Image

ශ්‍රී ලාංකේය සජීවීකරණ සිනමාවේ පුරෝගාමියා ගිවන්ත අර්ථසාද් සමුගනී.

ශ්‍රී ලාංකේය සජීවීකරණ සිනමාවේ පුරෝගාමියා ගිවන්ත අර්ථසාද් සමුගනී.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ කාටූන් චිත්‍රපටය ලෙස සැළකෙන 'දුටුගැමුණු' (1979) චිත්‍රපටයේ නිර්මාතෘ ගිවන්ත අර්ථසාද් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී අති අතර, මිය යන විට ඔහු 73 වන වියේ පසු වූයේය.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් මහතාගේ සොහොයුරා වන්නේ ද ඔහු ය.

ශ්‍රී ලංකා සිනමා සහ රූපවාහිනී ඉතිහාසයේ සජීවීකරණ(Animation) සහ දෘශ්‍ය ප්‍රයෝග(Special Effects) අංශයන්හි පුරෝගාමියෙකු ලෙස මෙන්ම සිනමා විද්‍යාඥයෙකු ලෙසද ගිවන්ත අර්ථසාද් සැලකේ.

ඔහු චිත්‍ර කලාව, සජීවීකරණය, කැමරාකරණය, වේශ නිරූපණය, කලා අධ්‍යක්ෂණය සහ සිනමා ව්‍යාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර රැසක් ඔස්සේ නිර්මාණ රැසකට සිය දායකත්වය ලබා දුන්නේය.

ඔහු විසින් රචිත 'සිනමා - මායා' ග්‍රන්ථය සිනමා තාක්ෂණය හා භාෂාව පිළිබඳව ලියවුණු ඉතා වැදගත් කෘතියකි.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසද හෙතෙම කෙටි කලක් සේවය කළේය.

ශ්‍රී ලාංකේය සිනමාවට ප්‍රථම වරට සජීවීකරණ තාක්ෂණය හඳුන්වා දෙමින් නව මානයක් විවර කර දුන් මෙම විශිෂ්ට කලාකරුවාගේ මෙන්ම සිනමා විද්‍යාඥයාගේ නික්ම යාම මෙරට කලා ක්ෂේත්‍රයට ඉමහත් පාඩුවකි.

 



 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න