විපක්ෂය ම පෙන්වා දෙන පරිදි රට පවතින්නේ අගාධයක් අබියස නම් විපක්ෂයට ඒ පිළිබඳ විකල්ප අදහසක් තිබිය යුතු බවත්, එම අදහස් විපක්ෂ කණ්ඩායමක් ලෙස සාකච්ඡා කිරීම සඳහා හමුවීම් කේන්ද්‍රයක් (Meeting Point) තිබිය යුතු යැයි ද යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
අපේ විපක්ෂයට සිද්ධ වී තිබෙන්නේ සෑම පුද්ගලයෙක් ම 'මං පොර' මානසිකත්වය තුළ සිට කටයුතු කිරීම හේතුවෙන් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමේ නොහැකියාවක් පැවතීම යැයි ද විපුල මෙම සාකච්ඡාවේ දී අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

