Image

රට බාර ගන්නා විට ජේ. ආර්. ට තිබූ පෙර සූදානම අනුරට තිබුණා ද...? - Ideas front වීඩියෝවක්

රට බාර ගන්නා විට ජේ. ආර්. ට තිබූ පෙර සූදානම අනුරට තිබුණා ද...? - Ideas front වීඩියෝවක්

1977 වසරේ ජේ. ආර්. ජයවර්ධන රාජ්‍ය බලය ලබා ගැනීමට පෙර සිට ම රට තුළ ක්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙළ කුමක් ද යන්න පූර්ව සූදානමකින් මෙන් ම දැනුමකින් සිටියේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ජේ. ආර්. ගෙන් පසු බලයට පැමිණි: ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද සහ රනිල් වුව ද කිසියම් වැඩ පිළිවෙලක් සකසා ගෙන එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වට පිටාව ද සකසා ගෙන සිටි ය ද මාලිමා ආණ්ඩුව පැමිණ වසර එකහමාරක් ඉක්ම ගිය ද කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳව ඔවුන්ට තවමත් අවබෝධයක් නොමැති බව ද හෙතෙම පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න