අතීතයේ විසූ රජවරු පවා මධ්‍ය කඳුකරයේ වැව් ඉදි නොකළ බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
2024 ජනාධිපතිවරණයේ දී: බොරුව සහ මුළාව නිසා රට අන්තරාදායක තත්ත්වයට පත් වුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මේ බව පැවසුවේ මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රි සංසදය අමතමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
රට කඩාවට්ටන සංකල්ප වර්ධනය කරන්න එපා යයි පොහොට්ටු පක්ෂයේ තරුණ ක්‍රියාකාරිකයකු වන දමිත වික්‍රමසිංහ මෙරට තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
තරුණ සේවා සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දමිත වික්‍රමසිංහ එම ඉල්ලීම කරනු ලබන්නේ සමාජ මාධ්‍යවෙත වීඩියෝවක් මුදාහරිමිනි.
'අපිට දේශපාලනයෙන් වැඩක් නැත', අපි හම්බ කළොත් අපි කනවා' යනාදි සංකල්ප රාජ්‍ය කටාවැට්ටවීම සඳහා සුදානම්ව සිටින බලවේග විසින් නිර්මාණය කරන ලද සංකල්ප යැයි මෙරට තරුණ පරම්පරාව තේරුම් ගත යුතු දෙයක් යැයි ද දමිත වික්‍රමසිංහ පවසයි.
ඔහු පවසන්නේ රටක අනාගතය සැලසුම් කරන්නේ: ප්‍රාදේශීය සභා, පළාත් සභා හෝ පාර්ලිමේන්තුවට තේරී පත්වන දේශපාලන නියෝජිතයන් වන බැවින් අප කිසිවකුට දේශපාලනය බැහැර කළ නොහැකි බවයි.
ඔහු තවදුරටත් මෙසේද පවසයි.
සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කටයුතු කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ජුන්ෂෙන්ග් ( Wang Junzheng) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවේ පැවසීය.
රටේ පවතින ආර්ථික සහ ව්‍යසන තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා මහජන නියෝජිතයන් සහ ඉහළ රාජ්‍ය ආයතන දැඩි කැපකිරීම් කළ යුතු බවත්, මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ සහ වරප්‍රසාද කප්පාදු කර එම මුදල් ජනතාව වෙනුවෙන් යොමු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක පවසයි.
තුවාල සහිත දියවැඩියා රෝගීන් ලක්ෂයක් පමණ මේ වනවිට රට තුළ සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
යහපත් ජනමාධ්‍ය භාවිතයක් ඇති කිරීම සඳහා ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍යය බවට මධ්‍යම පළාත් මාධ්‍යවේදීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු අත් ඔසවා එකඟතාව පළ කළ අයුරු
මෙරට තුළ යහපත් ජනමාධ්‍ය භාවිතයක් ඇති කිරීම සඳහා ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍යය බව මධ්‍යම පළාත් මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු පවසති.
ඔවුහු එලෙස පැවසුවේ පසුගිය 22වන දින මහනුවර දී පැවැති ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පත් කරන ලද බහුපාර්ශවීය කමිටුවක් මගින් කෙටුම්පත් කළ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ මූලික කෙටුම්පත (Zero draft) පිළිබඳව මධ්‍යම පළාතේ ජනමාධ්‍ය වේදීන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා වැඩසටහනට සහභාගි වෙමිනි.
මෙම වැඩසටහන මෙහෙයවනු ලැබූයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසිනි; ඒ සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ දායකත්වය ද හිමිව තිබිණ.
ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය අනාගතවාදී අවශ්‍යතාවක් බවත් කෙටුම්පත් කර ඇති ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය තවදුරටත් සංවර්ධනය කරමින් මෙරට ජනමාධ්‍යකරණයෙහි මාර්ගෝපදේශ ලියවිල්ල බවට පත්කර ගත යුතු බවත් වැඩසටහනට එක්වූ මාධ්‍යවේදීන් හා සිවල් සංවිධාන ක්‍රියාකාරිහූ ඒකමතිකව තීරණය කළහ.
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් රටට අවශ්‍යය යැයි කියන මතයේ සිට මෙරට ජනමාධ්‍ය පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතු බවට යෝජනා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පසුගිය කාලය තුළ ඉදිරිපත් කරනු ලැබිණ.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ඉදිරිපත්ව තිබෙන මෙම යෝජනාවලිය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අරමුණු සමග යම් දුරකට සමපාත වන බැවින් අදාළ කෙටුම්පත වඩාත් පුළුල් සහ සාරගර්භ එකක් බවට පත් කිරීම සඳහා දිවයිනේ පළාත් කිහිපයක මාධ්‍යවේදීන් හා සිවිල් ක්‍රියාකාරීන් හමුවී අදහස් හා යෝජනා ලබා ගැනීමට තීරණය කළ බව එහි කැඳවුම්කරු ලසන්ත ද සිල්වා පැවසී ය.
මෙම අවස්ථාවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජිකයින් වන සුනිල් ජයසේකර, සී. දොඩාවත්ත, ආනන්ද ජයසේකර, ශාන් විජේතුංග යන අය ද සහභාගි වූහ.

(අසේල කුරුළුවංශ)
හානියට පත් යටිතල පහසුකම් කඩිනමින් ගොඩ නැගීම සඳහා එවැනි යටිතල පහසුකම් විෂය පථයන්ට අදාළව විදේශ අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
විදේශ රැකියාවලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිළිවෙලට අනුව සහනදායි මිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ කවුලුවක් නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේ දී විවෘත කර තිබේ.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) මෙම කවුලුව විවෘත කර ඇත.
මෙහිදී සාමාන්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩුමිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරිම සිදු කරන අතර ලොව ඕනැම රටක විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලු ශ්‍රමිකයන්ට මෙහිදී අඩුමිලට ගුවන් ටිකට්පත් මිලදී ගත හැකියි.
මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය බී.එස් යාලේගම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලාල් හෙට්ටිආරච්චි, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී සේනානායක, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සාමාන්‍යාධිකාරි ප්‍රසාද් ගලප්පත්ති ඇතුළු පිරිසක් එක්වී සිටියහ.
ඔය ප්‍රාදේශීය සභා වගේ ඒවාගේ සභාපතිකමට පත්වෙන සමහර අම්බරුවෝ ඉන්නවා නේද, උං හිතාන ඉන්නේ ඒ ඒරියා එකේ රජතුමා උං කියලා.
මෙවැනි අපනයන හිතකාමී ප්‍රතිපත්තියක් රජය අනුගමනය කරනවා නම් ඔක්තෝබර් 1 වැනිදා සිට IMF පදයට නටා එස් වැට් බද්ද ඉවත් කරන්නේ කරන්නේ ඇයි ද යන්න ගැටලුසහගත යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (25) අපනයන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේ දී අදහස් දක්වමිනි.
එම විවාදයේ දී වැඩි දුරටත් අදහස් දැක් වූ විපක්ෂ නායකවරයා...
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට කාරක ප්‍රාග්ධන ගැටලු
''සාර්ව ආර්ථිකය මෙන්ම ක්ෂුද්‍ර ආර්ථිකය ගැන ද රජය සිතිය යුතු යි. තනි පුද්ගලයන් ගෘහ ඒකක, ව්‍යවසායකයන් සහ ව්‍යාපාර ගැන ද සිතිය යුතු යි. අදටත් ක්ෂුද්‍ර ආර්ථිකයේ පුද්ගලයා ජන ප්‍රජාව ගෘහ එකක මත පීඩනයක් පවතිනවා. මෙවැනි අපනයන හිතකාමී ප්‍රතිපත්තියක් රජය අනුගමනය කරනවා නම් ඔක්තෝබර් 1 වැනිදා සිට IMF පදයට නටා එස් වැට් එක අයින් කරන්නේ ඇයි ද කියා ගැටලුවක් පවතිනවා. මැතිවරණයේ දී පොරොන්දු වු ආකාරයට නව IMF ගිවිසුමකට ගියා නම් අපනයන හිතකාරී එස් වැට් එක තබා ගත හැකි වුවත් අද එය ඉවත් කරනවා. එස් වැට් හරහා අපනයනකරුවන්ට මුදල් ප්‍රවාහ ගැටලු ලිහිල් කරනවා. ලියාපදිංචි එස් වැට් සහභාගීවන්නන් අතර සැපයුම් කිරීමේ දි එකතු කළ අගය මත බදු අත්හිටුවනවා. මෙය අපනයන හිතකර තත්ත්වයක්. අපනයන ප්‍රවර්ධනය වෙනවා.
සැපයුම්කරුවන්ගෙන් වැට් අය කරනවා වෙනුවට එස් වැට් බදු ඉන්වොයිස් එකක් නිකුත් කිරීමක්. අපනයනකරුවන් ගැන කැක්කුමක් ඇත් නම් IMF කොන්දේසි මත මේවා ඉවත් කරන්නේ ඇයි? මෙහි අහිතකරභාවය වන්නේ අපනයන කරුවන් තුළ මුදල් ප්‍රවාහ ගැටලුවක් නිර්මාණය වීමයි. ඒපමණක් නොවෙයි: ප්‍රමාදවීම් සිදුව, කාලය මිඩංගු වී, කාර්යක්ෂමතාව අඩුවී , පරිපාලන වියදම් වැඩි වී, අපනයන ක්ෂේත්‍රයේ තරග කරන්න ඇති රටවල් මේ ප්‍රශ්නයේ දී වේගවත්ව කටයුතු කරන නිසා අප රටට අවාසියි. ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට කාරක ප්‍රාග්ධන ගැටලු පවා නිර්මාණය වෙනවා.
කාර්තු දෙකක ආර්ථික වර්ධන ඉලක්ක අභිභවා ගොස් තිබීම ඉතා හොඳ දෙයක්
IMF එක 2024 ජුනි මාසයේ වැට් අනුකූලතාව සහ බදු එකතු කිරීමේ අරමුණින් කියා කොන්දේසියක් පනවා තිබෙනවා. කාර්තුවක් පාසා ලබා දෙන ඩොලර් බිලියන 2.9 සඳහා කොන්දේසි දමා තිබෙනවා. මේ නිසා අප රටේ අපනයකරුවන් බරපතළ ගැටලුවකට මුහුණ දෙනවා. අවසාන මොහොතේ හෝ IMF සමග සාකච්ඡා කර එස් වැට් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඩිජිටල්කරණය සම්පූර්ණ වන තුරු මෙය කල් දමා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
පසුගිය කාලයේ රට බංකොලොත් වීම නිසා 260000ක් ව්‍යවසායකයන් අපහසුතාවලට ලක්වූ නිසා දැන්වත් IMF කියන පදයට නටන්නේ නැතිව කටයුතු කරන්න. එසේම ඇමතිවරයා ඉදිරිපත් කළ සුබවාදී තොරතුරු මත කිසිම අවස්ථාවක කුහක දේශපාලනයේ නිරත වෙන්නෙ නැහැ. කාර්තු 2ක ආර්ථික වර්ධන ඉලක්ක අභිබවා ගොස් තිබීම ඉතා හොඳ දෙයක්. නමුත් 2028 සිට ඇ. ඩොලර් බිලියන 5.5ක් වාර්ෂිකව විදේශ ණය ගෙවන්න සූදානම් ද කියා ප්‍රශ්න කරනවා. පසුගිය රජය අනුගමනය කළ IMF ගිවිසුම අනුගමනය නොකර නැවත සාකච්ඡාවකට ගියා නම් 2033 සිට ණය ගෙවන්න පුළුවන්.
දුප්පත්කම තුරන් කරන්න පැහැදිලි වැඩසටහනක් අවශ්‍ය යි
ආයතන ගණනාවක් අප රටේ දළ වශයෙන් සියයට 50ක් විවිධ දරිද්‍රතාවෙන් පෙළෙන බවට ප්‍රකාශ කර තිබෙනවා. පාරිභෝජන, ආදායම්, නිෂ්පාදන සහ ආයෝජන දරිද්‍රතාවෙන් පෙළෙනවා. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලයේ දුප්පත්කම ගැන කතා කළ එක හොඳ වුනත් අස්වැසුම නිසා දුප්පත්කම නැති වෙන්නෙ නැහැ. එය හුදෙක් පාරිභෝජනය පමණක් ඉලක්ක කර ගත් දෙයක්. අපනයනය, නිෂ්පාදනය, ඉතිරි කිරීම නැහැ. මෙය දුෂ්කරතාවලින් පෙළෙන ජනතාවට පාරිභෝජනය සඳහා මූල්‍ය ශක්තියක් ලබා දීම පමණක් නිසා රටට දුප්පත්කම තුරන් කරන්න පැහැදිලි වැඩසටහනක් අවශ්‍ය යි.''
විස මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
විපතට පත් ජනතාව වෙනුවෙන් විදෙස් රටවල්, රජයයන්, සංවිධාන සහ පුද්ගලයන් ලෙස එවන මුල්‍යාධාර සහ ද්‍රව්‍යමය ආධාර පහසුවෙන් සහ ඉක්මණින් නිෂ්කාශනය කිරීමේ කඩිනම් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (29) පැවැත්විණි.
කරුණාකර මේ රටේ ජනතාවට ගුණාත්මක ඖෂධ ලබා දිමට කටයුතු කරන්නැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සහ සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.
මේ රටේ සියලු සංවර්ධන කටයුතු සඳහා දැඩි ලෙස විරුද්ධ වූයේ ජනතා විමුක්ති පෙරමුණ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
පුනරුද ආණ්ඩුව විසින් තමන්ට ප්‍රතිවාදි මත දරණ දේශපාලන නායකයින්, රණවිරුවන් ප්‍රබල ලෙස දඩයම් කරමින් සිටින අතර ඒ දඩයම් ක්‍රියා දාමයේ ප්‍රධානතම පුද්ගලයා වවන්නේ ශානි අබේසේකර යැයි නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ නව ජනතා පෙරමුණ ප්‍රධාන අනුශාසක නාගරික මන්ත්‍රී පූජ්‍ය වැල්ලම්පිටිය සුමනධම්ම නායක ස්වාමින් වහන්සේට කෝට්ටේ සංඝ සභාව විසින් අද දින පිරිනමන ලද ගෞරව සම්මාන උත්සවයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර බණ්ඩාර...
මහගම සේකර ගියායින් පස්සෙ ඒ තැන ලැබුණෙ රත්න ශ්‍රී සර්ට. එයත් සේකර වගේ ම ඕනවට වඩා නිහතමානි වුණා. ඕනවට වඩා මිනිස්සුන්ට උදව් කරන්න ගියා. ඒකයි ඔය වගේ වෙන්නෙ.
1935 දී මෙහෙයුම් ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් තොටුපළ වන රත්මලාන ගුවන්තොටුපළේ මෙහෙයුම් ආරක්ෂාව සහ ජාත්‍යන්තර තත්ත්වය යළි ස්ථාපිත කිරීම සඳහා හදිසි නවීකරණයක් සහ සුසංයෝගී සැලසුම්කරණයක් අවශ්‍ය බව ගුවන් සේවා විශේෂඥයින් පෙන්වා දීමත් සමඟ එය නැවතත් අවධානයට ලක්ව තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂය අද (නොවැම්බර් 13) රොහණ විජේවීර ඝාතනයේ 36වන සැමරුම පවත්වනවා.
සපුගස්කන්ද රිය අනතුරට සම්බන්ධ හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල රිය අනතුරට ලක්වූ අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර ඇති බවට සනාථ වී නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

