හමිං බර්ඩ් හෝටලයේ කියලා මාලිමාවෙන්මයි කිව්වේ. එහෙම නම් ඒ තොරතුරු වත්කම් ප්‍රකාශනයේ “8.2 ත්‍යාග ඇතුළු සංචාර ප්‍රතිපූර්ණයන්” යටතේ දාන්න ඕනි. නමුත් ඒක දාලා නෑ.
ජනාධිපතිතුමාගේ 2025-26 වත්කම් ප්‍රකාශනය මීටත් වඩා රසවත් වේවි...
ජනාධිපතිතුමාගේ 2025-26 වත්කම් ප්‍රකාශනය මීටත් වඩා රසවත් වේවි. 2025 මැයි මාසයේ දී ජනාධිපතිතුමා පෞද්ගලික ගුවන් යානාවකින් වියට්නාමයේ සිට ලංකාවට ආවා. ඒ යානාවට වියදම් කලේ කවුද කියන එකට ආණ්ඩුව විවිධ කතා කිව්වා. මුලින්ම වියට්නාම් ආණ්ඩුව කිව්වා. ඊලඟට එක්සත් ජාතින්ගේ වෙසක් උත්සව කමිටුව කිව්වා. ඊටත් පස්සේ වියට්නාම රාජ්‍ය නොවන සංවිධානයක් කිව්වා. ඒ ගමනට අනුග්‍රහය දැක්වූයේ කවුද කියන එක වගේම එහි වටිනාකමත් අද දක්වා අබිරහසක්. මී ලඟ වත්කම් ප්‍රකාශනයෙන් මේ අබිරහස් ගමන පිළිබඳ ඇත්ත දැන ගන්න අපට පුළුවන් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
වත්කම් ප්‍රකාශනයේ සඳහන් නොකර තොරතුරු සැඟවීම බරපතල දඬුවම් ලැබෙන වරදක්. යම් වත්කමක් සඟවා තිබුණොත් ඒ වත්කම රාජසන්තක කරන්න පුළුවන්. ඒ වගේම තොරතුරු සැඟවූවොත් රුපියල් ලක්ෂ දෙකක දඩයක් සහ වසරක සිර දඬුවමක් ලැබෙන්න පුළුවන්.
හේවගේ ඉතිරි කරන විධියට එක දියණියක් වෙනුවට දියණියන් පස්දෙනෙකු සිටියා නම්...
මේ වරද කරලා තිබෙන්නේ ජනාධිපති විතරක් නොවේ. නලින් හේවගේ මන්ත්‍රිතුමාගේ ගිණුමේ ලක්ෂ 23ක් තිබෙනවා. එතුමා කියන්නේ ඒවා දියණියගේ උත්සවයකට ලැබුණු තෑගි කියලා. එහෙම තෑගි ලැබුණා නම් රු50,000ට වැඩි තෑගි දුන්නේ කවුද කියන එක නලින් ඇමතිතුමා වත්කම් ප්‍රකාශනයේ සඳහන් කරන්න ඕනි. නමුත් එහෙම සඳහන් කරලා නෑ. රු50,000ට වැඩි තෑගි ලැබුණේ නැතිනම් උත්සවයටත් වියදම් කරලා ලක්ෂ 23ක් ඉතිරි වෙන්නත් බෑනෙ.
මෙතුමා ඉතිරි කරන විධියට එක දියණියක් වෙනුවට දියණියන් පස්දෙනෙකු සිටියා නම් ආර්ථික අර්බූදය වෙලාවේ අයිඑම්එෆ් කොන්දේසිවලට යට වෙලා ණයක් ගත්තු වෙලාවේ හේවගේ ඇමතිතුමාගෙන් ණයක් ගන්න තිබුණා.
යට ඇඳුමේ සිට හැමදේම ජයශාන්ත අයියා ගෙන් ලබා ගත් හඳුන්නෙත්ති ඇමතිතුමාගේ වත්කම්
යට ඇඳුමේ සිට හැමදේම ජයශාන්ත අයියා වගේ මිතුරන්ගෙන් ලබා ගත් හඳුන්නෙත්ති ඇමතිතුමාගේ වත්කම් ප්‍රකාශනයත් අපි බැලුවා. ලැබූ ත්‍යාග පිළිබඳ විස්තර කියන සටහනේ ඇමතිතුමා අත්අකුරින්ම ලියා තිබෙනවා “කිසිවක් නැත” කියලා. අඩුම ගණනේ හැමදාම හැමදේම දෙන ජයශාන්ත අයියාගේ නමවත් නෑ.
2024 කියන්නේ මේ හැමෝම මැතිවරණ වලට ඉදිරිපත් වුණු වසර. ඒ නිසා ඕනෑම අපේක්ෂකයෙකුට තෑගි ලැබෙනවා. නමුත් කිසිවෙක් තමන්ට ලැබුණු මුදල් ත්‍යාග වේවා, ද්‍රව්‍යමය ත්‍යාග වේවා කිසිවක් සඳහන් කරලා නෑ. වත්කම් වල වටිනාකම දැවැන්ත ලෙස අවප්‍රමාණය කිරීම, ලැබුණු ත්‍යාග සැඟවීම, වත්කම් ප්‍රකාශනයේ තොරතුරු සැඟවීමට ජනධිපතිතුමාටත් සියළුම මැති ඇමතිවරුන්ටත් අනාගතයේ හිරේ ලගින්න වෙන බව නම් පැහැදිලියි.
මේ කිසිවෙක් ආදායම් බදු ගොනු විවෘත කරලා නෑ...
ඒ වගේම සමහර මන්ත්‍රිවරු දැන් කියනවා. අපි මාසයකට ලක්ෂ 10 -15 හම්බ කරපු මිනිස්සු. වසන්ත ඇමතිතුමා පරම්පරාගත සල්ලිකාරයෙක් යනාදී කතා. නමුත් මේ කිසිවෙක් ආදායම් බදු ගොනු විවෘත කරලා නෑ. ඒ කියන්නේ ආදායම් බදු ගෙවලා නෑ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ද ඉදිරියේ දී නඩු වැටෙන්න පුළුවන්.
වසන්ත ඇමතිතුමාට තමන්ගේ ගම්බාර සීයාගෙන් ලැබුණු වත්කම් තමයි මේ තිබෙන්නේ කියලා අපි පිලිගනිමුකෝ. එහෙම නම් වත්කම් ප්‍රකාශනයේ තිබෙන ක්‍රිප්ටෝ කරන්සි තොගයත් සීයාගේ බූදලයේ තිබෙන්න ඕනි. දැනට ක්‍රිප්ටෝ කරන්සිවල නිර්මාතෘ ලෙස සලකන්නේ 2009 දී බිට් කොයින් සොයා ගත් සතොෂි නකමොටො. නමුත් වහාම ඒ නම වෙනුවට වසන්ත ඇමතිතුමාගේ සීයා වන හේරත් මුදියන්සේගේ නම යොදන්න ඕනි. ලෝක ඉතිහාසය වෙනස් කරපු මෙවැනි ශ්‍රී ලාංකිකයෙකු අපට මග හැරුනේ කොහොමද කියන එක දැවෙන ප්‍රශ්නයක්.
ලංකාවේ නීතිය අනුව ක්‍රිප්ටෝ කරන්සි ලඟ තබා ගැනීම වරදක් නොවේ. ඒ කියන්නේ යමක් විකුණලා ලැබෙන ගෙවීම ලෙස හෝ තෑග්ගක් ලෙස හෝ ක්‍රිප්ටෝ කරන්සි ලබා ගන්න පුළුවන්. නමුත් ණයවර පතක් හෝ මුදල් ගෙවීමක් කරලා ක්‍රිප්ටෝ කරන්සි මිල දී ගන්න බෑ. හේරත් මුදියන්සේගේ සීයා ක්‍රිප්ටෝ කරන්සිවල නිර්මාතෘ නොවේ නම් වසන්ත ඇමතිතුමා ක්‍රිප්ටෝ කරන්සි අත්පත් කර ගැනීමත් නීති විරෝධි වෙනවා."
ඉන්දියාව තුළ මෙන්ම මෙරට තරුණ පිරිස් අතරද ආකර්ෂණීය ඉන්දීය සිනමා නිළියක් වන රශ්මිකා මන්දනා කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.
ජනප්‍රිය නිළි පේශානි ඒකනායක ගැන පහුගිය දිනවල සමාජ මාධ්‍යයේ වැඩි කතා බහට ලක් වුණා.
ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ පහරදීමක් සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රටෙහි ජනතාව අතුරෙන් 65%ක් වත්මන් ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා ඇතැයි යනුවෙන් වෙරිටේ රිසර්ච් ආයතනය කළ සමීක්ෂණයකින් හෙළි වී ඇති බව එම ආයතනය ප්‍රකාශ කර තිබිණි; එය ප්‍රසිද්ධ මාධ්‍ය වෙත ලබා දී ප්‍රසිද්ධියට ද පත් කර තිබිණි.
තැපැල් දෙපාර්තමේන්තුවට මෙම වසර සඳහා නියමිත රුපියල් මිලියන 15,000ක ආදායම් ඉලක්කය පහසුවෙන් සපුරා ගත හැකි වනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සහ උද්‍යෝගයෙන් සමරන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට වරෙන්තු නිකුත් කර තිබේ.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2026 FIFA ලෝක කුසලානය සඳහා දිනුම් ඇදීමට පෙර මංගල Fifa සාම ත්‍යාගය ලබා ගත්තේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි 27 වන දින රාජ්‍ය වෙසක් උත්සවය අතරතුර ප්‍රකාශ කළේ, අභ්‍යන්තර සංඝාධිකරන මගින් සිවුරු හැර යාමට නියෝග කිරීමට පෙර, රටේ නීති යටතේ බෞද්ධ භික්ෂූන් අත්අඩංගුවට ගැනීම හෝ අපරාධ චෝදනා එල්ල කිරීම වැළැක්වීම සඳහා තම ආණ්ඩුව නීති සංශෝධන හඳුන්වා දෙන බවයි.
දිවයිනේ සිටින ජේෂ්ඨතම ජනාධිපති නීතිඥවරයෙකු වන රොමේෂ් ද සිල්වා, නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මුණගැසී විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

