රටේ පවතින ඩොලර් සංචිත වියදම් කිරීමෙන් රටට ඒවා නැවත ලැබෙන ක්‍රමවේදයක් නොමැති බැවින් අපේ රටේ පවතින අපනයන තත්ත්ව වැඩි වැඩි කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පැවසි ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රවි කරුනානායක...
ආපදාවෙන් හානි වූ ප්‍රමාණයට සාපේක්ෂව විදෙස් ආධාර ලැබිලා නෑ
''පුනර්ජනනීය බල ශක්තිය මගින් විදුලිය උත්පාදනය කරලා තෙල් මගින් කරන නිෂ්පාදන අඩු කරන්න ඕනේ. මෙ වන විට රටට ආපදාවෙන් හානි වූ ප්‍රමාණයට සාපේක්ෂව විදෙස් ආධාර ලැබිලා නෑ. අපේ රටට වුවමනා ජාත්‍යන්තර මූල්‍යය අරමුදලේ හයවෙනි කොටස ලබා ගන්න තිබ්බේ දෙසැම්බර් මාසෙ. මොකද rapid රැපිඩ් ක්‍රමවේදයට ණය ලබා ගන්නවාට වඩා ඒ තියෙන වාරික ක්‍රමයට කියල ලබා ගත්තනම් අපේ තියෙන ව්‍යසන තත්වයත් එක්ක අපිට මීට වඩා සහනයක් ලබාගන්න තිබුණා.
අපි IMF ඉදිරියේ දණ ගහන්න වුවමනා නැහැ
ඒ නිසා මම යෝජනා කරනවා අපේ තැනින්ම පටන් ගමු කියලා. මන්ත්‍රීවරුන්ට රක්ෂණයක් තියෙනවා අපි ඒක අයින් කරලා අරමුදලට දාමු. ඩබල් කැබ් ගෙන්වන මුදලුත් මේ වෙලාවේ රට ගොඩනැගීමේ අරමුදලට දාන්න. ශ්‍රී ලංකන් ආයතනය වගේ ආයතනවලට ගෙවන බෝනස් නවත්තලා ඒ සල්ලි ජනතාව වෙනුවෙන් යොමු කරන්න. අයිඑම්එෆ් එක රනිල් වික්‍රමසිංහ ගෙනාව නම් එයත් වැරදියි. මොකද අයිඑම්එෆ් එකට අපි ගියාට එතන දණගහන්න ඕන නෑ.''

