පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේ දී, නිසි ප්‍රමිතියෙන් යුතුව අවම මිළ ගණන් ඉදිරිපත් කළ ආයතනයෙන් මිලදී නොගෙන, ඩිසයින් පොයින්ට පුද්. සමාගම නැමති ආයතනයෙන් මිලදී ගැනීම සඳහා කටයුතු සැලසීම තුළින් ඉංජනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයට රු. 7,973,114.50 (රුපියල් හැත්තෑ නව ලක්ෂ හැත්තෑ තුන් දහස් එකසිය දාහතරයි ශත පනහ) ක පාඩුවක් හා බාහිර පාර්ශ්වයකට අයුතු සහගත වාසියක් සිදු කර " දුෂණය " නැමති වරද සිදු කිරීම හා ඒ සඳහා '' ආධාර අනුබලදීම '' යන චෝදනාව මත,
හිටපු සමූපාකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ක්ෂේවියර් ප්‍රනාන්දු සහ ඩිසයින් පොයින්ට් පුද්. සමාගමේ හිමිකරු, පටබැඳිගේ හේමන්ත ලලිත් ද සිල්වා යන අයවළුන් 2026.09.04 වන දින පිළිවෙලින් පෙ.ව. 9.25ට සහ පෙ.ව. 9.30ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
