යටිතල පහසුකම් සංවර්ධනය, රජයකට හුදෙක් භෞතික ගොඩනැගීම් පමණක් නොවන බවත්, එය ජාතික සංවර්ධනය උදෙසා භාවිත කරන ප්‍රබල මෙවලමක් වන බැවින් යටිතල පහසුකම් සම්බන්ධයෙන් ගන්නා තීරණ රටේ ජනතාව ගේ අනාගතය තීරණය කරන තීරණාත්මක පියවරක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් පසුගියදා (12) විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළේ ය.
රෝහල්වල විකිරණ අංශවල භාවිතා කරන විකිරණ ආරක්ෂිත කබා සහ උපකරණ තොගයක් මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් 2026 මාර්තු මාසයේ දී ටෙන්ඩර් කැඳවා ඇත. මෙලෙස මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා ඇති අයිතමවල වටිනාකම රුපියල් කෝටි 4 ට වඩා වැඩි බව ප්‍රකාශ වේ.
ඉදිරි සති දෙකක කාලය තුළ දිවයිනේ හිතකර සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
යාපනය තිස්ස විහාරය ඉදිරිපිට ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 5දෙනා යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ.
3 වන අදියර / 27 වන දිනය
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ නීතිරීති සහ විධානයන් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් කටයුතු කළ යාපනය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට සහ වෛද්‍ය සායනයකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ යාපනය දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
ඕනෑම වැදගත් සාකච්ඡාවක්, ඕනෑම බුද්ධිමත් සංවාදයක්, ඕනෑම පිරිසිදු තැනක්, අභ්‍යන්තරයෙන් පැමිණ, අසභ්‍ය ප්‍රතිචාර දක්වමින් එම සාකච්ඡා විනාශ කරන්නට ජනාධිපති මාධ්‍ය ඒකකයේ කඩාකප්පල්කාරීන්ට හැකියාව ඇතැයි දේශපාලන හා සමාජ ක්‍රියාකාරී මිලින්ද රාජපක්ෂ පැවසී ය.
මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු විය හැකි බලපෑම සහ එය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් අද (04) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න 2026 අගෝස්තු 02 දින අත්තිඩිය, මිහිදු සෙත් මැදුරේ නේවාසිකව සිටින රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමට එක්විය. යුද්ධ හමුදාධිපති ධුරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඔහු සිදුකළ පළමු නිල සංචාරය මෙය විය.
යුද්ධය හේතුවෙන් ඉන්ධන පමණක් නොව ආහාර ඇතුළු තවත් අර්බුද රාශියකට අනාගතයේ දී මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි ආචාර්ය රොහාන් සමරජීව පැවසී ය.
සිය ආධිපත්‍යය පතුරවමින් ආරම්භ කළ යුද්ධයෙන් මේ වන විට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හති වැටී සිටින්නේ යැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ පැවසී ය.
ඉන්දියාව සහ පකිස්තානය ඇතුළුව රටවල් හතක යුද නෞකා 8 ක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත වූ ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය අවලංගු කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.
දියබෙදුම රණවිරු ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත, අභාවප්‍රාප්ත රණවිරුවකුගේ පූර්ණ ආබාධිත බිරිඳක් විසින් කරන ලද ඉල්ලීමකට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් එම ආබාධිත මාතාව වෙත නව රෝද පුටුවක් පිරිනැමීමට යුද හමුදාපතිතුමන් කටයුතු කර තිබේ.
ආපදාව හේතුවෙන් පෝෂණ අවදානමට ලක්ව ඇති දරුවන්ගේ පෝෂණය ආරක්ෂා කර ගැනීමට යුනිසෙෆ් ආයතනය මෙරටට අතිරේක සංයුක්ත පෝෂණ ආහාර ප්‍රදානයක් සිදු කිරීම කාලීනව අතිශය වැදගත් යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසී ය.
යුරෝපයට යාමට උත්සාහ කළ සංක්‍රමණිකයන් 200 ක් පමණ රැගත් බෝට්ටුවක් ගැම්බියාවේ වෙරළට ඔබ්බෙන් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකු අතුරුදහන් වී ඇති බව බලධාරීන් පවසයි.විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2026 පෙබරවාරි 12වන දා, යුරෝපා සංගමය (EU) සහ ශ්‍රී ලංකාව විසින් යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේ 27 වැනි සැසිවාරය කොළඹ දී කැඳවන ලදී.
ලංකාවේ යූටියුබ් නාලිකා කරන අය හට ආණ්ඩුව පහර නොදෙන්නේ ඇයි ද යන්න බොහෝ දෙනාට ගැටලුවක්ව පවතී.
යොවුන් ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියේ ජපානය සමඟ පැවැත්වෙන තරගයේ ලකුණු 192ක් රැස්කරගැනීමට විරාන් චමුදිත සමත් විය.
යෝජිත අල්ලස් හෝ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය දැඩි කනස්සල්ල පළ කරන බවත් එහි සඳහන් දැඩි ඇප කොන්දේසි මගින් මූලික අයිතිවාසිකම්වලට තර්ජන එල්ල වන අතරම බන්ධනාගාර තදබදය තවත් උග්‍ර වනු ඇතැයි ද ජනතාවාදී ඒ්කාබද්ධ විපක්ෂය පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

