මෙරට රෝහල් පද්ධතියේ පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට විසඳුම් සෙවීම සඳහා ඉන්දීය රජයේ සහය ලබාදෙන ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා හමුවී ඉල්ලීමක් කළේ ය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීමේ වගකීම බාර ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය සම්පූර්ණයෙන්ම පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි .
ආණ්ඩුවේ මැයි දින රැළි 21 ක අභිභවා සජබයේ කොළඹ රැළිය රටම කතා කරන මාතෘකාවක් විය.
ගෙවී යන සතිය ආණ්ඩුවට එතරම් සුබදායක සතියක් නොවූ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණේ ගල්අඟරු වංචාව සහ ඉන් සිදුව ඇති පාඩුවත්, මහාසංඝරත්නයට එරෙහිව කටයුතු කරන බවට ආණ්ඩුවට අඛණ්ඩව එල්ලවන චෝදනාත් නිසා ය.
අද දිනට යෙදී ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ 59වන ජන්ම දිනය නිමිති කර ගෙන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී මහා සංඝරත්නය විෂයෙහි ලා දානමය පුන්‍යකර්මයක් පැවැත්විණි.
ඊශ්‍රායලය අදත් ගාසා තීරයේ ඉලක්ක වෙත ගුවනින් සහ යුද ටැංකි යොදා ප්‍රහාර එල්ල කළේය. ඒ, සටන් විරාමය සුරකින බවට ඊයේ (29) යළි පොරොන්දු වීමෙන් අනතුරුවය.
සණස සංවර්ධන බැංකුවේ ගනුදෙනුකරුවන් ණය ආපසු ගෙවීමේ දී මුහුණ දෙන ගැටලු සහ ඔවුන් ඉදිරිපත් කර ඇති දුක්ගැනවිලි සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ලේකම්වරයා ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (20) 2.30 ට කොළඹ 01 පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත ය.
මීට වසරකට දෙකකට පෙර තමා පැවසූ දෑ එදා විහිළුවට ලක් කළ ද එදා තමා ගේ සංකල්ප විවේචනය කළ රජය අද ඒවා ජාතික ප්‍රතිපත්තියක් ලෙස පාර්ලිමේන්තුවේම එළි දැක්වීම පිළිබඳ සතුටු වන බවත්, සත්‍ය ජය ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඊයේ (11) දිනයේ අත්අඩංගුවට පත්වූ 'ලංකා ඊ නිව්ස්' (Lanka e News) වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.
මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක, විශ්‍රාමලත් පිරිවෙන් පරීක්ෂක, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, ග්රන්ථ විශාරද, කලාභූෂණ, විනය කීර්ති ශ්‍රී ධම්මදින්න සරණපාල අතිපූජ්‍ය කෑලිගම විජිතනන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙනුවෙන් සංවිධානය කළ "ගෞරවාභිනන්දන" උපහාර උළෙල 2026 පෙබරවාරි 25 වන දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
වසර 2000 පමණ වන තුරු එක්සත් ජාතික පක්ෂය සමමිතික රාමුවක් තුළ කටයුතු කළ ද මේ වන විට එය අසමමිතික තත්ත්වයකට පත්ව ඇති බවත් එහිම දිගුවක් ලෙස සමගි ජනබලවේගය ද අසමමිතික පිරිසක් සමමිතික කිරීමට ගොස් අපහසුතාවට පත්ව ඇතැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ලබන 13 වැනිදා සිට තමන් විශ්‍රාම යාමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
90වන සංවත්සරය සමරන සමසමාජ පක්ෂය ඩොනමෝර් යුගයේ සිට මෙරට දේශපාලනයට විශාල බලපෑමක් කළ ව්‍යාපාරයක් බවත් සමාජවාදී - මාක්ස්වාදය සංකල්පය ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමිවන්නේ ද සමසමාජ පක්ෂයට බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
සියදිවි හානිකර ගැනීමේ වැඩි ම කාල සීමාව බවට මේ කාලය පත්ව ඇති බවත්, විශේෂයෙන් ම ඇතැම් පුද්ගලයින් ආණ්ඩුවට විරුද්දව කට උත්තර ලබා දුන් පසු සිය දිවි හානි කරගන්නා තත්ත්වයට පත්ව ඇතැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
රටේ ජනාධිපතිවරයා සිතා සිටින්නේ තම තමන් ගේ සමාගම් දියුණු කළ පුද්ගලයින්ට රට දියුණු කළ හැකි බවත්, එය එසේ නොව සමාගම් හිමිකරුවන් දියුණු කරන්නේ ඒ ඒ අයගේ සමාගම් පමණක් බවත් ජනාධිපතිවරයා වටහාගත යුතුව ඇතැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
සමාජ පරිවර්තනයකට අවශ්‍ය නූතන සිසුවා නිර්මාණය කිරීමට හැකිවන්නේ ගුණාත්මක විෂයමාලා හැදෑරීමකින් සහ පුහුණුවකින් සමන්විත වූ ගුරුවරුන් පාසල් පද්ධතියට එක්කිරීමෙන් යැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක තායිලන්තයේදී ජාත්‍යන්තර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පැවසී ය.
සමාජ මාධ්‍ය හෝ දේශපාලන වශයෙන් කිසිවකු මර්දනය කිරීමට හදිසි නීතිය අතට ගැනීමට කිසිම උපදෙසක් ලබාදී නැතැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල පැවසීය.
1971 සහ 1989 වසරවල දී මෙරට සමාජවාදී පාලනයක් උදෙසා තරුණ ජීවිත දහස් ගණනක් බිලිදුන් ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ), අද වන විට බලය වෙනුවෙන් තම ප්‍රතිපත්ති මෙන්ම රටේ අනාගතය ද පාවා දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

