සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී VIII වැනි විධායක ජනාධිපති සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී තීරණ කිහිපයක් ගත් බව ඒජාපය සඳහන් කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ප්‍රතිකාර කළ මෙරට වෛද්‍යවරුන්ට අවසානයේ අරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් කට උත්තර පවා දීමට සිදු වූවා යැයි මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
මේ වීඩියෝ එක ගැන හුඟක් ප්‍රතිචාර ආව. මේක දවසේ ප්‍රධාන පුවතක් බවට පත්වෙලා තියෙනවත් දැක්ක.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සකස් කළ පිටු 200ක පශ්චාත් ආපදා සැලසුම කියවන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ආණ්ඩුවට කියා සිටියි.
Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) අතර හමුවක් අද (25) කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ දී සිදුවිණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු පොලිස් ප්‍රධානී දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ ඉහළ පෙළේ නඩු දෙකක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් වූ පසු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොනු කළ යුතු බව අතිරේක සොලිසිටර් ජෙනරාල් (ASG) දිලීප පීරිස් යෝජනා කර තිබේ.
Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිංගප්පූරුව රෝහලේ දී කළ සාර්ථක ශෛල්‍යකර්මයෙන් පසුව මේ වන විට සුවය ලබමින් පසුවෙවෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සඳහන් කරයි.
Viiiවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ට එරෙහිව පවතින නඩු කටයුතු සහ පරීක්ෂණ උපරිම කෙටි කාලයකින් අවසන් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට, රහස් පොලීසියට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට උපදෙස් දී ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ගොනු කර ඇති රුපියල් මිලියන 16.2ක 'වුල්වර්හැම්ප්ටන්' (Wolverhampton) නඩුවේ ප්‍රධානම තර්කය වූයේ අදාළ ලන්ඩන් සංචාරය "කිසිදු නිල ආරාධනාවකින් තොරව සිදුවූ පෞද්ගලික ගමනක්" යන්නයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේ දී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියට අදාළ සැකකරුවන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන අවසන් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ ය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනය අවසන් අදියරේ පසුවන බැවින් ඔහුට එරෙහිව ඉහල අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා කොටුව මහේස්ත්‍රාත් නෙත්ති කුමාර මහතාට දැනුම් දෙයි.
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
ජේ. ආර්. ජයවර්ධන ගේ විවෘත ආර්ථිකය ට දොස් පවරන්නේ නැතුව විකල්පයක් යෝජනා කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක පැවසී ය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු සිය දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන අද (31) නියෝග කළේ ය.
සිරිල් ගාමිණි පියතුමා විසින් සූම් තාක්ෂණය ඔසසේ සිදු කරන ලද සාකච්ඡාවක දී පාස්කු ඉරු දින ප්‍රහාරය මෙරට බුද්ධි අංශ විසින් සිදු කරන ලද්දක් බවට ආඛ්‍යානයක් නිර්මාණය කර,
බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමේ සිද්ධියකට අදාළව තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ එක් චෝදනාවකට, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම් සහ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ගල්කිස්ස මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා හමුවේ වරද පිළිගෙන ඇත.
නිවැරදි රසායනාගාර වාර්තාවක් මගින් රෝග විනිශ්චය, සංකූලතා වැළැක්වීම, ප්‍රතිකාර නිරීක්ෂණය සහ ජීවිත බේරාගැනීම සිදු වන බැවින් සායනික රසායනාගාරය යනු සරල උපකාරක සේවාවක් නොව, රෝගී සත්කාරයේ ප්‍රධානතම කුලුනක් යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසී ය.
එංගලන්තයේ වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලද ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 වසරේ එංගලන්තයට පැමිණි ගමනේදී රුපියල් මිලියන 16.6ක් වැය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පරීකෂණ ආරම්භ කොට තිබේ.
අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය ලබාගෙන ඇති රැදවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සූරේෂ් සලේ විසින් අභියාචනාධීකරණය හමුවේ ගොනු ගොනුකර ඇති රීට් පෙත්සමට මැදිහත් පෙත්සමක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනු කර ඇත.
රාජ්‍ය හවුල්කාරීත්ව වැඩසටහන (SPP) යටතේ එක්සත් ජනපදය සමඟ ආරක්ෂක අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට රජය ගත් තීරණයත් සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්රය දරුණු මහජන විරෝධයකින් දෙදරුම් කා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

