Image

උදයංග වීරතුංග ඇතුළු පිරිසකට එරෙහි නඩුව ජනවාරි හය දක්වා කල් යයි

උදයංග වීරතුංග ඇතුළු පිරිසකට එරෙහි නඩුව ජනවාරි හය දක්වා කල් යයි

මිග්යානා ගෙන්වීමේ දී මූල්‍ය වංචා සිදු කළ බවට වන චෝදනාවලට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පවරනු ලැබ ඇති නඩුව ජනවාරි 6 වන දින යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (2) නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ සිද්ධියට අදාල සැකකරු අද අධිකරණයේ පෙනී සිටිමෙන් අනතුරුව ය.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා පවසා සිටියේ ව්‍යාපාර කටයුත්තක් කරන තැනැත්තෙක් බැවින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සඳහා මාගේ සේවාදායකට විදේශ ගත වීමට අවශ්‍ය බැවින් තාවකාලිකව විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස යි. ඒ අනුව සැකකරුගේ විදෙස් ගමන් තහනම ඉදිරි නඩු දිනය දක්වා තාවකාලිකව ඉවත් කිරීමට අධිකරණය නියම කළා.

ප්‍රශ්නගත මිග්යානා 8ක් ගෙන්විමේ දී මූල්‍ය වංචා සිදුකළ බවට උදයංග වීරතුංග ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම නඩුව නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බැවින් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටියා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න