Image

ජනාධිපති සහ මාලිමා ප්‍රබලයින් ගේ දුරකතනවලට සවන් දෙන හමුදාපති...!

ජනාධිපති සහ මාලිමා ප්‍රබලයින් ගේ දුරකතනවලට සවන් දෙන හමුදාපති...!

මෙම ආන්දෝලානාත්මක පුවත ජනාධිපති ගේ සහ මාලිමා රජයේ අවධානයට මෙන්ම ආරක්ෂක පියවරක් වශයෙන් අනාවරණය කරමු.

අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයෙහි පස්වන මහලේ පවත්වාගෙන යන බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලය මේජර් ජෙනරාල් දීප්ත යටතේ ක්‍රියාත්මක වුව ද යුද්ධ හමුදාපති ගේ තුප්පහි අරමුණු සියල්ල සාක්ෂාත් කර ගැනීමට හිරිකිතයකින් තොරව රාජ්‍ය සම්පත් ආභාවිතාට ලක්වන මරුමස්ථානයකි.

මෙහි අතිශය භයානක තත්ත්වය නම් ජනාධිපති ඇතුළු පැලවත්ත දේශපාලන ප්‍රබලයින් ගේ සියලු දුරකතන ඇමතුම්වලට සවන් දෙමින් දේශපාලන ඩීල් දාන ලසන්ත යටතේ ඉඳුරාම ක්‍රියාත්මක වන Imagery Intelligence (IMINT) බුද්ධි කණ්ඩය යි.

මෙම අධි තාක්ෂණික සන්නිවේදන මෙවලම් ගෙවුණු රාජ්‍ය සමයේ ගෙන්වන ලද ඒවා වන අතර මෙම උපකරණ වර්තමාන ජනාධිපතිවරයාට රහසේ අකුරේගොඩ සුරක්ෂිතව තබා ගනිමින් යුද්ධ හමුදාපතිවරයා විසින් නීති විරෝධී කටයුතු බොහොමයක් සිදු කරනු ලබයි.

මෙම කණ්ඩයට අණ දෙනු ලබන්නේ කර්නල් චානක පෙරේරා වන අතර මෙමගින් ජනාධිපති ඇතුළු සියලු දේශපාලන ප්‍රබලයින් ගේ දුරකථන ඇමතුම්වලට සවන් දීම සහ එම ඇමතුම් පටිගත කිරීම සිදු කරයි.

එසේ පටිගත කරන ලද ඇමතුම් කිහිපයක් මේ මොහොත වන විටත් අප වෙත ලැබී තිබෙන අතර එම ඇමතුම් සමහරක් ලාල් කාන්ත අමාත්‍යවරයා ඉදිකර ඇති නිවස පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඇතුළත් වේ.

හමුදාපති ඇතුළු ඔහුගේ දඩයම් බල්ලන් ගැට ගසා දැමීම හෙට දින දේශපාලනයට සුභ බැව් පවසමි.

බත්තරමුල්ල ලිළී මාවතේ කුලී පදනම මත ලබාගෙන ඇති මෙම නිවස තුළ එසේ පටිගත කර ඇති හඬ පටබාහිර දෘඪ තැටි [External Hard Disk ] වල ගබඩාකර සංරක්ෂිතව තබා ඇත.

දීප්ත, හමුදාපති කියූ පමණින් අනීතික ක්‍රියා සිදු කළහොත් අනිවාර්යෙන් සාක්ෂි සමඟ ඊළඟ දේශපාලන ධාරාවෙහි ඔබ සිරගතවීම වැළැක්වීමට නොහැකි ය.

අප සතු බොහෝ දේ ඇත, තව එක පර වැඩක් කළහොත් සියල්ල සාක්ෂි සමග ජනතා සහ උත්තරීතර අධිකරණ ඉදිරියට ගෙන යන්නෙමු.

උපුටා ගත්තේ ''Gindara - ගින්දර'' face book පිටුවෙන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න