රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සියවසක් සැපිරේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සියවසක් සැපිරේ

1926 වර්ෂයේ දී ආරම්භ කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) 2026 වර්ෂයේ දී ස්වකීය අභිමානවත් සියවස් සංවත්සරික වර්ෂයට පා තබන බව එම සංගමය සඳහන් කරයි.

එම සංගමය මේ බව සදහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

සියවස් සාංවත්සරික වර්ෂයේ සමාරම්භය සනිටුහන් කරමින් සහ අයහපත් කාලගුණයෙන් විපතට පත් වූ ජනතාවට ද සුව ප්‍රාර්ථනා කරමින් හෙට (09) සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුදින (10) භික්ෂුන් වහන්සේලා සිය දෙනෙක් විෂයෙහි දහවල් දානය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යාල පරීශ්‍රයේ දි පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියවස් සැමරුමේ ප්‍රධාන ජාතික උත්සවය, එළඹෙන මාර්තු මස 27 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න