තැපැල් දෙපාර්තමේන්තුවට මෙම වසර සඳහා නියමිත රුපියල් මිලියන 15,000ක ආදායම් ඉලක්කය පහසුවෙන් සපුරා ගත හැකි වනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රුපියල් මිලියන 5.1ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද මඩවල උල්පත තැපැල් කාර්යාලය ඊයේ (22) ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
පසුගිය වසරේ ප්‍රගතිය
පසුගිය වසරේ දී තැපැල් දෙපාර්තමේන්තුවේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 2,000ක පමණ මුදලක් වෙන් කළ බවත්, එමගින් රුපියල් මිලියන 13,450ක ආදායමක් උත්පාදනය කිරීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය. එම සාර්ථකත්වය මත පදනම්ව මෙවර රුපියල් මිලියන 15,000ක ඉලක්කය කරා යෑම අපහසු නොවන බව ඔහු වැඩිදුරටත් පැවසී ය.
නවීකරණය සඳහා වූ ආයෝජන
තැපැල් සේවාව නවීකරණය සහ තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා මධ්‍යම තැපැල් හුවමාරුව සඳහා ආරක්ෂිත කැමරා 209ක් මිලදී ගැනීමට රුපියල් මිලියන 27ක්,පරිගණක යන්ත්‍ර 225ක් සඳහා රුපියල් මිලියන 74ක් සහ ටැබ් පරිගණක 1, 500ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 101ක්, දිවයින පුරා තැපැල් කාර්යාල සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර 657ක් මිලදී ගැනීමට රුපියල් මිලියන 31ක් රජය ගෙන ඇති පියවර කිහිපයක් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේ ය.
බලශක්ති සංරක්ෂණය සහ යටිතල පහසුකම්
බලශක්ති පිරිවැය අවම කිරීමේ අරමුණින් මඩකලපුව, පොළොන්නරුව, මධ්‍යම තැපැල් හුවමාරුව සහ තැපැල් මූලස්ථානය යන ගොඩනැගිලි සඳහා රුපියල් මිලියන 24ක වියදමින් සූර්ය බල උත්පාදන පද්ධති (Solar Power) සවිකිරීමට පියවර ගෙන ඇත.
පොළොන්නරුව තැපැල් සංකීර්ණයේ මෙම කටයුතු මේ වන විටත් අවසන් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මෙම නවීකරණ කටයුතු හරහා වඩාත් කාර්යක්ෂම හා ආකර්ෂණීය තැපැල් සේවාවක් මහජනතාවට ලබාදීම රජයේ අපේක්ෂාවයි.


