ගෝලීයකරණයේ දී බටහිර රටවලට බලපෑ ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ ජාතික රාජ්‍ය ඉක්මවමින් පුද්ගලයින් සහ මුදල් සංසරණය වීම පාලනය කිරීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
නමුත් මේ වන විට එම කාර්ය ඉතා පහසුවෙන් ම සමාජ මාධ්‍ය භාවිතයෙන් පාලනය කළ හැකි බව ද හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමාව බලයට පත් කරන්නේ දේශපාලන භූමිය වෙනස් කිරී සඳහා යැයි ජනතාව අදහස් කළා යැයි කිසිවකු පවසන්නේ නම් එය පට්ටපල් බොරුවක් බවයි.
ඒ සඳහා කදිම නිදසුනක් ඉදිරිපත් කරමින් විපුල පැවසුවේ මේ ආණ්ඩුව බලයට පත්කිරිමට වෙහෙස මහන්සි වූ ඔ්. ජී. දයාරත්න ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීමට ද එක් වූ බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
