මෙරට රෝහල් පද්ධතිය සහ වෛද්‍යවරුන් මුහුණ දී ඇති ගැටලු සඳහා කාල රාමුවක් සහිතව විසඳුම් ලබා දී නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) වෙත සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දුන් එකඟතා ක්‍රියාත්මක නොකිරීමේ පසුබිමක වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිදු වන බව එම සංගමය සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව සදහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය දිගින් දිගටම අත්තනෝමතික සහ උද්ධච්ච හැසීරිමක් පෙන්නුම් කරමින් වෛද්‍යවරුන්ගේ සහ මහජනතාවගේ හඩට ඇහුම්කන් නොදෙමින් විසඳුමකට එළඹීම සඳහා අපොහොසත් වන්නෙ නම් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවශ්‍ය ඕනෑම ආකාරයකට තව දුරටත් තිව්‍ර කිරීමේ තීරණ ගැනීම උදෙසා මධ්‍යම කාරක සභාව විසින් විධායක සභාවට පූර්ණ බලතල පවරනු ලැබ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුතු එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

