මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායකවී, මේ මහපොළවට ම පස්වන සෑම මිනිසෙකුට ම හොඳ ජීවිතයක් උරුමකර දීමේ වගකීම රජය භාරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය.
මේ මොහොත වන විට අප රටේ බලශක්ති ක්ෂේත්රයේ බරපතළ අර්බුධයක් නිර්මාණය වී ඇති බවත් ලක්විජය බලාගාරයට යොදාගන්නේ ප්‍රමිතියෙන් අඩු බාල ගල් අඟුරු බවට සමගි ජන බලවේගය දත්ත සහිතව විද්‍යාත්මකව සහ තොරතුරු කේන්ද්‍රීයව ඉදිරිපත් කරන විට රජය විසින් මේ ගල් අඟුරු ප්‍රමිතියෙන් ඉහළ බවට කියමින් ගිය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
කවුරුන් කොහොම අර්ථකථනය කළ ද: ඇමරිකාව සහ ඊශ්‍රායලය එකතුව ඉරාණයට පහර දීම නමැති යුද්ධය බලශක්තිය හෙවත් ඛනිජ සම්පත් සම්බන්ධ සටනක් යැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
මහජන උපයෝගීතා කොමිෂම ඉදිරිපත් කරන ලද වාර්තාවලට අනුව මෙවර ගෙන්වා ඇති ගල්අඟුරු බාල බවට තහවුරු වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
බලංගොඩ කස්සප හිමියන් රිමාන්ඩ් ගත කර තිබෙන්නේ පිරිත් කියපු වරදටදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විමසී ය.
මේ වන විට රටට: දක්ෂ, අවංක, කාර්යක්ෂ්ම රාජ්‍ය සේවයක් අවශ්‍යව ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පැවසුවා ය.
අද වනවිට තරුණ තරුණියන්ට ලබාදුන් බලාපොරොත්තු බොඳකර දැමීමට ආණ්ඩුව කටයුතු කර තිබෙන බැවින් තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් රට හැර දමා යන්නට කටයුතු කරමින් සිටින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති පැවසී ය.
මේ වන විට ඇමරිකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් තුන කිසියම් එකඟතාවක් මත ත්‍රිකුණාමල වරාය අත්පත් කරගෙන ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ඩී. කේ. පී. දසනායක පැවසීය
මෙ වසරේ (2026) යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් රජයේ වැඩපිළිවෙළ යටතේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට සහ සමුපකාර සමිතිවලට රුපියල් මිලියන 25ක පොළී රහිත සහන මූල්‍ය පහසුකම් ලබා දෙයි.
බෞද්ධ කොඩිය නිර්මාණය කළේ දවස අද වගේ දවසක බවත්, සියලු ආගමිකයින් සිටිය ද මේ සිංහල බෞද්ධ රටක් බවත් මේ දිනවග මේ පිළිබඳව විවිධ කාරණා කතා වනවා යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පැවසී ය.
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 80කට අධික) මුදලක් ඕස්ට්‍රේලියානු ව්‍යාජ ගිණුමකට බැර කිරීමේ මහා පරිමාණ මූල්‍ය වංචාව හුදු තාක්ෂණික දෝෂයක් නොව, ඉහළ පෙළේ නිලධාරීන්ගේ අනුදැනුම මත සිදුවූ මහා පරිමාණ හොරකමක් බවත්, එහි වගකීම පහළ මට්ටමේ නිලධාරීන් මත පටවා,
දැන් අලුතෙන් ම ඇවිල්ල තියන ශෝකාලාපය තමයි පුජිත් සහ හේමසිරි දෙන්නට දුන්න නඩු තීන්දුව සැරවැඩියි කියන එක. පාස්කු වින්දිතයින්ට සාධාරණය ඉෂ්ට වෙන්න ඕනි කියන වාක්‍යය මුලින් ම ලියල
මේ වන විට මෙරට අධික දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස සියයට විසිපහේ සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් රට දුප්පත්කමේ අඩියටම වැටී ඇති බව සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිලීත් ජයවීර පැවසීය.
මෙම වසර අවසානයේදී මෙරට දළ විදෙස් සංචිතවලට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 750 ක මුදලක් එකතු වනු ඇති බවත් ඒ අනුව ආර්ථික අර්බුදයෙන් පසුව වාර්තා කළ ඉහළම දළ විදෙස් සංචිත ප්‍රමාණයට මෙම වසර අවසානය වනවිට ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
Face bookහි සැරිසරද්දි හරිම අපූරු සිද්ධියක් ඇස ගැටුණා. ඒ තමයි මොනරාගල රාජකීය ජාතික පාසලේ ගුරුවරියන්ට සුදු සාරියෙන් සැරසිලා පාසලට එන්න යැයි කියා තිබෙන පුවත.
අත්අඩංගුවට පත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ ලබන 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ සැකපිට අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල නොවන වාහන පැවරීමකට අදාළව සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් එම දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරිනියක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද ( 27) නියෝග කළේ ය.
ඉන්දියාවේ 2014 වසරේ සිට පවතින පාලනයට එරෙහි දැවැන්ත සහ බරපතළ ම විරෝධතාව ''කැරපොතු ජනතා ව්‍යාපාරය'' යැයි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක පැවසී ය.
2025 සැප්තැම්බර් දෙවන දා ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ පිරිසක් යක්කල, කිරිඳිවැල පාරේ, සල්මල් උයනේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට පහරදී එය බලහත්කාරයෙන් අත්පත් කරගත්හ. එහි දී පොලීසිය නීතිය ක්රියාවේ යෙදවීමට සහ සාමය ස්ථාපිත කිරීමටත් අසමත් වූ අතර පක්ෂග්රාහීව කටයුතු කළ බව පැහැදිලි විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

