මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 10 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළේය.
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරු කළ ඉල්ලීමට නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධය පළ කර සිටියා.
හිටපු ජනාධිපති පුත්‍රයින් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ ඔසාඩා ප්ලාන්ටේෂන් යන සමාගම සතු Kelly Group දොළොස් බාගේ අක්කර 135ක තේ ඉඩම හා 1918 ඉදි කරන ලද අක්කර භාගයක පමණ බංගලාව සහිත දේපළ අයථා ලෙස අත්පත් කරගෙන ඇති බැවින් විමර්ශනයක් කරන ලෙස අල්ලස දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානය අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇත.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර විභාගය සඳහා අගෝස්තු මස 20 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන්වරයෙකු ලෙස සිටි කාලයේ උපයා ගෙන තිබූ රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් උපයා ගත් ආකාරය තහවුරු කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණය ඉදිරියේ නඩු පවරා ඇත.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකරන ලද නඩුව සැප්තැම්බර් මස 28 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය දින නියම කළේ ය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහු ගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 31 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා ජුලි 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
සංවිධානාත්මක අපරාධකරුවකුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහු ගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් වසන්ත කුමාර අබේසිංහගේ සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය ලබන 28 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (17) නියෝග කළේ ය.
රට තුළ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කරමින්, මියගිය විදේශ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ ගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමු, පාර්ලිමේන්තු විවාද සහ සමාජ මාධ්‍ය හරහා එකිනෙකට පරස්පර විවිධ අදහස් සැක සංකා මතු කරමින් පවතින්නේ යැයි දිනන දකුණ සංවිධානය සඳහන් කරයි.
අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ සමග විදේශ රටවලට ගොස් සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව අද (31) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන රජත පුස්තක සම්මාන උලෙළෙහි 10වන සම්මාන ප්‍රධානය ඊයේ (03) කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී පැවැත්වුණි.
බදු ආදායම් අතිරේක ආදායම් හොයාගත් බව මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුව ද ඒ අතිරේක ආදායම් සොයාගැනීම සඳහා වර්තමාන රජය: බදු වැඩි කර, විදුලි බිල වැඩි කර, ජීවන වියදම වැඩි කර මේ රටේ ජනතාවගේ රීරි මාංස උරා බී ඇති බවත්, එම නිසා පීඩාවට ලක්වෙන ජනතාව ගැන නියෝජ්‍ය කතානායකවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.
රජයට මතවිමසුමකින් ඉහළ ප්‍රතිශතයක් ලැබුණ නිසා උද්දාමයට පත්ව සිටිනවා නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
2023 පිරිවිතරවලට ටෙන්ඩර් ක්‍රමවේදයට අනුවයි රජය ක්‍රියා කළ බවත්, ටෙන්ඩර් ක්‍රමවේදය හෝ පිරිවිතර වෙනස් නොකළ බවත්, ගල් අගුරුවල ගුණාත්මක තත්වය පිළිබදව විශේෂ තත්වයක් මතුවුවහොත් කළ යුතු දේ ටෙන්ඩර්/ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ තිබෙන බැවින් රජය වැඩ කළේ ඒ අනුව යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය.
ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මොහොතේ කාන්තා මුලික ප්‍රජා ණය වැඩසටහන් සහමුලින් ම විනාශ කරන ග්‍රාමීය නාගරික ණය මෙන්ම උතුරු නැගෙනහිර වතු ආශ්රිත ප්‍රජාව කේන්ද්‍ර කර ගත් ණය වැඩසටහන් මෙන්ම නාගරික ග්‍රාමීය දුප්පත් ධිවර කෘෂිකාර්මික ජනතාව ඇතුළු මරණාධාර සමිතිය පවා ක්‍රිබ් එකට ගෙනයන වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
රජය ගෙන ආ ගල් අගුරු බාල බව කියා රජය පිළිගැනීම සමගි ජන බලවේගය ලැබූ ජයග්‍රහණයක් බවත් සත්‍ය වශයෙන් මේ ගල් අගුරු වංචාව තුළ අනිවාර්යෙන්ම දූෂණයක් සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
වත්මන් රජය උපාධිධාරීන් ගේ රැකියා විරහිතභාවය උපයෝගී කර ගෙන දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන සාදා එම සංවිධානවල ප්‍රධානීන්ට පත්වීම් දී සෙසු උපාධිධාරීන් අතරමං කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
රජය විසින් නිකුත් කරනු ලබන ඇතැම් ප්‍රකාශ හේතුවෙන් පවතින ප්‍රශ්න දෙගුණ තෙගුණ වන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

