පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සහ තවදුරටත් ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත යුතු ද නැද්ද යන්න සම්බන්ධයෙන් වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (2) ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ ඔස්වර්ඩ් පෙරේරා විසින් කරන ලද ඉල්ලීමත් සලකා බැලීමෙන් අනතුරුව ය.
නඩුව කැඳවු අවස්ථාවේදි අනෙක් සැකකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිටියේ සුම් තාක්ෂණය ඔස්සේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් රජයේ නීතිඥ ඔස්වලඩ් පෙරේරා පවසා සිටියේ මෙම සිද්ධියට අදාළව තුන්වෙනි සැකකරු වන සුරේස් සලේ ඇසුරු කළ පුද්ගලයින් සහ නිලධාරීන් ගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇති බවත් එම ප්‍රකාශ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කිරීමට තිබෙන බවයි.
විමර්ශනය ජයග්‍රහණයක් කරා යන්න බැහැ
සිද්ධියට අදාලව තවදුරටත් අධිකරණයට කරුණු දක්වමින් රජයේ නීතිඥවරයා මෙලෙස පවසා සිටියා.
" ස්වාමීනි මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. තුන්වන සැකකරු මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා. එසේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමට අවශ්‍යාවක් තිබෙනවා ද නැත්නම් මුදා හැරිය හැකි ද සම්බන්ධයෙන් ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ස්වාමීනි මෙම සැකකරු මාස තුනකට අධික කාලයක් ජාතික රෝහලේ සිටිනවා. විමර්ශන කටයුතු කරගන්න බැහැ අපිට. එම නිසා විමර්ශනය ජයග්‍රහණයක් කරා යන්න බැහැ."
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගැනීමට ගොස් නැහැ
එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයට කරුණු දැක්වූවා.
" ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා ගෙන් වාර්තාවක් කැඳවීම සම්බන්ධය මම විරුද්ධ වන්නේ නැහැ. නමුත් වෛද්‍යවරු උපදෙස් ලබා දීලා තිබෙනවා. මාගේ සේවා දායකයා ගෙන් මේ වන විට ප්‍රකාශයක් ලබා ගැනීමට හැකි තත්ත්වයක ඔහු සිටින බව. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගැනීමට ගොස් නැහැ. තව ද ස්වාමීනි පෙර නඩු දිනයේ දී වෛද්‍ය මඩුල්ලක් පත් කරා මගේ සේවා දායකයාව නිරීක්ෂණය කිරීමට"
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ එම වෛද්‍ය වාර්තා තවම ලැබී නොමැති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා තුන්වන සැකකරු වන සුරේස් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සහ තවදුරටත් නේවාසිකව ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබිය යුතුද නැද්ද සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළා. අනෙක් සැකකරුවන් දෙදෙනා සැප්තැම්බර් 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.
නඩුව කැඳවු අවස්ථාවේ දී අගතියට පත් පාර්ශවයක් වන ඩයස් බණ්ඩාර අජිත් ශාන්ත ජයතිස්ස නමැත්තා විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ද අද අධිකරණයේ දී කියවා දුන්නා.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 264 වන වගන්තිය ප්‍රකාරව මෙම සිද්ධියට අදාළව අගතියට පත් පාර්ශ්වයක් වශයෙන් එම පුද්ගලයා විසින් කරන ලද ඉල්ලීමෙන් අපරාධමය කරුණක් අනාවරණය නොවන බැවින් එම ඉල්ලීම අද අධිකරණයේ දී ප්‍රතික්ෂේප කළා. වැඩිදුරටත් එම නියෝගයේ සඳහන්ව තිබුණේ මෙම ඉල්ලීම කරන ලද පුද්ගලයා පෙර ද අගතියට පත් පාර්ශවයක් යැයි අධිකරණයට කර තිබෙන ඉල්ලීම් නිෂ්ප්‍රභා කර ඇති බවයි.
සැප්තැම්බර් 15වන දා නඩුව යළි කැඳවීමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
