මෙරට අධ්‍යාපනයේ මූලික කර්තව්‍ය විය යුත්තේ රටෙහි පවතින: බහු ආගමික, බහු සංස්කෘතික සමාජ විවිධත්වය: වටහා ගන්නා, පිළිගන්නා සහ ඒ සමග එකට ගමන් කළ හැකි පුරවැසියකු සමාජ ගත කිරීම යැයි දේශපාලන විශ්ලේෂක සහ මාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසී ය.
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින්, 2026 ජූලි මාසය සඳහා වන ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (PMI) හෙවත් සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය දර්ශකාංක 61.4ක අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
ඩෙංගු මදුරු පාලනය සඳහා ලෝකයේ භාවිත වන ඉතා සාර්ථක සහ නවීන ක්‍රමවේද වන එන්නත් (Vaccines) සහ වොල්බැකියා (Wolbachia) ක්‍රමවේදය භාවිතයට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
මෙරට තාරුණ්‍ය වෙනුවෙන් වැඩිම මුදල වෙන් කළ අයවැය ලෙස මෙම අයවැය හැඳින්විය හැකි බවත්, වත්මන් ආණ්ඩුවේ 2026 අයවැය ජනතාවාදී අයවැයක් බවත්, සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය පැවසී ය.
IRIS Dena නැමති ඉරාන නෞකාව ටෝපිඩෝ ප්‍රහාරයකින් මෙරට දකුණු මුහුදේදී මුහුදුබත් වූයේ පසුගිය මාර්තු 04 වැනිදාය.
මානව සම්පත් අර්බුදය, ඖෂධ සහ උපකරණ හිඟය, රෝගී සත්කාර සේවා සැපයීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම සහ රෝගීන්ට අවශ්‍ය මූලික පහසුකම් නොමැතිවීම ඇතුළු ගැටලු ගණනාවක් හේතුවෙන් පවතින තත්ත්වයෙන් ම මෙරට නිදහස් සෞඛ්‍ය පද්ධතිය ඉදිරියට පවත්වා ගැනීම දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත (ශික්ෂණ) ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම වෙත රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගෞරවය හා ප්‍රණාමය පුද කිරීම සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ඊයේ (14) එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
බණ්ඩාරගම, රයිගම ප්‍රදේශයේ ස්ථාපිත එක්සත් රාජධානියේ Flexicare Group සමාගමට පූර්ණ අනුබද්ධ Flexicare Lanka (Pvt) Ltd. ආයතනයේ නවීන වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ විශේෂ නිරීක්ෂණයට පසුගියදා (30) ලක්විය.
ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ (Neurosurgeons Association of Sri Lanka) NEUROSURG 2026, 05 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය (5th Annual Academic Sessions) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20වන දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි.
ආපදා තත්ත්වය හමුවේ මෙරට ද්විතීයික, තෘතියික සහ විශේෂිත රෝහල්වල මෙන්ම සමස්ත සෞඛ්‍ය පද්ධතියේම ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරයත්, රෝගී ප්‍රතිකාර සේවා, ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය, කාර්ය මණ්ඩල ගැටලු, රෝහල් පද්ධතියට අදාළ යටිතල පහසුකම් මෙන්ම සුභ සාධන සේවා පිළිබඳව ඉතා පුළුල්ව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් අද (30) සෞඛ්‍ය අමාත්‍යාංශ පරීශ්‍රයේ පිහිටුවා ඇති ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
"Colombo 75 Medics" සංගමය විසින් රුපියල් මිලියන 1.7 ක් වටිනා දැඩි සත්කාර ඒකක මොනිටර් (ICU Monitors) 06 ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත අද (24) නිල වශයෙන් පරිත්‍යාග කරන ලදී.
ජවිපෙ/ජාජබ ආණ්ඩුව මෙරට සංස්ථාපිත ජනවාර්ගික-ආගමික-සංස්කෘතික හෙජමොනික සැකැස්ම අභියෝගයට ලක් කරන්නට අසමත්ව තිබෙනවා පමණක් නොවෙයි; ඒ සඳහා දේශපාලන අධිෂ්ඨානයක් ප්‍රකට කරන්නේද නැත. එය ආණ්ඩුව බලයට ගෙන එන්නට සහාය දුන් අප ද ඇතුළු කණ්ඩායම් ගණනාවක බලවත් කලකිරීමට හා විරෝධයට හේතු වී ඇත.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට ලොකු ලූනු මෙට්‍රික් ටොන් දෙලක්ෂ තිස්නව දහසකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
ඊයේ (04) පැවැති 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය “බෞද්ධ ධජය ඉවත් කිරීම” ඇතුළු ඇතැම් ක්‍රියාකලාප හරහා බෞද්ධ සංස්කෘතියට සහ ආරක්ෂක හමුදාවට අවමන් කිරීමේ ව්‍යාපෘතියක් යැයි ජාතික නිදහස් පෙරමුණේ (ජානිපෙ) නායක විමල් වීරවංශ චෝදනා කරයි.
මේ වන විට ගත වූ මාස පහ ඇතුළත ඉන්ධන මිල හත්වෙනි වතාවටත් වැඩි කරලා ඇති බවත්, මෙවර එය සෑහෙන ප්‍රමාණයකින් වැඩි කර ඇති බවත්, මෙලෙස ඉන්ධන මිල ඉහළ දමන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවලා තිබෙන අනිවාර්ය කොන්දේසි හේතුවෙන් යැයි හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
වැල්ලවාය නගරය ආශ්රිත ප්‍රදේශයේ මිනිස් පරිභෝජනයට නොසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙලදසැල් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හදිසි වැටලීමක් සිදු කර තිබේ.
මේ අයවැය මාලිමා ආණ්ඩුවේ පැවැත්ම සඳහා සැකසූ අයවැයක් මිස ජනතාව වෙනුවෙන් සැකසූ අයවැයක් නොවේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක පැවසී ය.
ඉතිහාසයේ පළමු වතාවට මෙවර දෙවිනුවර පෙරහැරේ කාවාඩි නැටුම නවතා ඇතැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
කොළඹ කාසල් රෝහල තුළ මතු නොව දිවයිනෙහි පිහිටි වෙනත් රෝහල්වල ද ගැහැනු දරුවන් පිරිමි දරුවන් බවට පත්කරන්නේ යැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නමැති භික්ෂුව පසුගිය දිනෙක හිරු රූපවාහිනි නාලිකාවේ ''සලකුණ'' වැඩ සටහනේ දී ප්‍රකාශ කළේ ය.
නව වසර උදාවත් සමඟම “විප්ලවීය” කැබිනට් තීරණ දෙකක් එළිදක්වා ඇත. හයේ පොතේ අසභ්‍ය වෙබ් අඩවිය, අහිංසකාවියකට අපහාසකිරීම, මිහින්තලේ වනචාරියා කවුරුන්දැයි සෙවීම බඳු මහා මාතෘකා මධ්‍යයේ 05.01.2026 දින කැබිනට් තීරණ දැණුම්දීමේ පත්‍රිකාවේ අංක 04 වෙනි හා අංක 05 වෙනි තීරණ කිසිවකුගේ අවධානයට යොමු නොවීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

