රාජපක්ෂලාට අදාළ එක නඩුවක් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ නැති බවත්, ඒවා විභාග වන මහේස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණවල විනිසුරුවරුන් ගෙන් බහුතරය වයස අවුරුදු 30 - 50 අතර අය යැයි ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
2025 සැප්තැම්බර් 30 වන විට අපේක්ෂිත ඉලක්කයෙන් 117% සපුරාලීමට හැකිවූ බව ශ්‍රී ලංකා රේගු නිලධාරීහු පසුගියදා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පැවසූහ. 2025 සැප්තැම්බර් 30 දිනට අපේක්ෂිත රේගු ආදායම රු. බිලියන 1485 ක් බවත් ඒ අනුව රු. බිලියන 1737ක ආදායමක් මේ වන විට ලැබී ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.
දිට්වා ආශ්රිත ස්වාභාවික විපත් හේතුවෙන් සිදු වූ හානිය හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල හා ජලාපවහන මණ්ඩලය යන ආයතන තුනට ඇස්තමේන්තුගත රුපියල් බිලියන 216 ක යටිතල පහසුකම් අරමුදල් අවශ්‍යතාවයකට මුහුණ දී ඇති බව නිලධාරීන් මෙම සතියේ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුව හමුවේ අණාවරණය විය.
2026 අයවැය මගින් යෝජිත, රාජ්‍ය නිලධාරින්ගේ දේපළ ණය සීමාව ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
රජයේ කාර්යාල සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමේ දී නිලධාරින් ගේ ප්‍රවාහන කටයුතු මෙන් ම කාර්යාල විවෘතව පවත්වාගෙන යෑම සඳහා සැලකිය යුතු තරම් ඉන්ධන ප්‍රමාණයක් භාවිත කෙරන බවත්,
රාජ්‍ය ප්‍රතිපත්තියක් සැකසෙන්නේ මහ ජනතාව ගේ කිසියම් වූ අවශ්‍යතාවක් හඳුනා ගෙන එම අවශ්‍යතාව අනුව වුව ද, වර්තමාන ආණ්ඩුව පමණක් නොව පසුගිය දශක තුණ පමණ ගත් විට කිසිදු ආණ්ඩුවක් රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේ දී මහජන අදහස් විමසා නැතැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
සතුරා ගේ තොරතුරු නිවැරැදිව ලබා ගන්නට නම් ලෝකයේ ඔ්නෑම රටක අනුගමනය කරන පිළිවෙත් දෙකක් ඇති බවත්, ඒ පිළිවෙත් දෙක නම් සතුරු පිල වෙත ගමන් කිරීම හෝ ඒසේත් නොමැති නම් සතුරු පිල සමග සම්බන්ධතා ඇති කර ගැනීම යැයි නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක / විශ්‍රාමික රියර් අද්මිරාල්, ඩී.කේ.පී. දසනායක පැවසී ය.
හෙට (02) සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එක්ව විරෝධතාවක නිරත වීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි. ඒ, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සඳහා ස්ථිර විසඳුම් ලබාදීමට රජය මෙතෙක් අපොහොසත් වී ඇති බැවින් යැයි එම සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසයි.
මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් දැනුවත් කර තිබේ.
මහජනයා විසින් පත්කරනු ලබන පාලකයින් කළ යුත්තේ මහජනයාගේ අනාගත අධ්‍යාත්මික යහපත වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශයට මුදල් වැඩිපුර වෙන් කර, එය ආර්ථික ප්‍රවර්ධනයට ද උපයෝගි කර ගැනීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
රාජ්‍ය සේවකයන් 25,000කට වැඩි පිරිසක් තීරුබදු රහිත වාහන බලපත්‍ර වසර පහකට වැඩි කාලයක් තිස්සේ වාහනයක් ලබා ගැනීමට නොහැකිව නිකරුණේ ළඟ තබාගෙන සිටින බව වාර්තා වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස එස්. ඒ. නිමල් සරණතිස්ස පත් කරන ලදී.
වර්තමානයෙහි පවතින්නේ රාජ්‍යය, රාජ්‍යයට ම එරෙහි ව කැරලි ගසන සමයක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඇප කොන්දේසි කඩ කරමින් මහා සංඝරත්නය ඇතුළු විවිධ පුද්ගලයන්ට අපහාස කරමින් වීඩියෝ මුදාහරිමින් අපහාස කළ බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබූ රාජාංගනය සද්ධාරතන හිමි ගේ ඇප අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් නැවත සලකා බැලීම ලබන අගෝස්තු මස 5 තෙක් කල් තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) නියෝග කළේ ය.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්නට මෙම මස 31 වන දින අධි චෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර නිතී අධ්‍යක්ෂක සුලෝචනා හෙට්ටිආරච්චි අද(28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දැන්වූවා.
හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න සහ හිටපු සභාපති උපාලි ලියනගේට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පනවා ඇති නඩුවේ විමර්ශන කටයුතු අවසන් බැවින් අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දන්වා සිටියේ ය.
අද(17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට අදාළව පරිවාස භාරයේ සිටි සිසුවාගේ හිසට එහි සිටි වෙනත් දරුවකු පහර දීම හේතුවෙන් රාගම රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන බව කුරුඳු වත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.
පසුගිය ජුනි 02වන දාට යෙදුණ ආචාර්ය විශාකා කුමාරි ජයවර්ධන ඇගැයීමේ දී මහාචාර්ය ජයදේව උයන්ගොඩ ‘රැජින ගේ බෝඩිම’ ගැන කීප විටක් සඳහන් කළා. මේ රටේ රැජින ගේ බෝඩිං’ තිබුණේ 1972 මැයි 22 දා තෙක් පමණයි. ඊට පස්සේ එය ආණ්ඩුවේ බෝඩිම බවට පත් වුණා.
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ පසුගිය අප්‍රේල් 21 වෙනදා සිට සම්පූර්ණයෙන්ම අඩාළ වී ඇත.
පාකිස්තානයේ සිට මොරොක්කෝව වෙත ප්‍රති-නැව්ගතකිරීමේ (Transshipment) මුවාවෙන් කොළඹ වරායට රැගෙන ආ බහලුමක සඟවා තිබූ රුපියල් කෝටි 800කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 475ක පමණ විශාල තොගයක් සොයා ගැනීමට ඊයේ (31) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

