පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 2027 වසර සඳහා මුලුතැන්ගේ ආහාර පිසීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට අදාළ ටෙන්ඩර් ඉදිරිපත් කිරීම සඳහා මිල ගණන් කැඳවීමේ දී පැමිණිලිකරුට එම ටෙන්ඩරය ලබා ගැනීමට හැකි වන පරිදි සැකකරු විසින් ඔහු ගේ පියා ගේ හා මාමා ගේ නමින් මිල ගණන් ඉදිරිපත් කිරීමට ලබා ගෙන ඇති අයදුම්පත් ඉදිරිපත් නොකර සිටීමට මුලින් ලක්ෂ 30 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා,
රු.50,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ඉන් රු.35,000ක මුදලක් ලබාගැනීමේ අල්ලස් චෝදනා මත පොළොන්නරුව, පළාත් ආදායම් දිස්ත්‍රික් කාර්යාලයේ, කාර්යාල සනීපාරක්ෂක කම්කරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාරවලින් අය කරන ඇතැම් වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් නියමිත උපරිම ගාස්තු පනවා ඇත.
රුපියල අවප්‍රමාණය වීමට හේතුව යුදමය තත්ත්වය සමග ඩෙලරයේ ඉල්ලුම ඉහළ යෑම නිසා යැයි ආණ්ඩුව පවසන්නේ සම්පූර්ණයෙන් ම අසතයයක් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
රුපියල බාල්දු වෙමින් ඩොලරය ඉහළ යෑම සම්බන්ධයෙන් රටට හිතකර තීරණයක් ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නැයි මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් ඉල්ලිමක් කරයි.
මහ බැංකුව නිකුත් කරන සතිපතා ආර්ථික දත්ත වාර්තාව අනුව වසරේ මේ දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය සියයට 3 යි දශම 4 ක් ලෙස සටහන් වේ.
සතිය තුළ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර අනුපාතය පුළුල් ලෙස ස්ථාවරව පවතින.
විදේශ ආයෝජකයන් සතු බිල්පත් සහ බැඳුම්කර වල රුපියල් වටිනාකම පෙර සතියට සපේක්ෂව සියයට 8කින් වැඩිවී ඇත.
( hirunews)
බෝතල් කළ පානීය ජලය නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම සම්බන්ධයෙන් යාපනයේ පිහිටි Lavin’s Vegetable Family Restaurantආයතනයට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 950,000/-ක (ලක්ෂ නමයහමාරක) දඩයක් නියම කර ඇත.
සුඛෝපභෝගී මෝටර් රථ හා ඉදිකිරීම් ක්ෂේත්රයේ අමුද්‍රව්‍ය ආනයනය කරමින් රුපියල් කෝටි ගණනින් බදු වංචා කළේ යැයි කියන ප්‍රසිද්ධ ගේට්ටු නිෂ්පාදන හා මොටර් රථ ආනයනය සමාගමක් වන ඇල්කාඩෝ industries පුද්ගලික සමාගම හිමිකරුගේ පුත්‍රයකු ඇතුළු දෙදෙනෙකු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි නියෝග ඊයේ (03) කළේය.
හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්රයේ දියුණුවේ ප්රමුඛ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම වර්ෂය තුළ (2026) දිවයින ම ආවරණය වන පරිදි මෙරට ප්‍රධාන රෝහල් රැසක අතිනවීන තාක්ෂණයෙන් යුත් හෘද කැතීටකරණ යන්ත්‍ර 16 ක් (Cath lab - Cardiac Catheterization Laboratory) ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් පරිදි එම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහාය ඇතිව, රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ (NOSTROY) ඉහළ මට්ටමේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් 2026 ජූලි 22-25 දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.
යුක්රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
අධිකරණ නියෝග කඩ කරමින් අයුතු ජනරාශියක සාමාජිකයින් වූ බවට චෝදනා ගොනු කර ඇප මත මුදා හැර ඇති රුහුණු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 15 කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ට නියෝග කළේ ය.
රේගු නිලධාරීන් භාණ්ඩ ආනයනය කරන අය හට සිය බලය පෙන්වන්නේ සහ රාජකාරිමය වශයෙන් වඩාත් අපහසුතාවට පත් කරන්නේ ආනයනය කරන්නා ගේ මුහුණ බලා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීම සඳහා නව කොන්දේසි ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
මේ මොහොත වන විට 500කට අධික පිරිසක් රුමේනියාවේ රැකියා යවනවා කියා රේන්බෝ විදේශ රැකියා ආයතනය විසින් රු. 850000ක්, රු. 1850000ක් ආදී වශයෙන් මිලියන ගණනක් එකතු කර ගෙන ඇතත් මෙම රැකියා ලබා දී නොමැති බවත්, අද මොවුන් මහපාරට වැටී ඇති බවත්, නිවාස දේපළ ආදිය උගස් කර ණයට මුදල් ලබා ගෙන අන්ත අසරණ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
අරගල ක්‍රියාකාරී රොෂාන් අලි දානිස්ට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද නියෝග කළා.
එංගලන්තයේ ප්‍රධාන රෝහල්වල සේවය කරමින් සිටියදී රෝගීන් 38දෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකුට චෝදනා එල්ල වී තිබේ.
ශ්‍රී ලංකීය දේශපාලන අම්බරයේ දැවැන්තම මෙන් ම වඩාත්ම මතභේදාත්මක හැරවුම් ලක්ෂ්‍යය ලෙයින්, කඳුළෙන් සහ අසීමිත කැපකිරීමෙන් සලකුණු කළ අසමසම විප්ලවවාදියා රෝහණ විජේවීරයන් ය. පීඩිත පන්තියේ අයිතිය උදෙසා ජනතා හදවත් තුළ නොනිවෙන ගිනිදැල් දැල්වූ ඒ අභීත කථිකයා ගේ ජීවන චාරිකාව, ලාංකීය වේදිකා ඉතිහාසය උඩුයටිකුරු කරමින් "විමුක්තියේ නියමුවා" නම් වූ නාට්‍යය වේදිකාගත කිරීම නියමිත ය.
වසර ගණනාවක් පුරා විවිධ දූෂණ සහ මූල්‍ය අක්‍රමිකතා චෝදනාවලට ලක්ව තිබූ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වයේ තිදෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

