රට පුරා වාහන Charging points හදන්න විජිත චීනයෙන් සහය ඉල්ලයි

රට පුරා වාහන Charging points හදන්න විජිත චීනයෙන් සහය ඉල්ලයි

චීන පරිත්‍යාගයක් ලෙස රට පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවි කිරීම පිළිබඳව අවධානය යොමු කරන්නැයි අමාත්‍ය විජිත හේරත්  චීන රජයට යෝජනා කර තිබේ.

චීනය ඇතුළු ලෝක රථවාහන වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථවාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් අමාත්‍ය විජිත හේරත් මෙම යෝජනාව කර ඇත.

අමාත්‍යවරයා මෙම යෝජනාව සිදුකර ඇත්තේ, අද (29) පෙරවරුවේ චීන තානාපති කී. සෙන්හොංග්  සමඟ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවති හමුවක දී ය.

මෙම යෝජනාව ධනාත්මකව පිළිගත් චීන තානාපතිවරයා මේ පිළිබඳව චීන රජය දැනුවත් කිරීමට එකඟතාව පළ කර තිබේ.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරියේ දී විදුලි බලයෙන් ක්‍රියා කරන බස් රථ ද වැඩි වශයෙන් ගෙන්වීමටත් ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇති බැවින් මෙය වැදගත් පියවරක් වනු ඇති බවය.

ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ දුම්රිය මාර්ග සහ පාලම් යළි ප්‍රතිසංස්කරණය

එමෙන් ම ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ දුම්රිය මාර්ග සහ පාලම් යළි ප්‍රතිසංස්කරණය කිරීමට චීන රජයෙන් කඩිනම් සහාය බලාපොරොත්තු වන බව ද අමාත්‍ය විජිත හේරත් මෙහිදී දන්වා ඇත.

එම ඉල්ලීම පිළිබඳව වහාම චීන රජයේ අවධානය යොමු කරවීමට ද තානාපතිවරයා එකඟ වී තිබේ.

මීට අමතරව 'දිට්ටා' සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවූ ආපදා හානිය පිළිබඳව තක්සේරු කර, සෑම අංශයකින්ම චීන රජයට දිය හැකි ආධාර පිළිබඳව සාකච්ඡා කර දැනුම් දීමට බලාපොරොත්තු වන බව ද තානාපති සෙන්හොංග්  ප්‍රකාශ කර ඇත.WhatsApp Image 2025 12 29 at 7.27.52 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න