2026 අයවැය තුළින් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාවට සිදුවී ඇති තත්ත්වය සම්බන්ධව ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් පසුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විපක්ෂයේ දේශපාලන නායකයින් පිරිසක් සමග සාකච්ඡාවකට එක් වූහ.
හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලිත් ජයවීර නීතිඥ දයාසිරි ජයසේකර, ෆයිසර් මුස්තාපා සහ ශානක්කියන් රාසමාණික්කම් යන අය එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සුරකිමින්, වෛද්‍යවරුන් ගේ විශේෂඥ වෛද්‍යවරුන් ගේ අයිතිවාසිකම්ද රැකගනිමින් කටයුතු කිරීම සහ ගැටලු විසඳාගත යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
